ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයෙන් නව යෝජනාවක් | සිළුමිණ

ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයෙන් නව යෝජනාවක්

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ පුරෝගාමි ආයතනයක් වන ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් “Sri Lanka Gemstone Hub Strategy Sapphire Capital of the World” යෝජනාව පසුගියදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති උත්සව අවස්ථාවකදී රජය වෙත ඉදිරිපත් කරන ලදි.

මෙම උත්සව අවස්ථාව අමතමින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති අජ්වර්ඩ් ඩීන් මෙසේ ප්‍රකාශ කළේය. “අප අද මහත් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන ලද මෙම සංකල්පයන් නිර්මාණය වූයේ මාස ගණනක් පුරාවට වෙහෙස මහන්සියෙන් සහ දූරදර්ශී දැක්ම සහිතව සිදු කළ අපගේ සහයෝගීතාවයේ ප්‍රයත්නයක් ලෙසයි. අප වැදගත් පියවරක් මෙලෙස ඉදිරියට තබන මොහොතක මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නඟා සිටුවීම වෙනුවෙන් කැපවී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ දූරදර්ශී අභිප්‍රායයන් සමඟ අපගේ අරමුණු ද පෙළගස්වා ගැනීමට හැකි වීම අප ලද සුවිශේෂී භාග්‍යයක්.’’

Comments