ඉහළම ජනාදරයට පත් රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පිදුම් ලබයි | සිළුමිණ

ඉහළම ජනාදරයට පත් රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පිදුම් ලබයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, 2023 වසර සඳහා ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ කාණ්ඩ දෙකෙන්ම ඉහළම ජනාදරයට පත් රක්ෂණ සන්නාමය ලෙස අඛණ්ඩව 6 වන වරටත් බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් වෙතින් පිදුම් ලබයි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තම ව්‍යාපාර කටයුතුවලදී මෙරට ජනතාවගේ අවශ්‍යතාවයන් සහ වුවමනාවන්වලට නිරතුරුවම මූලික තැන දෙනබවත් ඔවුන්ගේ අවශ්‍යතාවන්ට සංවේදී ව කටයුතු කරන බවත්, මෙම ඇගයීමට ලක් වීම සාක්ෂි දරයි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සන්නාමයක් ලෙස ගනුදෙනුකරුවන් සහ ප්‍රජාව සමඟ සමීපව කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානය ගනු ලබයි. රක්ෂණ සැලසුම් හඳුන්වා දීමේ දී SLIC විසින් ජනතාවගේ අවශ්‍යතා අවබෝධ කර ගනිමින් ඊට ගැළපෙන රක්ෂණ සැලසුම් බොහොමයක් වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇත. මේ අතර විශේෂ රක්ෂණ සැලසුම් කිහිපයක් නම්, Medi 60 සහ Drive 60 මෙරට අවුරුදු 60කට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්ම හඳුන්වා දෙන ලද රක්ෂණාවරණ වන අතර වෛද්‍ය පරීක්ෂණවලට මුහුණ නොදී එම වයසේදී රක්ෂණය සැලසුමක් ලබා ගැනීමේ අවස්ථාව ද උදාකර දී තිබෙන එකම රක්ෂණ සැලසුම වේ. එසේම දියවැඩියා සහිත පුද්ගලයින් සඳහාම අතිරේක සෞඛ්‍ය රක්ෂණාවරණය හඳුන්වා දීමට කටයුතු කරමින් දියවැඩිය රෝගීන්ට ද සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා ගැනීමේ අවකාශය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් සලසා දී ඇත. Motor Plus Ladies Only මෝටර් රථ රක්ෂණාවරණය කාන්තා රියැදුරන් වෙනුවෙන්ම නිර්මාණය වූ ප්‍රථම මෝටර් රථ රක්ෂණ සැලසුමයි. මෙම රක්ෂණ සැලසුම තුළින් කාන්තා රියැදුරන්ගේ විශේෂ අවශ්‍යතා ආවරණය කරන අතර මෙම ආවරණය තුළින් වර්තමාන කාන්තාව සවිබල ගැන්වීමේ මෙහෙවරට ද දායක වේ.

Comments