සඳැස් ඕරා මධ්‍ය­ස්ථා­න­යෙන් විශ්ව ශක්ති ප්‍රති­කාර | සිළුමිණ

සඳැස් ඕරා මධ්‍ය­ස්ථා­න­යෙන් විශ්ව ශක්ති ප්‍රති­කාර

රේකී, ප්‍රාණිත්, කොස්මික්, ඇංගලිකන් සහ ජෝරේ යනුවෙන් විශ්ව ශක්ති ප්‍රතිකාර රැසක් ලොව පවතී. අපට වැළදෙන බොහෝ රෝග පීඩා විශේෂයෙන් බෝ නොවන රෝග විශ්ව ශක්තිය හරහා සුව කර ගත හැකිය.

බත්තරමුල්ල, කුරුණෑගල සහ ගම්පහ පිහිටි සඳැස් ඕරා සහ ස්වභාවික ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත පැමිණ නවීනතම 3D ඕරා යන්ත්‍රයකින් ඔබේ ඕරාව පරීක්ෂා කර විශ්ව ශක්ති ප්‍රතිකාර ලබා ගත හැකිය.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, රේකී මාස්ටර්, අධ්‍යාත්මික ප්‍රතිකාර උපදේශක කේ. ඒ. යූ. සරත්චන්ද්‍ර මෙය මෙහෙයවයි.

මනස, ආත්මය සහ ශරීරය යන ත්‍රිත්වයටම විශ්ව ශක්තිය ඔස්සේ ප්‍රතිකාර කරන බැවින් භෞතික රෝග පමණක් නොව මානසික හා ආත්මීය වශයෙන් වැළදෙන රෝග මේ හරහා සුව කර ගත හැකි වීම සුවිශේෂය.

ඉහත ක්‍රම අතරින් රේකී ප්‍රතිකාරයට ලැබෙන්නේ විශේෂ තත්ත්වයකි. මිනිස් සිරුරේ පිහිටා ඇති චක්‍ර හත වන මූලාධාර, ස්වාධිශ්ථාන, මණිපුර, අනහත, විශුද්ධි, ආඥා සහ සහශ්‍රා චක්‍ර රේකී ප්‍රතිකාර මගින් පිරිසිදු කර බලගන්වයි.

මෙම චක්‍ර හත මගින් සිරුරේ පිහිටා ඇති අන්තරාසර්ග ග්‍රන්ථි හතක් පාලනය කර, ඊට අදාළ ඉන්ද්‍රියයන් වන මොළය, හෘදය වස්තුව, පෙනහළු, ආමාශය, අග්න්‍යාශය, වකුගඩු, අක්මා, ලිංගේන්ද්‍රිය, අස්ථි පද්ධතිය හා ස්නායු පද්ධතිය පාලනය කරයි. රේකී ප්‍රතිකාර තුළින් රෝග පීඩා දුරු කිරීම පමණක් නොව ශරීරයේ ප්‍රතිශක්තිකරණයද වර්ධනය කළ හැකිය.

Comments