‘සදා­හ­රිත ප්‍රිවි­ලේජ්’ කාඩ්පත නිකුත් වේ | සිළුමිණ

‘සදා­හ­රිත ප්‍රිවි­ලේජ්’ කාඩ්පත නිකුත් වේ

සදාහරිත වැවිලි සමාගම හඳුන්වා දුන් ‘සදාහරිත ප්‍රිවිලේජ්’ කාඩ්පත තම ළබැඳි පාරිභෝගිකයන් අතර බෙදාහැරීමේ කටයුතු පසුගියදා ආරම්භ වි‍ය.

මෙම පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනින් සදාහරිත පාරිභෝගිකයන්ට හිමිවන සුවිශේෂ වාසි, දීමනා මෙන්ම වටිනා අත්දැකීම් ද රැසකි.

එනම් දිවයින පුරා විසිරී සිටින තම ළබැඳි සදාහරිත පාරිභෝගිකයන් වෙත මෙම ප්‍රිවිලේජ් කාඩ්පත බෙදාහැරීමත් සමඟ, වෙළෙඳ හා සේවා ජාල රැසක වට්ටම් හා වෙනත් ප්‍රතිලාභ ලබාගැනීමට සදාහරිත පාරිභෝගිකයන්ට හැකි වේ.

ඒ අනුව රෝහල් සහ ෆාමසි ඇතුළු සුව සේවා ආයතන, අධ්‍යාපන ආයතන, පොත් ප්‍රකාශන ආයතන හා පොත් අලෙවිසැල්, ආහාර, පාවහන්, ගෘහ උපකරණ හා ගෘහ භාණ්ඩ, නිවාස සෙවිලි අමුද්‍රව්‍ය, සූර්ය පැනල, වාහන නඩත්තු, ආලෝකකරන අවශ්‍යතා, පුද්ගලික සත්කාර සේවා නිෂ්පාදන හා රූපලාවණ්‍යය සේවා, සුවඳ විලවුන්, ආභරණ, දෘෂ්ටි උපකරණ, අවන්හල්, විනෝදාස්වාද කටයුතු, හෝටල් හා ත්‍රාසජනක සංචාර අත්දැකීම් ආදී බොහෝ දෑ, මිලදීගැනීමේදී හා අත්විඳීමේදී සදාහරිත ප්‍රිවිලේජ් කාඩ්පත් හිමියන්ට වාසි රැසක් හිමි වේ.

Comments