කාන්තා හිතකාමී සේවා ස්ථානයක් | සිළුමිණ

කාන්තා හිතකාමී සේවා ස්ථානයක්

 

 


බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය පසුගියදා පැවැති 2023 Women-Friendly Workplace Awards හි දී තවත් ශ්‍රී ලාංකික සමාගම් 9ක් සමඟ ‘වඩාත් විශිෂ්ටතම කාන්තා හිතකාමී සේවා ස්ථාන’ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. AICPA, Chartered Institute of Management Accountants (CIMA) සහ SATYN Magazine එක්ව මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද අතර, එහි දී ස්ත්‍රී පුරුෂ සමානත්වය සහ කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් දක්වන ලද මහඟු දායකත්වය අගයමින් බ්‍රැන්ඩික්ස් වෙත මෙම සම්මානය පිරිනමන ලදි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයනකරු වන බ්‍රැන්ඩික්ස්, කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් මෙන්ම ඔවුන්ගේ යහපැවැත්ම, වෘත්තීය දියුණුව හා අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කර තිබේ.

Comments