SITL හා CRIB එක්ව ලංකාවේ විශාලතම ආරක්ෂිත දත්ත මධ්‍යස්ථානයක් | සිළුමිණ

SITL හා CRIB එක්ව ලංකාවේ විශාලතම ආරක්ෂිත දත්ත මධ්‍යස්ථානයක්

Technologies Ltd. (SITL) විසින් ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) ඩිජිටල් දත්ත මධ්‍යස්ථානය පසුගියදා සාර්ථකව ස්ථාපිත කරන ලදි. CRIB යනු දකුණු ආසියානු කලාපයේ පළමු ණය තොරතුරු කාර්යාංශය වන අතර එය දශක තුනකට වැඩි කාලයක්, රටේ මූල්‍ය ව්‍යුහය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ විනයගරුක ණය සංස්කෘතියක් ඇතිකිරීම සඳහා සිය නිහඬ දායකත්වය ලබා දෙමින් බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියා කරන එක් බල කණුවකි.

සිය තාක්‍ෂණික ගමන්මඟේ තවත් එක් පියවරක් ලෙස, CRIB විසින් සපයන සේවාවන්, යටිතල පහසුකම් සහ යෙදවුම් පුළුල් කිරීම තුළින් ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම, නවෝත්පාදනයන් සක්‍රිය කිරීම සහ වැඩිදියුණු කළ පාරිභෝගික අත්දැකීම් ලබා දීම කෙරෙහි අවධානය යොමු කර ඇත. මෙම නව යටිතල පහසුකම් මඟින් සේවාදායකයින්ට අවශ්‍ය ඕනෑම මොහොතක දත්ත වෙත ප්‍රවේශ වීමට සහ කළමනාකරණය කිරීමට ඉඩ සලසයි. තවද ශ්‍රී ලංකාවේ එකම ණය කාර්යාංශය වන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය සමඟ එක්ව කටයුතු කරන SITL, CRIB හි යටිතල ව්‍යුහයටම සුවිශේෂී වූ ඉහළ ඔරොත්තු දීමේ හැකියාවකින් යුතු ආරක්ෂාකාරී සහ නම්‍යශීලි දත්ත මධ්‍යස්ථානයක් සහ Cloud පද්ධතියක් සාර්ථකව ස්ථාපිත කිරීම එහි කැපීපෙනෙන ජයග්‍රහණයකි.

 

Comments