වසරේ ප්‍රධාන විධායක නිලධාරියා සම්මානය සදාහරිත සමූහ විධායක අධ්‍යක්ෂකට | සිළුමිණ

වසරේ ප්‍රධාන විධායක නිලධාරියා සම්මානය සදාහරිත සමූහ විධායක අධ්‍යක්ෂකට

 

මෙරට හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන සදාහරිත සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් මහතා ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 හි දී, වසරේ ප්‍රධාන විධායක නිලධාරියා (“CEO of The Year”) ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම ජයග්‍රහණය ආයතනික නායකයෙකු ලෙස ඔහුගේ ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි.

2020 වසරේ දී ඔහු සිය වෘත්තීය ජීවිතයේ නව පියවරකට ළඟා වෙමින් Lanka Hospitals Diagnostics හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන කාලය තුළ දී මෙම සම්මානය වෙනුවෙන් සිය සියලු ශක්තීන් මුදා හරින ලදී.

ලෝක අලෙවිකරණ සංගමය හා CMO Asia විසින් වාර්ෂිකව ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන උළෙල පවත්වනු ලබන්නේ, අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ට දායකත්වයන් හදුනා ගනිමිනි.

සන්නාමකරණය, පාරිභෝගික සබඳතා සහ බලපෑම මත පදනම් වූ දායකත්වය තුළින් සමාජීය වෙනසක් ඇති කිරීම සඳහා කළ කැපවීම මත හොඳම සංවිධාන, සන්නාම හා පුද්ගලයන් වෙනුවෙන් ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 මෙම වසරේ දී අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලදි.

Comments