Bodyline මලල ක්‍රීඩකයන් සවිබල ගන්වයි | සිළුමිණ

Bodyline මලල ක්‍රීඩකයන් සවිබල ගන්වයි

ඉහළ කාර්යසාධනයක් සහිත ක්‍රීඩා ඇඟලුම් නිෂ්පාදනයේ ගෝලීය ප්‍රමුඛයා වන MAS Holdings හි අනුබද්ධිත Bodyline ආයතනය, 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට පෙර ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා කණ්ඩායම වෙනුවෙන් අතිනවීන ක්‍රීඩා ඇඟලුම් සඳහා අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය (SLAA) සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කළේය. මෙම සහයෝගීතාවයේ කොටසක් ලෙස, ඔලිම්පික් ක්‍රීඩාවලට ප්‍රථමයෙන් වන සියලුම සංචාර සඳහා බොඩිලයන් විසින් උසස් තත්ත්වයේ විශේෂිත ක්‍රීඩා ඇඟලූම් සපයනු ඇත.

Bodyline විසින් නිෂ්පාදනය කරන ලද ක්‍රීඩා ඇඟලුම්, MAS හි දශක ගණනාවක ප්‍රවීණතාවයෙන් ආභාසය ලබන අතර ඒ සඳහා නවතම තාක්ෂණයන් ඒකාබද්ධ කරයි. ඇඟලුම්වල ඇති ආකර්ෂණීය රටා ශ්‍රී ලංකාව නියෝජනය වන පරිදි නිල් සහ රන්වන් වර්ණයන්ගෙන් සමන්විත වේ. එමෙන්ම ශක්තිය, නවෝත්පාදනය සහ ඔරොත්තු දීමේ හැකියාව සංකේතවත් කිරීම සඳහා ඇතා සහ සිංහයා ඒකාබද්ධ කරන ”ගජසිංහ” රූපය ද මෙම ඇඟලුම්වල අන්තර්ගතය. පස්වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම අභිමානයෙන් යුතුව ගජසිංහ රුව සහිත නිර්මාණය ප්‍රදර්ශනය කරන ලදි.

මෙම අනුග්‍රහය මගින් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ව සවිබල ගැන්වීම සඳහා වන Bodyline හි කැපවීම අවධාරණය කරයි.

Comments