ලිට්රෝ ගෑස් ලංකා සමාගම ස්ථාවර මිලටම LPගගෑස් ලබා දෙයි | සිළුමිණ

ලිට්රෝ ගෑස් ලංකා සමාගම ස්ථාවර මිලටම LPගගෑස් ලබා දෙයි

ගෝලීය COVID-වසංගත තත්ත්වය ලොව පුරා වෙළෙඳ කටයුතු කෙරෙහි දැඩිලෙස බලපාන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මුදලේ අගය උච්චාවචනය වෙමින් පවතීයි.මේනිසා ලොව වැඩිවශයෙන් භාවිතාවන බලශක්ති ප්‍රභවයන්ගෙන් එකක් ලෙස සැලකෙන LP ගෑස්හි ගෝලීය මිලගණන්ද ලොව පුරා අස්ථාවර වී ඇති බව පෙන්නුම් කරයි.

බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව මිනුම් දර්ශක සපයන ලොව ප්‍රමුඛතම ආයතනය වන ආගස්(Argus) මිලදර්ශකයට අනුව, ඉහළ යන මිල ගණන් සහ ආර්ථික අර්බුදයන් තුළ LPG ලශක්ති ක්ෂේත්‍රය ගෝලීය වශයෙන් අවිනිශ්චිත තත්ත්වයක් පෙන්නුම් කරයි.ලොව බලශක්ති ක්ෂේත්‍රය සඳහා වූ මිල දර්ශක 2ක් තිබෙන අතර ආගස්මිලකරණ මිණුම් දර්ශකය (Argus Far East Index )ආසියාවේ බහුලව භාවිතා වන අතර සෞදි ඇරම්කෝ (Aramco)දර්ශකය ශ්‍රී ලංකාව වැනි රටවල භාවිතා කරනු ලැබේ.

ගෝලීය මිලගණන් ඉහළ ගියත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ“සෞභාග්‍යයේ දැක්ම”ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව LPG මිල වසරකට අධික කාලයක් ස්ථාවර ලෙස පවත්වාගෙන ගිය බව ලිට්රෝගෑස් ලංකා සමාගමේ සභාපති සහ ප්‍රධාන ප්‍රධායක නිලධාරි අනිල් කොස්වත්ත මහතා පවසයි.

Comments