සුව හමුව | සිළුමිණ

සුව හමුව

පිළි­තුරු සැප­යීම - කායික රෝග විශේ­ෂඥ වෛද්‍ය වරුණ ගුණ­ති­ලක

 

විය­පත් මවට පෝෂණ අති­රේක අවැ­ද­ගත්ද?

ප්‍රශ්නය :- මගේ මව 80 හැවි­රිදි නිර්මාංශ ආහාර ගන්නා අයෙකි. ඇයට අධි රුධිර පීඩ­නය සහ වෘද්ධ­භා­වය හේතු­වෙන් ඇති වන ආබාධ හැරුණු කොට සැල­කිය යුතු මට්ටමේ රෝග­යක් නැත. මාස 3 කට වරක් ඇයව කායික රෝග විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­ය­කුට පෙන්වමි. වෛද්‍ය­ව­රයා විසින් ඇයට ප්‍රෝටීන් වැඩි ප්‍රමා­ණ­යක් අඩංගු කිරි­පිටි වර්ග­යක් නිර්දේශ කළ අතර වසර 2කට ආසන්න කාල­යක් පුරා එය පාවිච්චි කරයි. එහෙත් මෑතක හදි­සියේ සාමාන්‍ය වෛද්‍ය­ව­ර­ය­කු­ගෙන් මවට ප්‍රති­කාර ගැනී­මට සිදු විය. එහිදි ඔහු පැව­සුවේ මව පානය කරන විශේෂ කිරි­පිටි වර්ගය නව­ත්වන ලෙසයි. අන­වශ්‍ය ආකා­රයේ ශක්ති­යක් සිරු­රට ලබා දීමෙන් ශක්තිය පිට කර ගැනී­මට නොහැ­කිව සි‍රුරේ වේද­නා­වක් ඇති වන බව ඔහුගේ අද­හස විය. එහෙත් කායික රෝග විශේ­ෂඥ වෛද්‍ය­ව­රයා එය නිර්දේශ කළේ වය­ස්ගත වීමේදී ආහාර ජීර­ණය සඳහා අවශ්‍ය එන්ස­යිම ක්‍රියා­කා­රි­ත්වය අඩ­පණ වන හෙයින් ආහා­ර­ව­ලින් සම්පූර්ණ පෝෂ­ණය නොලැ­බීම නිසා දියර වර්ග­ව­ලින් පෝෂ­ණය ලබා දීම වැද­ගත් වන බව පැහැ­දිලි කර­මිනි. වෛද්‍ය­ව­රුන් දෙදෙ­නාගේ මත 2ක් නිසා අසී­රු­තා­වට පත් වී සිටිමි. වෛද්‍ය උප­දෙ­සක් බලා­පො­රොත්තු වෙමි.

ගම්පහ - අනු­රාධා හේම­මාලි ගුණ­සිංහ

පිළි­තුර :- විය­පත් වීමත් සමඟ ජීව විද්‍යා­ත්ම­කව වෙන­ස්කම් සිදු­වීම සාමාන්‍ය දෙයකි. නින්ද, ආහාර ජීර­ණය, හෘද ක්‍රියා­කා­රී­ත්වය වය­ස්ගත වීමේදී වෙනස් වේ. ආහාර ජීරණ පද්ධ­තියේ වෙන­ස්කම් සමඟ සිරු­රට අවශ්‍ය පෝෂණ අව­ශ්‍යතා සපු­රා­ලීම වර්ත­මා­නයේ පෝෂ­ණ­වේ­දින්ගේ අභි­යෝ­ග­යකි. වයෝ­වෘද්ධ අය ආහාර ගන්නේ ඉතා අඩු­වෙනි. එබැ­වින් දෛනි­කව අවශ්‍ය වන පෝෂණ පදාර්ථ දියර වර්ග­ව­ලින් ලබා ගැනීම සුදු­සුය. ජීව විද්‍යා­ත්මක වෙන­ස්ක­ම්ව­ලට මුහු­ණ­දීම සඳහා සාන්ද්‍ර­ණ­යක් ලෙස සිරු­රට ගැළ­පෙන ආකා­ර­යට පෝෂණ අති­රේක ලබා ගැනීමේ වර­දක් නැත. මෙහිදි ඔබ මවට ලබා දෙන කිරි­පිටි වර්ගය නිසි ප්‍රමි­ති­යෙන් යුක්ත­දැයි සොයා බැලීම වටී. මන්ද ඇතැම් පෝෂණ අති­රේ­ක­වල ඒවායේ සඳ­හන් කර ඇති පෝෂ්‍ය පදාර්ථ නිසි පරිදි අඩංගු වී නොමැති නිසාය. ඒ හැර නිර්මාංශ ආහාර ගන්නා විය­පත් මවට පෝෂ­ණ­යෙන් යුතු කිරි­පිටි වර්ග­යක් දීමේ වර­දක් නැත.

 

අධි රුධිර පීඩන පෙති මාරු කළ යුතුද?

ප්‍රශ්නය :- මම අධි රුධිර පීඩ­න­යෙන් පෙළෙන 72 හැවි­රිදි විශ්‍රා­මික ගුරු­ව­ර­යෙක්මි. මම වසර 12ක පටන් අධි­රු­ධිර පීඩ­නය සඳහා නිෆි­ඩි­ෆින් ඖෂ­ධය භාවිත කරමි. මෑතක පුතාගේ නිව­සට ගිය අව­ස්ථා­වක පුතාගේ වෛද්‍ය මිතු­රකු මට පැව­සුවේ නිෆි­ඩි­ෆින් දීර්ඝ කාල­යක් පාවිච්චි කිරී­මට නුසු­දුසු බවයි. දීර්ඝ කාලී­නව භාවිත කිරීම සඳහා ලොසා­ර්ටන් වර්ග­යට අයත් ඖෂ­ධ­යක් පාවිච්චි කළ යුතු බව ඔහු සඳ­හන් කළේය. මේ පිළි­බ­ඳව පැහැ­දිලි කිරී­මක් බලා­පො­රොත්තු වෙමි.

මාතලේ - බන්දුල දිසා­නා­යක

පිළි­තුර :-‍‍ ඕනෑම ඖෂ­ධ­යක් වෛද්‍ය­ව­ර­යකු ලබා දීමට තීර­ණය කරන්නේ කරුණු රාශි­යක් සලකා බැලී­මෙනි. ලෙඩාගේ රෝගි තත්ත්වය, රෝගියා ලබා ගන්නා අනෙ­කුත් ඖෂධ වර්ග ඇතුළු කරුණු රාශි­යක් කෙරෙහි වෛද්‍ය­ව­රයා අව­ධා­නය යොමු කරනු ඇත. අනෙක, ඕනෑම ඖෂ­ධ­යක් දීර්ඝ­කා­ලී­නව භාවිත කිරී­මේදී සුළු අතුරු ආබා­ධ­යක් හෝ ඇති විය හැකිය. ඔබ පවසා ඇති පරිදි අධි­රු­ධිර පීඩ­න­යට දෙන ඖෂ­ධ­වල වෙන­ස්කම් තිබේ. සම­හර ඖෂධ සිරු­රට උරා ගන්නේ ඉතා සෙමෙනි. සම­හර ඖෂධ ක්ෂණි­කව ශරී­ර­යට අව­ශෝ­ෂ­ණය වේ. එබැ­වින් එක් ඖෂ­ධ­යක් හොඳ හෝ අනෙක් ඖෂ­ධය නොහොඳ යැයි එක එල්ලේ පැව­සිය නොහැ­කිය. ඔබේ රෝගි තත්ත්වය, පාවිච්චි කරන අනෙක් ඖෂධ වැනි කරුණු ගණ­නා­වක් කෙරෙහි අව­ධා­නය යොමු කර ඔබේ වෛද්‍ය­ව­රයා ඔබට ඖෂධ නියම කර ඇති නිසා ඖෂධ පිළි­බ­ඳව උප­දෙස් ලබා ගත යුත්තේ ඔබට ඖෂධ ලබා දුන් වෛද්‍ය­ව­ර­යා­ගෙනි.

රත කල්කය අත්‍ය­වශ්‍ය ද?

ප්‍රශ්නය :- මගේ දිය­ණි­යගේ වයස මාස 7කි. ඇයගේ මුහුණ සහ අත් පා රත් පැහැ ගැන්වී තිබේ. අධික ලෙස දහ­දිය දමයි. සම­හර අව­ස්ථා­වල නොන­වත්වා යටි­ගි­රි­යෙන් හඬයි. දහ­දිය බිබිළි ද මතු වී තිබේ. මගේ මව පව­සන්නේ දිය­ණි­යට රත කල්කය දිය යුතු බවයි. එහෙත් රත කල්කය දීමට මගේ සැමියා කැමති නැත. දිය­ණි­යට රෝගී තත්ත්ව­යක් තිබේද? එය කුඩා දරු­වන්ගේ සාමාන්‍ය ස්වාභා­ව­යද?

දොර­ටි­යාව - හිරුණි ශාක්‍යා විජේ­සිංහ

පිළි­තුර :- ඔබේ දිය­ණි­යව ළමා රෝග විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු වෙත හෝ චර්ම රෝග විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු වෙත යොමු කිරීම ඉතා­මත් වැද­ගත් වේ. සමක ගැට­ලු­ව­කට පරීක්ෂා කර බැලී­ම­කින් තොරව පුව­ත්ප­තක් මඟින් පිළි­තුරු ලබා දීම අසී­රුය.

දත් දිරා­යෑම ගැට­ලු­වක්

ප්‍රශ්නය :- මගේ පුතුගේ වයස අවු:16කි. පුතුගේ දත් දිරා­යෑම ඉතා වේග­යෙන් සිදුවේ. පුතු ළදරු පාසල් යන කාලයේ පටන් දත් පිර­වීම සිදු කළ අතර එක් දතක් පිර­වී­මට ගිය විට තවත් දතක් පිර­වී­මට සිදු විය. දන්ත විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­ය­කු­ගෙන් පුතුගේ දත් දිරා­යෑම ගැන විමසූ විට ඔහු නිශ්චිත පිළි­තු­රක් දුන්නේ නැත. අඩුම වශ­යෙන් දත් දිරා යෑම රැක ගැනීම සඳහා විශේ­ෂ­යෙන් පිළි­පැ­දිය යුතු උප­දෙ­ස­ක්වත් දුන්නේ නැත. ඔබ දන්ත වෛද්‍ය විශේ­ෂ­ඥ­ව­ර­යකු නොවූ­වත් පුතුගේ දත් දිරා­යෑම වැළැ­ක්වී­මට වෛද්‍ය උප­දෙ­සක් බලා­පො­රොත්තු වෙමි.

නොච්චි­යා­ගම - අනුෂා සිරි­ව­ර්ධන

පිළි­තුර :- ඔබ පවසා ඇති ආකා­ර­යට පුතුගේ දත් දිරා­යෑ­මට බල­පාන විශේෂ හේතු­වක් තිබිය යුතුය. මුඛ සෞඛ්‍ය පුරුදු, පෝෂණ ඌනතා හෝ වෙනත් හේතු­වක් නිසා කුඩා­වියේ පටන් දත් දිරා යෑම සිදු වන බවට අනු­මාන කළ හැකිය. එබැ­වින් ඔබට ළඟම පිහිටි අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහලේ දන්ත සාය­න­යට පුතුව රැගෙන ගොස් නොප­මාව දන්ත වෛද්‍ය­ව­ර­යකු හමුවී උප­දෙස් ලබා ගත යුතුය.

Comments