ලිට්‍රෝ ගෑස් ලාභාංශ බිලියන 1.5ක් භාණ්ඩාගාරයට | සිළුමිණ

ලිට්‍රෝ ගෑස් ලාභාංශ බිලියන 1.5ක් භාණ්ඩාගාරයට

ශ්‍රී ලංකාවේ ජාතික LP ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, මෑතකදී ලාභාංශ ලෙස රු. බිලියන 1.5ක (මිලියන 1,500) සුවිශේෂී මුදලක් එහි ප්‍රාථමික කොටස් හිමියා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් හරහා ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරයට ගෙවන ලදී.

රජයට අයත් ලාභ උපයන ආයතන අතළොස්සෙන් එකක් ලෙස, ලිට්‍රෝ සමාගමෙහි සාර්ථකත්වය එහි උපායමාර්ගික කළමනාකරණය, කාර්යක්ෂමතාව සහ ජනතා අවශ්‍යතා සඳහා කැපවීම පිළිබඳ කදිම සාක්ෂියකි. ආයතනයේ බුද්ධිමත් මූල්‍ය වැඩ පිළිවෙළ නිසා රාජ්‍ය භාණ්ඩාගාරයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට ඉඩ ලැබී ඇති අතර, රාජ්‍ය මූල්‍ය අවශ්‍යතා සඳහා අරමුදල් සැපයීමට රජය දරන ප්‍රයත්නයට දැඩි පිටිවහලක් සපයයි .

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මෙවන් තීරණාත්මක මොහොතක රාජ්‍ය ආදායම ශක්තිමත් කිරීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට හැකිවීම පිළිබඳව සිය සතුට පළ කළේය. “රාජ්‍ය ව්‍යවසායයක් ලෙස අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ජනතා සුභසිද්ධියට ප්‍රමුඛත්වය දීමටයි. එනිසා, විශේෂයෙන්ම Covid-19 කාලයේ රට වසා දැමීම වැනි දුෂ්කර කාල වකවානුවලදී පවා, අපි නිවාස සහ ව්‍යාපාර යන අංශ දෙකේම පාරිභෝගිකයන්ට අඛණ්ඩ සැපයුමක් සහතික කළෙමු.

Comments