SLT-MOBITEL COVID-19 පීඩා­වට පත් ජන­තා­වට සහන | Page 3 | සිළුමිණ

SLT-MOBITEL COVID-19 පීඩා­වට පත් ජන­තා­වට සහන

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මාදුරු ඔය හමුදා පුහුණු පාසල සහ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග එක්වී, COVID-19 සංචරණ සීමාවන් නිසා පීඩාවට පත් පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශ වල ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමට පසුගියදා කටයුතු කළේය.

ඒ අනුව, තම එදිනෙදා මූලික අවශ්‍යතාවන් පවා සපුරාගත නොහැකිව දුෂ්කර තත්ත්වයකට පත්වී සිටි පවුල් 450 කට, රු. 2,500 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් සහන මලු බෙදාදීම සිදුකරන ලදි.

වසංගත රෝග ව්‍යාප්තිය හේතුවෙන් රටට මුහුණ දීමට සිදුවී ඇති දුෂ්කරතා අවම කිරීම සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැංවීමට SLT-MOBITEL මේ වනවිට කටයුතු කර ඇත. සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයට සහයෝගය ලබාදීම, සෞඛ්‍ය උපාංග ප්‍රදානය කිරීම, පුද්ගල ආරක්ෂක උපාංග පරිත්‍යාග කිරීම, නිරෝධායන මධ්‍යස්ථාන සඳහා සම්බන්ධතා විසඳුම් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම සහ, අඛණ්ඩව සන්නිවේදන සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන වලට සහය වීම ඇතුළු පියවර රාශියක් එයට ඇතුළත් ය.

මීට අමතරව වෙසක් උත්සවයට සමගාමීව, COVID-19 හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 'දාන පාරමිතා' නමින් විශේෂ වැඩසටහනක් දියත් කිරීමටද SLT-MOBITEL කටයුතු කළේ ය. 'YES' ලෙස ටයිප් කර 255 අංකයට SMS යොමුකිරීම මඟින් SLT-MOBITEL පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයන්ට මේ සඳහා මුදල් පරිත්‍යාග කළ හැකි වේ. මෙම සෑම SMS පණිවිඩයක් සඳහාම රු. 50 ක මුදලක් අය කෙරෙන අතර, එලෙස එක්රැස් වන මුදලට සමාන මුදලක් පරිත්‍යාග කරමින් අරමුදල දෙගුණ කිරීමට SLT-MOBITEL කටයුතු කරයි. මෙම මුදල් මෙරට විපතට පත් ජනතාව වෙත වියළි සලාක, සෞඛ්‍ය උපාංග සහ සහන මලු ආදිය බෙදාදීම සඳහා භාවිතා කෙරේ.

Comments