බෝසත් පුතුනි | සිළුමිණ

බෝසත් පුතුනි

නිමිත්ත.....
හදිසි අන­තු­රට ලක්වී මොළය මිය­ගිය
දරු­වාගේ වකු­ගඩු දන්දුන් විට
ඒ මවට ඇතිවූ සිතු­විල්ල....

සංසා­ර­යෙහි අග මුල නැතී
පිරු­වාද නුඹ දන්පා­රමී
මා ළයේ එල්ලී කිරි උරා
නුඹ කෙළි­දෙ­ලෙන් ඇති ­දැඩි වුණා

දැන උන්න නම් බෝස­තෙකු වග
වැඳ වැටෙ­නවා දෙද­නම ඔබා
වට වෙවී ආවත් මාර­සෙ­න්කැළ
අත­නෑර ආවා මෙතෙක් දුර

ඇසි­පිය හෙළ­න්නට මොහො­ත­කට පෙර
ගිලි­හුණේ ඇයි මට නුඹේ අත
ලෝකය සොයා යන පාර මැද
කහ ඉරක් තිබුණේ නැතිද පුත

සසදා වතද මා දෑස අභි­මුව
නුඹ මවා දුන්නේ පුතුනි මට
ඇතු­ගල පවා සසැලී ගියා
රළු පාරෙ සීතල වැති­රුණා

නිර්ලෝ­බ­වම නුඹ දෑස තද­කොට
නොදොඩා කිසිත් නික්මී ගියා
අද නැතත් නුඹ මගෙ තුරුල්ලේ
උණු­හුම පිරුණ නෙතු සදැල්ලේ
දරු­පැ­ටවු හිනැ­හෙන කැඳැල්ලේ
සෙනෙ­හස ගලයි ළැම ලවැල්ලේ
.
කේතු­ම­තියේ ඉසුර විඳ
ලොව නිවන දා මේ සසර ඉම
නුඹ­ගේම මව වී ඉඳි­න්නට
බෝසත් පුතුනි මා පත­න්නද.

ප්‍රභා­කු­මාර රාජ­ගුරු

Comments