මුහු­ණු­පොත කැළඹූ වල­ල්ලා­විට අව­න­ඩුව | Page 2 | සිළුමිණ

මුහු­ණු­පොත කැළඹූ වල­ල්ලා­විට අව­න­ඩුව

දසුන් විසින් මුහුණුපොතේ පළකළ දිරාපත් වෙමින් තිබෙන වාහන
දසුන් විසින් මුහුණුපොතේ පළකළ දිරාපත් වෙමින් තිබෙන වාහන

විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය­ව­ලට අම­ත­රව මුහු­ණු­පොත ද දැන් කදිම සන්නි­වේ­දන මාධ්‍ය­යක් බවට පත්වී අව­සන්ය. හොඳ මෙන්ම නරක පුවත් ද මුහු­ණු­පොත තුළින් ලොව පුරා සැරි සරයි. පසු­ගි­යදා වල­ල්ලා­විට තරු­ණ­යකු මුහු­ණු­පොතේ තැබූ සට­හ­නක් දැන් ආන්දෝ­ල­නා­ත්මක පුව­තක් බවට පත්වී තිබේ.

දසුන් කාවින්ද මධු­වන්ත නම් ඔහු තම මුහු­ණු­පොතේ සැප්තැ­ම්බර් 1 වැනිදා සට­හ­නක් තබා තිබුණේ “අති­ගරු ජනා­ධි­පති තුමනි, ඔබේ අව­ධා­නය පිණි­සයි ”යන උද්ධෘත පාඨ­යද සම­ඟිනි. ඒ යටතේ ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබුණේ “වල­ල්ලා­විට ප්‍රාදේ­ශීය සභාවේ අද වන විට වටිනා වාහන ප්‍රමා­ණ­යක්, යන්ත්‍ර­සූත්‍ර විශාල ප්‍රමා­ණ­ක­යක් දිරා­පත් වෙමින් පවතී. කාර්මික දෝෂ නිසා පැත්ත­කට විසික් කරලා තිබෙන මෙම වටිනා යන්ත්‍ර­සූත්‍ර, යාන­වා­හන යථා තත්ත්ව­යට ගෙන මහ­ජ­න­තා­වට සේවය කිරීම සඳහා වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කරන මෙන් ඉල්ලා සිටිමි” යනු­වෙනි. එම සට­හන සමඟ ඔහු දිරා­පත් වන වාහ­න­වල ඡායා­රූප කිහි­ප­යක්ද එක්කර තිබිණ. දසුන් මධු­ව­න්තගේ එම ‍ෆේස්බුක් සට­හන අන්ත­ර්ජා­ලය ඔස්සේ සංස­ර­ණය වීමත් සමඟ ඒ සම්බ­න්ධ­යෙන් ප්‍රති­චාර රැසක්ද ලැබෙ­න්නට විය. බොහෝ දෙනකු දසුන් හෙළි­කළ පුවත පිළි­බඳ ඔහුට ප්‍රසා­දය පළ­ක­ර­මින් කර­න්නට වූහ.

දසුන් මුහුණුපොතේ පළකළ සටහන

එවැනි පසු­බි­මක් තුළ එම පුවත පිළි­බඳ වල­ල්ලා­විට ප්‍රාදේ­ශීය සභාවේ බල­ධා­රීන්ගේ අව­ධා­න­යද යොමු වූයේ එම පුවත ඍජු­වම එම ප්‍රාදේ­ශීය සභාව ඉලක්ක කර­ග­ත්තක් වූ නිසාය. අව­සා­නයේ සිදු වූයේ දසුන් මධු­වන්ත තරු­ණ­යාට විරු­ද්ධව වල­ල්ලා­විට ප්‍රාදේ­ශීය සභාවේ ලේක­ම්ව­රයා විසින් මීග­හ­තැන්න පොලි­සි­යට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කිරී­මයි. අන­ව­ස­ර­යෙන් වල­ල්ලා­විට ප්‍රාදේ­ශීය සභා භූමි­යට ඇතුළු වීම, ප්‍රාදේ­ශීය සභා භූමියේ පැවති දේප­ළක් වීඩි­යෝ­ගත කිරීම සහ ඡායා­රූප ගැනීම, සමාජ මාධ්‍ය හරහා ඒ පිළි­බඳ හෙළි­ද­රව් කිරීම ආදී කරුණු හේතු­වෙන් එම ප්‍රාදේ­ශීය සභා­වට විශාල අප­කී­ර්ති­යක් සිදු­වෙ­මින් පව­තින බව එම පැමි­ණිල්ල තුළින් දසුන්ට චෝදනා කර තිබිණ.

දසුන් මුහු­ණු­පොතේ තැබූ සට­හන මඟින් කළ හෙළි­ද­රව්ව නිසා ඔහුට විරු­ද්ධව ප්‍රාදේ­ශීය සභාව පොලි­සි­යට පැමි­ණිලි කිරීම ගැන සමාජ මාධ්‍ය­ව­ලින් පම­ණක් නොව විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළින් ප්‍රචා­රය වීමත් සමඟ එය මේ වන විට ආන්දෝ­ල­නා­ත්මක සිදු­වී­මක් බවට පත්ව තිබේ. ඒ පිළි­බඳ අද­හස් දක්වන බොහෝ දෙනකු පව­සන්නේ දසුන් සිදු කර ඇත්තේ සමා­ජ­යට අහි­ත­කර කට­යු­ත්තක් නොවන බවයි. ඒ සම­ඟම දසුන් කවුද යන්න පිළි­බඳ බොහෝ දෙනාගේ අව­ධා­නය යොමු වන්නට පටන් ගත්තේය.

දසුන් කාවින්ද මධු­වන්ත නොහොත් හිරිය මුල්ල විතා­නගේ දසුන් කාවින්ද මධු­වන්ත ගේ වයස අවු­රුදු 22කි. ඔහුගේ පියා හිරිය මුල්ල විතා­නගේ චන්ද්‍ර­සේන ය. මව නාක­න්ද­ලගේ දෝන කාන්ති ය. දසුන් පවුලේ එකම දරුවා ය. දසුන් කුඩා වියේ­දීම ඔහුගේ පියා හදි­සියේ මෙලො­වින් සමු­ගෙන ගොස් ඇති අතර මව කාන්ති වසර 16ක් තිස්සේ වල­ල්ලා­විට කර්මා­න්ත­ශා­ලා­වක සේවය කර­මින් දසුන් හදා­වඩා ගත්තාය. වල­ල්ලා­විට මහා විද්‍යා­ලයේ ඉගෙ­නුම ලැබූ දසුන් 2015 වස­රේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිටියද වැඩි­දුර ඉගෙ­නී­මට ඔහුට අව­කාශ සැලසී නැත.

“ වැඩි­දුර ඉගෙන ගන්න මට ආශා­වක් තිබු­ණත් උග­න්වන්න විය­දම් කරන්න අම්මට තව­දු­ර­ටත් දුකක් දෙන්න බැරි නිසාම මම පාසල් අධ්‍යා­ප­න­යට ආයු­බෝ­වන් කිව්වා. මහින්ද රාජ­පක්ෂ, බැසිල් රාජ­පක්ෂ සහ ගෝඨා­භය රාජ­පක්ෂ ඇතුළු රාජ­ප­ක්ෂ­ව­රුන්ට මම හරිම ආද­රෙයි. මගේ එකම හීනය රැකි­යා­වක් කරලා මගේ ආද­ර­ණීය අම්මව ඇස් දෙක වගේ බලා­ගන්න එකයි. සුරා­සූ­දු­වෙන් තොර මම පුංචි කාලේ ඉඳ­ලම ගල­පි­ට­ගල විහා­ර­ස්ථා­නයේ දහම් පාසලේ දහම් අධ්‍යා­ප­නය ලැබුවා. ප්‍රදේ­ශයේ යෞවන සමා­ජයේ සංවි­ධා­යක වර­යෙක් විදි­හට ගමේ සුභ­සා­ධක වැඩ කට­යු­තු­ව­ලට දායක වෙනවා. මම යොවුන් පාර්ලි­මේ­න්තු­ව­ටත් ඉදි­රි­පත් වුණා. මත්ද්‍රව්‍ය නිවා­ර­ණය, තොර­තුරු තාක්ෂණ වගේ ක්ෂේත්‍ර­යක රැකි­යා­වක් කරන්න මම කැම­තියි. පහු­ගිය කාලයේ කොරි­යාවේ රැකි­යා­ව­කට යෑමේ බලා­පො­රො­ත්තු­වෙන් මම කොරි­යානු භාෂා­වත් හැදෑ­රුවා. නමුත් කොරෝනා වසං­ග­තය එක්ක ඒකත් සිහි­න­යක් වුණා. රටට බරක් නැති ආද­ර්ශ­වත් ජීවි­ත­යක් ගත කරන එකයි මගේ බලා­පො­රො­ත්තුව ”

දසුන් ඔහු ගැන එසේ කීවේය. මුහු­ණු­පො­තට එක් කළ සට­හන ගැනද අප දසු­න්ගෙන් විම­සු­වෙමු.

“මහේන්ද්‍රා මොනාරෝ ලොරි­යක්, ජේ.සී.බී රථ­යක් ලොකු ට්‍රැක්ටර් දෙකක්, ලෑන්ඩ්මා­ස්ටර් ට්‍රේලර් දෙකක්, ජෙන­රේ­ටර් එකක් ප්‍රාදේ­ශීය සභාවේ දිරා­පත් වෙමින් තිබෙන බව දැක්කා. ඒවා­යින් වැඩක් ගන්නෙ නැද්ද කියලා විම­සුවා. ඒත් ඵලක් වුණේ නැහැ. ඒ නිසයි අන්ති­මේදී මුහු­ණු­පොත හරහා දූෂණ විරෝධී ජනා­ධි­ප­ති­තු­මාගේ අව­ධා­නය සඳහා මේ සිද්ධිය යොමු කළේ. දැන් ප්‍රාදේ­ශීය සභාව කල­බල වෙලා. යෝජ­නා­වක් සම්මත කර­ගෙන තියෙ­නවා ඒ වාහන වෙන්දේසි කරන්න කියලා. සැප්තැ­ම්බර් 15 වැනිදා ප්‍රාදේ­ශීය සභාවේ තිබුණු රැස්වී­ම­කදී තමයි ඒ බව තීර­ණය කරලා තියෙන්නේ. සැප්තැ­ම්බර් 8, 11 දවස් දෙකේම මාව මීග­හ­තැන්න පොලි­සි­යට කැඳෙව්වා. ඒ දවස් දෙකේම පැමි­ණිල්ල දාලා තිබුණු අය ඇවිත් හිටියෙ නැහැ. පොලිස් කොස්තා­පල් සරත් රාලා­හාමි මට කිව්වා ෆේස්බුක් එකෙන් ඒ පෝස්ට් එක අයින් නොක­ළොත් මට විරු­ද්ධව නඩු පව­රන්න වෙනවා කියලා. ඒ වෙලාවේ මම කිව්වා නඩු පව­රන්න මම අප­රා­ධ­යක් කරලා නැහැ. ඒ නිසා මම බය නැහැ. මම වෙනු­වෙන් විශාල පිරි­සක් ඉන්නවා. මම ඒ සිද්ධිය හෙළි කළේ ගමට, රටට, ජනා­ධි­ප­ති­තු­මාට තියෙන ආද­රය නිසයි. මම ජනා­ධි­ප­ති­තු­මා­ගෙන් ඉල්ලන්නේ මෙහෙම නාස්ති­වෙන දේවල් පිළි­බඳ හොයලා බලලා විස­ඳුම් ලබා දෙන්න කිය­ලයි”

වල­ල්ලා­විට ප්‍රාදේ­ශීය සභාවේ හා පළාත් පාලන නියෝ­ජිත සම්මේ­ල­නයේ සභා­පති උදේනි අතු­කෝ­රළ එම සිදු­වීම ගැන පළ කළේ මෙවැනි අද­හ­සකි.

“ගම් උදාව කාලයේ ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­තුමා දීපු වාහ­න­ය­කුත් ඔතන තියෙ­නවා. මේවා අපේ භූමියේ තිබු­ණාට අපට අයිති නැහැ. අපි සභා­වට පව­රා­ගෙන වෙන්දේසි කරන්න හදන්නේ මේවා ගර්හිත තත්ත්වයේ වාහන ආදිය නිසයි. දසුන් කියන තරුණ දරුවා සමඟ පෞද්ග­ලි­කව මගේ කිසිම ගැටු­මක්, අම­නා­ප­යක් නැහැ. ඔය අය පහු­ගිය කාලේ මට සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිග­ටම පහර ගැහුවා. මඩ ප්‍රචාර ගෙන­ගියා. මම ඒවාට පළි ගන්නේ නැහැ. ඒ වුණාට ඔහු මේවා ෆේස්බුක් එකේ දාලා සභා­වට අප­කී­ර්ති­යක් කරලා තියෙ­නවා. මම සභාවේ ලේක­ම්තු­මාට කිව්වා නීත්‍යා­නු­කූල ක්‍රියා­මා­ර්ග­යක් ගන්න කියලා. එහෙම නැතිව නඩු දාන්න, පොලිසි යන්න කියලා මම කව­දා­වත් බල­පෑම් කළේ නම් නැහැ. රාජ්‍ය ආය­ත­න­ය­කට ඇතුළු වෙලා ඡායා­රූප ගැනීම, මඩ ප්‍රචා­රය කිරීම හොඳ දෙයක්ද? යහ­පත් ආක­ල්ප­ය­කින් කළා කිය­නවා නම් ඇයි පහු­ගිය ඡන්දෙදි මට දිග­ටම මඩ ගැහුවේ.”

වල්ලා­විට ප්‍රාදේ­ශීය ලේකම් ජාලිත සිසිර කුමාර මහ­තා­ගෙන්ද අප එම සිදු­වීම ගැන විම­සු­වෙමු.

“එතැන කෝටි­යක් වටිනා වාහන නැහැ. අපිට අයිති නැති වාහ­නත් තියෙ­නවා. පසු­ගිය 15වැනිදා සභවේ යෝජ­නා­වක් සම්මත කර­ගත්තා වාහන 2ක් සභා­වට පව­රා­ගෙන වෙන්දේසි කළ යුතුයි කියා. රජයේ දේපළ ආවා­ට­ගි­යාට හිතූ හැටි­යට පාවිච්චි කර­න්නට බැහැ. අපි ඔය වාහන අයිති කාටද කියලා සොය­නවා. අපි කියන්නේ ඔය මුහු­ණු­පොතේ තියෙන කතාව නිසා අපේ සභා­වට අප­කී­ර්ති­යක් වෙනවා කිය­ලයි. ෆේස්බුක් සට­හන් සහ ඡායා­රූප අයින් කරලා අපේ ප්‍රකාශ සමඟ පළ කරන්න කිය­ලත් කිව්වා. ඔය වාහන ජන­තා­වගේ බදු මුද­ල්ව­ලින් ගත්ත ඒවා , මානව හිමි­කම් යනවා කිය­ලත් දසුන් කිව්වා. පොලි­සි­යට පැමි­ණිලි කළේ අපට වුණු අග­තිය ඉවත් කර ගැනී­ම­ටයි. මේ ගැන සම­ථ­ය­කට පත්වන්න පුළු­වන් නිවැ­රදි කරු­ණුත් සමඟ මුහු­ණු­පොතේ යළිත් පළ කරන බවට එක­ඟ­වෙලා එය කළොත් විත­රයි.”

දසුන් විසින් මුහුණුපොතේ පළ කළ දිරාපත් වෙමින් තිබෙන වාහන

උප සභා­පති නිලන්ත ප්‍රදීප් කුමාර මෙසේ සඳ­හන් කළේය.

“දසුන් මුලින්ම ප්‍රාදේ­ශීය සභා­වට ආවේ මා සම­ඟයි. ඔහු මගේ ඥාති­යෙක්. දිරා­පත් වන වාහන පිළි­බඳ සභා­වට යෝජ­නා­වක් දාන්න කියලා ඔහු අපිට කියලා නැහැ. ඔහු සමඟ මගේ පෞද්ග­ලික අම­නා­ප­යක් නැහැ. ”

මීග­හ­තැන්න පොලිස් ස්ථානා­ධි­පති ආරි­ය­රත්න මහතා පැව­සුවේ ලබන 21 වැනි සඳුදා මේ සිද්ධිය පිළි­බඳ විභාග වන බවයි. යම් ආය­ත­න­යක සිදු වන නාස්ති­යක්, දූෂ­ණ­යක් පිළි­බඳ හෙළි­කි­රීම නඩු පැව­රී­මට තරම් කාර­ණා­වක් වන්නේ කෙසේ­දැයි බොහෝ දෙනකු ප්‍රශ්න කරති. රාජ්‍ය ආය­ත­න­යට අව­සර නැතිව ඇතුළු වීමෙන්, එහි දේපළ ඡායා­රූ­ප­ගත කිරී­මෙන් දසුන් කර ඇත්තේ වර­දක් නම් එය අධි­ක­ර­ණය දක්වා යා හැකි වර­දක්ද? මේ සියලු කරුණු කාරණා ගැන ජන­තාව අව­දි­යෙන් සිටිති.

Comments