විෂන් කෙයා අම්පාර ශාඛාවෙන් නැඟෙනහිරට ජාත්‍යන්තර අක්ෂි සත්කාර | සිළුමිණ

විෂන් කෙයා අම්පාර ශාඛාවෙන් නැඟෙනහිරට ජාත්‍යන්තර අක්ෂි සත්කාර

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය නැඟෙනහිර පළාතට පිවිසෙමින් එහි නවතම ශාඛාවක් අම්පාර ප්‍රදේශයේ පසුගියදා විවෘත කරන ලදී.

අම්පාර, නිව් සිටි මහල්, ඩී.එස් සේනානායක වීදියේ අංක 3 දරන ස්ථානයේ පිහිටි අම්පාර නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි සභාපති දසන්ත ෆොන්සේකා , කළමනාකාර අධ්‍යක්ෂ ජානක ෆොන්සේකා ඇතුළු විෂන් කෙයා කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගි වන ලදී.

සිය ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කරමින් ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සත්කාර සේවා වෙත පාරිභෝගිකයන් හට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව ලබාදීමට කටයුතු කරන විෂන් කෙයා ආයතනයේ මෙම නව අම්පාර ශාඛාව ප්‍රදේශයේ පාරිභෝගිකයින්ට විශාල පහසුවක් සපයනු ඇත. වඩා ඉඩකඩ සහිතව පිහිටා ඇති නව ශාඛාව ප්‍රමාණවත් තරම් වාහන නැවැත්වීමේ පහසුකම් සහ ඇස් කණ්ණාඩි, අව් කණ්ණාඩි, අක්ෂි කාච සහ ශ්‍රවණාධාර ඇතුළු පුළුල් පරාසයක නිෂ්පාදන හා සේවාවන්ගෙන් සමන්විතයි. විෂන් කෙයා හි මනා පුහුණුව ලත්, ඉහළ පළපුරුද්දක් ඇති වෘත්තීයවේදීන් විසින් ප්‍රවීණ ලෙස හසුරුවනු ලබන අති නවීන අක්ෂි සත්කාර සහ ශ්‍රවණාධාර උපකරණ වලින්ද මෙම ශාඛාව සමන්විත වේ. Ray-Ban, Vogue, Polaroid, Vintage, PolarSun වැනි ජාත්‍යන්තර සන්නාම රැසක් යටතේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස විවිධ රටාවේ, නවීන මාදිලියේ, විවිධ හැඩයේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි මෙම ශාඛාව මඟින් ලබා ගැනීමට හැකි වේ.

 

Comments