සමාගමෙන් හෙට සුරකින අපේ ළමයි | සිළුමිණ

සමාගමෙන් හෙට සුරකින අපේ ළමයි

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) සපයන්නා වන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් ‘හෙට සුරකින අපේ ළමයි‘ නමින් මැනවින් සංවිධානය කළ අන්තර් පාසැල් දැනුම මිනුම හා කථික තරගාවලියක් මෑතක දී හඳුන්වා දෙන ලදී. මෙහි මූලික පරමාර්ථය වන්නේ නිවෙස් තුළ LP ගෑස් ආරක්ෂිතව භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ ඒ පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමයි. දිවයිනේ පාසැල් 264ක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ අරමුණ සිසුන් දැනුම්වත් කිරීම සහ සවිබල ගැන්වීම මඟින් LP ගෑස් ආරක්ෂිතව භාවිත කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීමයි.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ LP ගෑස් සහ එහි ප්‍රතිලාභ පිළිබඳව උසස් පෙළ සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සහ පවුල්වල සාමාජිකයන් දැනුම්වත් කිරීම බව ලිට්‍රෝ ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවේ දී පැවසීය. “අපගේ අරමුණ සිසුන් දැනුවත් කිරීම පමණක් නොව LP ගෑස්හි ඇති වාසි පිළිබඳ දැනුම පුළුල් පාරිභෝගික පිරිසක් වෙත බෙදා හැරීමයි.

 

Comments