හදවත් සැත්කම් 9,000 සීමාව ලංකා හොස්පිටල්ස් පසුකරයි | සිළුමිණ

හදවත් සැත්කම් 9,000 සීමාව ලංකා හොස්පිටල්ස් පසුකරයි

 ලංකා හොස්පිටල්ස් 2020 ඔක්තෝබර් මස 29 වන දින ලෝක හදවත් දිනය සැමරූ අතර රෝහලේ හෘදය රෝග මධ්‍යස්ථානයේ හෘදය සැත්කම් 9,000ක් සාර්ථකව සිදු කිරීම ද එදින සනිටුහන් කරනු ලැබිණි. මෙම අවස්ථාවට ලංකා හොස්පිටල්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි, වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය විමල් කරඳගොඩ, ලංකා හොස්පිටල්ස් අනිකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්, හෘදය රෝග විශේෂඥයන් සහ රෝහලේ හෘද රෝග මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

හෘදය සෞඛ්‍යය හා හදවත් රෝග වැළැක්වීමේ වැදගත්කම පිළිබඳව ජ්‍යෙෂ්ඨ නේවාසික හෘද රෝග විශේෂඥයන් තිදෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන ලද විද්වත් මණ්ඩල සාකච්ඡාවක්ද මෙම අවස්ථාවට ඇතුළත් විය. එම විද්වත් මඩුල්ලේ සාමාජිකයන් වූයේ නේවාසික උපදේශක හෘදය රෝග විශේෂඥ වෛද්‍ය එම්. මුබාරක්, ප්‍රධාන නේවාසික උපදේශක/හෘද සැත්කම් විශේෂඥ වෛද්‍ය ජී. ගාන්ධිජි සහ නේවාසික උපදේශක හෘද නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ලු‍ෂාන්ත පද්මසිරිය.

වමේ සිට දකුණට - ලංකා හොස්පිටල්ස් ප්‍රධාන අලෙවිකරණ නිලධාරී නිමල් රත්නායක, වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය විමල් කරඳගොඩ, ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි, නේවාසික උපදේශක හෘද රෝග විශේෂඥ වෛද්‍ය එම්. මුබාරක්, ප්‍රධාන නේවාසික උපදේශක/හෘද සැත්කම් විශේෂඥ වෛද්‍ය ජී. ගාන්ධිජි සහ නේවාසික උපදේශක හෘද නිර්වින්දන විශේෂඥ වෛද්‍ය - ලු‍ෂාන්ත පද්මසිරි යන අය මේ අවස්ථාව සැමරීම සඳහා සකසා තිබූ කේක් එක කපා සිය ජයග්‍රහණය සැමරූ අයුරු.

Comments