මැණික් ගඟේ කිඹුලන් මවන හෝටල්කාරයන්ගේ කිඹුල් මන්තරේ | Page 2 | සිළුමිණ

මැණික් ගඟේ කිඹුලන් මවන හෝටල්කාරයන්ගේ කිඹුල් මන්තරේ

ව පළාතේ පිහිටි නමු­නු­කුළ කන්දෙන් ආරම්භ වී වියළි කාෂ්ටක ප්‍රදේශ රැසක් ජල­යෙන් තෙත් කර­මින් සහ වගා­බිම් රැසක් සරු කර­මින් කිලෝ මීටර් 150ක් දුර ගෙවා ඓති­හා­සික කත­ර­ගම පුජා භූමි­යද පසු කර­මින් ඉතා පාරි­ශු­ද්ධ­ත්ව­යෙන් යුතුව ගලා බසින මැණික් ගං කොම­ලිය මුහු­දට ගලා බසින්නේ ශුද්ධ වු ජලය ඇති පුජ­නීය වු ගංගා­වක් ලෙසයි.

ලංකාවේ පිහිටි ගංගා අත­රින් පූජ­නීය ගංගා­වක් ලෙසත් හා ශුද්ධ වූ ජල­යක් ඇති ගංගා­වක් ලෙසත් වන්ද­නා­වට ලක් වන එකම ගංගාව මැණික් ගඟය. අනා­දි­මත් කාල­යක සිට කත­ර­ගම වන්ද­නාවේ පැමි­ණෙන බැති­මත්හු මැණික් ගඟෙන් දිය නා පිරි­සුදු වී කත­ර­ගම පුද බිම වන්ද­නා­මාන කිරී­මට පුරු­දුව සිටි­යහ.

එහෙත් අද එම තත්ත්වය දරුණු ලෙස වෙනස් වී තිබේ. එදා සුනි­ල­වන් දිය පහ­රක් ලෙස ගලා ගිය මැණික් ගං කොම­ළිය තුළ අද දක්නට ඇත්තේ අසු­න්දර දසුන් පෙළක් පමණි. එදා පාරි­ශුද්ධ ජලය ගලා­ගිය මැණික් ගඟ අද ඉතා අපි­රි­සුදු ජලය ඇති ගංගා­වක් බවට පත් වී ඇත්තේද ඇතැම් බැති­ම­තුන්ගේ සහ මැණික් ගඟ අවට ජිවත් වන ඇතැ­මුන්ගේ නොමනා පුරුදු හේතු­වෙනි.

මැණික් ගංගාව අද දරුණු මිනී­මරු කිඹු­ලන් පිරී කැළි කස­ළ­ව­ලින් අපි­රි­සුදු වූ ගංගා­වක් ලෙස බැති­ම­තුන්ගේ විශ්වා­සය වී තිබේ.

මැණික් ගංගාව අවට ඇවිද ගිය අපට දක්නට ලැබුණේ ඉතා අසු­න්දර දසුන් පෙළකි. දිය නෑමට තියා මැණික් ගංගාවේ ඉවුරු දිගේ ඇවිද යෑමත් අප­හ­සුය. ඉවුරු අවට තැන තැන දමා ඇති ප්ලාස්ටික් බෝතල් මදු­රු­වන්ගේ රජ­ද­හන බවට පත් වී තිබේ. වැසි­කි­ළි­ව­ලින් පිටාර ගලන අප­ද්‍රව්‍ය මෙන්ම ඇතැම් නිවාඩු නිකේ­ත­න­ව­ලින් බැහැර කරන අප­ජ­ල­යද ඉතා සුක්ෂම ලෙස මැණික් ගංගා­වට මුදා හැරී­මට කට­යුතු කර තිබේ. විවිධ පිරිස් මල මුත්‍රා කිරී­මට යොදා­ගෙන ඇත්තේ ගංඉ­වුර දෙපස පෙදෙස්ය. එදා සුදු වැලි තලා­ව­කින් ගලා ගලා ගිය සුන්දර මැණික් ගංගාව අද කබොක් ගල් මතු වු රළු පොළො­වක් සහි­තව පවතී. එදා වන්ද­නාවේ පැමිණි බැතු­ම­තුන්ට දිය නෑමට ඉතා ආර­ක්ෂිත ගංගා­වක් ලෙසින් පැවති මැණික් ගංගාව අද දිස් වන්නේ බැති­ම­තුන්ගේ මරු කපො­ල්ලක් ලෙසය.

එදා කත­ර­ගම වන්ද­නාවේ පැමිණි බැති­ම­තුන් මැණික් ගංගා­වට බැස දිය නා පිරි­සුදු වී දෙවි­යන් වඳි­න්නට දේවා­ල­යට ගියත් අද එය වෙනස් වී ගොස්ය. දැන් බැති­ම­තුන් කත­ර­ග­මට එන්නේ නිවාඩු නිකේ­ත­න­යක් වෙන් කර­වා­ගෙ­නය. බැති­ම­තුන්ගේ මනසේ මැණික් ගංගාව පිළි­බඳ මැවී ඇත්තේද බිය­කරු චිත්‍ර­යකි. කත­ර­ග­මට එන බැති­ම­තුන් නිවාඩු නිකේ­ත­න­යට පැමිණ පසු එහි ඇති පිහි­නුම් තටා­ක­යෙන් නාවා පුජා වට්ටි­යද අත­ටම දී වාහ­න­යෙන්ම දේවා­ලය අස­ලට රැගෙන යෑමට හෝටල් හිමියෝ සහ නිවාඩු නිකේ­තන හිමියෝ කට­යුතු කරති. අද කත­ර­ගම වන්ද­නාවේ පැමි­ණෙන බැති­ම­තු­න්ගෙන් බහු­ත­ර­යක්ම පැරණි සිරි­ත්වි­රි­ත්ව­ලට පයින් ගසා හොර පාරෙන් ගොස් දෙවි­යන් වැඳී­මට පුරුදු වී සිටිති.

1821 දී දෙව­රක්ම කත­ර­ගම වන්ද­නාවේ පැමිණි බව කියන ඉංග්‍රිසි ජාතික වෛද්‍ය­ව­ර­යෙකු වන ජෝන් ඩේවි මහතා පවසා ඇත්තේ තමන් කත­ර­ගම වන්ද­නාවේ පැමිණි බවත් ඒ පැමිණි අවස්ථා දෙකේ­දීම කත­ර­ගම දෙවි­යන් වැඳී­මට යෑමට තමන්ට මැණික් ගඟ තර­ණය කිරී­මට සිදු වු බවත්ය. එමෙන්ම වන්ද­නාවේ පැමි­ණෙන බැතු­ම­තුන්ද විශාල වශ­යෙන් මැණික් ගඟෙන් දිය නා පිරි­සුදු වි දේවා­ල­යට ගිය බවත්, සුන්දර වු මැණික් ගංගාව ඉතා සුනි­ල­වන් දිය පහ­ර­කින් යුක්ත වු බවත් හා ප්‍රදේ­ශයේ ජන­තාව ලබු කැට­වල පුරවා රැගෙන එන ජලය බීමට ලබා­ගත් බවත් ජෝන් ඩේව් මහතා සිය සට­හ­න්වල දක්වා තිබේ.

මැණික් ගඟේ මඩ හා ජරාව තැන්පත්ව ඇති අයුරු

එදා පිරි­සුදු ජල පහ­රක් ලෙසින් ගලා ගිය මැණික් ගංදිය අද දිස්වන්නේ බොර වු අපි­රි­සුදු දිය පහ­රක් ලෙසය. එදා ගලා­ගෙන ගිය දිය පහර අද එක තැන පල්වෙ­මින් පවතී. ගංගාව අද වැවක ස්වරූ­ප­යක් ගෙන තිබේ. අද මැණික් ගඟෙන් දිය නාන අයට විවිධ දද කුෂ්ට රෝග ඇති වීමේ අව­දා­න­මක් පවතී. ඒ තර­ම­ටම ජලය අපි­රි­සු­දුය. ගඟ අයින දිග­ටම කැළි­ක­සළ තැන්පත් වී පල් වී ගොස්ය. ඇතැම් ස්ථාන­ව­ලින් ගඟට බසි­න්න­ටද බැරි තර­මට අපි­රි­සු­දුය. ගංඟා­වට බහින්න ඉදි කර තිබු පඩි පෙළ ද අබ­ලන් වි ගොසිනි.

රජ දවස මෙන්ම ඉංග්‍රිසි ආණ්ඩු සම­යේද මැණික් ගංගාව හා මැණික් ගං ඉවුර ආරක්ෂා කිරි­මට වෙනම වැඩ­පි­ළි­වෙ­ළක් තිබු බවට සාක්ෂි ඕනෑ තරම්ය. 1973 දී කත­ර­ගම ඇසළ කඳ­වුර බාරව සිටි බව කියන ඉංග්‍රිසි ජාතික තෝමස් ස්ටීල් මැණික් ගංඟාව ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් අනු­ග­ම­නය කර තිබේ. පෙර­හර සම­යේදී මැණික් ගඟ දෙප­සට මුර­ක­රු­වන් යොදවා මැණික් ගංඟා­වට විශේ­ෂිත ආර­ක්ෂා­වක් සලසා තිබේ.

වන්ද­නාවේ පැමි­ණෙන පිරි­සට හෝ වෙනත් කිසි­ව­කු­ටත් මැණික් ගඟ දෙපස මල මුත්‍රා කිරීම තහ­නම් කර තිබේ. මුත්‍ර කළ­හොත් ඔහු­ගෙන් රුපි­යල් 5ක දඩ­යක්ද, මල පහ කළ අයෙ­කු­ගෙන් රුපි­යල් 10ක දඩ­යක්ද අය කිරි­මට කත­ර­ගම ඇසළ කඳ­වුර බාරව සිටි ඉංග්‍රිසි ජාතික තෝමස් ස්ටීල් කට­යුතු කර තිබේ. පෙර­හර සම­යේදී දෙවි­යන්ට පැන් ලබා­ගන්නා තොටු­ප­ළෙන් දිය නෑම ද තහ­නම්ය.

එප­ම­ණක් නොව පෙර­හර සමය ආරම්භ විමට පෙර එව­කට ඇසල කඳ­වුර බාරව කට­යුතු කළ පාල­කයා විසින් ප්‍රදේ­ශය පුරා අණ­බෙ­ර­ක­රු­වන් යොදවා මැණික් ගඟේ දිය දින කිහි­ප­යක් ප්‍රයෝ­ජ­න­යට නොගන්නා ලෙස දන්වා මැසි මදු­රු­වන්ට තෙල් ගසා මැණික් ගංඟාව මැසි මදුරු ඇතුළු කෘමි සතු­න්ගෙන් හා විෂ බීජ රහිත කලා­ප­යක් බවට පත් කිරී­මට පිය­වර ගෙන තිබේ.

කත­ර­ගම එක­මුතු වෙළඳ සංග­මයේ සභා­පති එච්.ආර්.කේ. සම්පත් ගයාන් මහතා මෙලෙස අද­හස් දැක්වීය.

“ඉස්සර තිබුණු මැණික් ගඟයි වර්ත­මා­නයේ තියෙන මැණික් ගඟයි බැලු­වාම විශාල වෙන­සක් දකින්න පුළු­වන්. කාල­යත් සමඟ මැණික් ගඟ දෙපස ජනා­වාස ඇති වීමත් සමඟ මැණික් ගඟේ තිබුණු පාරි­ශු­ද්ධ­ත්වය නැති වෙලා තියෙ­නවා. ඉස්සර ඉඳන් තිබුණු චාරි­ත්‍රය අනුව කත­ර­ගම දෙවි­හා­මු­දු­රු­වන් වදින්න එන­කොට මැණික් ගඟෙන් නාලා කහ ගාලා පිරි­සුදු වෙලා තමයි දේවා­ල­යට ගියේ. නමුත් අද එන බැති­ම­තුන්ට ඒකට අව­ස්ථා­වක් නෑ.

කවුරු හරි බැති­ම­තෙක් රෙදි ටික ගල­වලා නාන්න මැණික් ගඟට බැහැලා නැවත ගොඩ එන­කොට ඒ මනු­ස්ස­යාට දිය ඇඳුම විත­රයි.

ගල­වපු රෙදි හොරු අර­ගෙන ගිහින්.‍ අන්ති­මට දේවාලේ යනවා වෙනු­වට යන්න වෙන්නේ පොලී­සි­යට.

ගඟ අවට රාත්‍රි­යට තියෙන්නේ දැඩි කරු­ව­ලක්. වැඩි වශ­යෙන් බැති­ම­තුන් ගැව­සෙන තැන්ව­ල­වත් ලයිට් දාන්න ඕනෑ. පොදු වැසි­කළි පද්ධ­තිය බැලු­වත් ඉතාම අපි­රි­සුදු මට්ට­ම­කයි තියෙන්නේ. කත­ර­ගම කියන්නේ පැය විසි­හ­තර පුරා බැති­ම­තුන් යන එන සිද්ධ­ස්ථා­න­යක්. 

ඒ වගේ තැන­කට එන පිරිස වැඩි නිසා බැති­ම­තුන්ට ප්‍රමා­ණ­වත් වැසි­කිළි කැසි­කිළි පහ­සු­කම් පැය විසි­හ­තර පුරාම තිබිය යුතුයි. එහෙම නැති වුණාම වන්ද­නාවේ එන පිරිස් සිය අව­ශ්‍ය­තාව සඳහා මැණික් ගඟ අයි­නට හරි යනවා. ඒක වළ­ක්වන්න බෑ. කත­ර­ගම තියෙන පොදු වැසි­කි­ළිය රාත්‍රි අට නවය වෙන කොට ඒක බලා ගන්න කෙනා වහලා දමලා යනවා. භක්ති­යෙන් දෙවි­යන් වඳින්න ආවට පුද­බිම අවට සිදු වෙන දේවල් දැක්කම භක්තිය අතු­රු­දන් වෙලා යනවා. අද මැණික් ගං ඉවුර දිගේ විවිධ අපචා සිදු වෙනවා. ගඟේ කිඹුල්ලු ඉන්නවා කියලා බැති­ම­තුන් බය කරලා තියෙන්නේ. පෙර­හර කාලෙට වන­ජී­වි­යෙන් ඇවිත් මෙහෙ­යුම් කරලා කිඹුල්ලු අල්ල­නවා. කිඹුල්ලු ඉන්නවා කියලා හැම­දාම හැම තිස්සේම අන­තුරු වෙලා නෑ. කිඹුල්ලු ගැන තර­මක අන­වශ්‍ය බියක් තමයි ගොඩ නැඟිලා තියෙන්නේ.

එයට හෝටල් හිමි­ය­නුත් වග­කි­යන්න ඕනෑ. මොකද අන­වශ්‍ය කිඹුල් බියක් ගොඩ නැඟු­වම හෝට­ල්වල තියෙන ස්විමි­න්පූ­ල්ව­ලට ආදා­ය­මක් එනවා. මැණික් ගඟේ පැති බැමි බොහො­ම­යක් කඩා වැටිලා. පොලි­තින් අාදි­යත් ගඟ දෙපස දින­පතා එකතු වෙනවා. පෙර­හර සම­යට නම් දින­පතා පිරි­සිදු කිරීම් වෙනවා.

එච්.ඒ. ඉනෝකා මහ­ත්මිය, “දැන් වැව්ව­ලින් මැණික් ගඟට වතුර හර­වලා තියෙ­නවා. වැව්ව­ල­ඉන්න කිඹු­ලන් මැණික් ගග දිගේ පහ­ළට එනවා. කිඹු­ලන් ගැන කියලා කියලා මිනිස්සු බය වෙලා තියෙන්නේ. දේවා­ලෙට එන බැති­ම­තුන් දැන් මැණික් ගඟට එන්නේ නැතිව වාහනවලින්ම දේවා­ලය ළඟට යනවා. ඉස්සර එහෙම නෙමෙයි තිබුණේ. කත­ර­ගම කවුරු ආවත් ඉස්ස­ර ­වෙ­ලාම ගියේ මැණික් ගඟට. ඒ ගිහින් මුහුණ කට සෝද­ගෙන පිරි­සුදු වෙලා තමයි දේවා­ල­යට ගියේ. දැන් එහෙම නැති නිසා වෙළ­ඳාම් පවා කඩා වැටිලා තියෙන්නේ. ගිහින් බල­න්නකෝ ගඟට බහින්න පඩි­පෙ­ළ­වත් හරි­යට තියේද කියලා.” පැවසීය.

හෙට්ටි ආර­ච්චිගේ රාජා මහතා, “ඉස්සර මේ පාලම් නෑ. කත­ර­ගම වඳින්න ආවා නම් කවු­රුත් මේ ගඟෙන් එගොඩ වෙලා තමයි යන්න තිබුණේ. කවු­රුත් බොහොම භක්ති­යෙන් මැණික් ගඟට ගිහින් මුහුණ සෝදලා දේවා­ලෙට ගියා. දැන් එහෙ ගඟෙන් බැහැලා යන්න ගියොත් මඩේ එරිලා මැරේවි. ඉස්සර ඔය ගගං පතුලේ තිබුණේ සුදු වැල්ල විත­රයි. දැන් වැලි කැට­ය­ක්වත් නෑ. ගඟ පතුලේ තියෙන්නේ කබොක් ගල් විත­රයි. කත­ර­ගම ප්‍රාදේ­ශීය සභාව වැඩිම ආදා­ය­මක් හොයන ප්‍රාදේ­ශීය සභා­වක්. නමුත් පුජා භූමිය අවට නඩ­ත්තුව නම් අන්ති­මයි. නාන තොටු­පො­ළට විදුලි ආලෝ­කය නෑ. එළි වන තුරු ඒ ස්ථාන කරු­වලේ.ඉතින් බැති­ම­තුන් කොහො­මද මැණික් ගඟට බහින්නේ. ඒ නිසා බැති­ම­තුන් හෝට­ලයේ නැව­තිලා හෝට­ල­යෙන්ම නාගෙන කියා­ගෙන එනවා. තැනින් තැන ඉවුරු කඩා වැටිලා ඒ ස්ථාන­වල කුණු රොඩු එක්ක වතුර පල් වෙලා පණුවෝ හැදිලා. ලංකාවේ ඉන්න හැම මැති ඇම­ති­ව­ර­ව­කුම මේ තැනට එනවා. ඒ අය චොප­ර්ව­ලින් උඩින් ඇවිත් දෙවි­යන් වැඳලා පුදලා යනවා. බැති­ම­තුන්ට තියෙන අප­හ­සුතා මේ අයට පේන්නේ නෑ.” පැවසුවේය.

කත­ර­ගම දේවා­ලයේ දෙවි­යන්ගේ පූජාව සඳහා ද අෂ්ට­ඵල බෝධිය නෑවීම සඳහා සහ නානු­මු­රය සඳහා ද ජලය ලබා­ගන්නේ මැණික් ගඟෙනි. මැණික් ගඟ හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර රැසක්ද පව­තින අතර මේ පුජ­නීය ගංගාව අනා­ගත පර­පුර සඳහා රැක­දීම බල­ධා­රීන්ගේ පරම වග­කී­මකි.

 

Comments