සිංගර් ශ්‍රී ලංකා 2023 වසරේ දී මෙරට ප්‍රබලතම සන්නාම 10 අතරට | සිළුමිණ

සිංගර් ශ්‍රී ලංකා 2023 වසරේ දී මෙරට ප්‍රබලතම සන්නාම 10 අතරට

 

සිංගර් ශ්‍රී ලංකා බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනය විසින් 2023 වසරේ වටිනාම පාරිභෝගික සන්නාමය (වෙළෙඳ) ලෙස නම් කෙරිණි. සිය විශිෂ්ටත්වය සහ පාරිභෝගික තෘප්තිමත්භාවය වර්ධනයකර ගැනීම සඳහා නොසැලෙන කැපවීමකින් යුතුව කටයුතු කරන සිංගර් ශ්‍රී ලංකා සමාගම, මෙරට සිල්ලර භාණ්ඩ අලෙවි ක්ෂේත්‍රය තුළ නව ප්‍රමිතීන් ස්ථාපිත කිරීම, නවෝත්පාදන හඳුන්වා දීම සහ ගුණාත්මක පාරිභෝගික සේවාවක් ලබා දීම වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි.

විවිධ අභියෝගාත්මක අවස්ථා හමුවේ, ;සිංගර් ශ්‍රී ලංකා සන්නාමය, සිය පාරිභෝගික ජනතාවගේ ජීවන තත්ත්වය බල ගැන්වීම වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරයි. නව තාක්‍ෂණයේ සහ ඩිජිටල් අලෙවිකරණයේ ප්‍රබලත්වය උපයෝගී කර ගනිමින්, ඵලදායී සන්නිවේදන ක්‍රියාවලියක් පවත්වා ගෙන යනු ලබන සිංගර් ශ්‍රී ලංකා සමාගම විසින් එම සන්නිවේදන ක්‍රියාවලිය හරහා සිය පාරිභෝගික ජනතාව දැනුම්වත් කිරීමට මෙන් ම නවතම නිෂ්පාදන හඳුන්වා දෙමින්, එම නව නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට ද කටයුතු කරයි.

සිය ප්‍රධානතම ප්‍රවර්ධන වැඩසටහනක් හරහා පාරිභෝගික ජනතාව වෙත වටිනා ත්‍යාග ලබා දෙමින්, සන්නාමය සහ පාරිභෝගිකයින් අතර බැඳීම ශක්තිමත් කිරීමට කටයුතු කරන සිංගර් ශ්‍රී ලංකා සමාගම, විනිවිදභාවයට සහ පාරිභෝගික සබඳතාවලට නිරන්තරයෙන් ප්‍රමුඛතාව ලබා දෙයි.

Comments