එබැවින් ඔවුහු යථා­ර්ත­ථ­වාදී ඓති­හා­සික පුරා­වෘත්ත බවට පත් වෙති | සිළුමිණ

එබැවින් ඔවුහු යථා­ර්ත­ථ­වාදී ඓති­හා­සික පුරා­වෘත්ත බවට පත් වෙති

ග්‍රන්ථය - මගේ පුතු චේ

පරි­ව­ර්ත­නය - මංජුල කල්දේරා

සුභාවි ප්‍රකා­ශ­කයෝ

මිල -රු. 600 (පිටු 365)

සිය උපන් දිනය වන 1926 සිට 1956 දක්වා ගත් කල එනම් කියු­බාව ජය ගැනීමේ සටන අර­බයා ඒ පුහු­ණු­වීම් කට­යුතු ආරම්භ වන තෙක් ඒ දිගු ගමන අර්නස්ටො චේ ගුවේරා නම් ඒ සුප­තළ විප්ලව වාදි­යාගේ ජීවිත කතා­ව­ටම අයත් වන්නක් වේ. තවද එය ඔහුගේ පියාගේ මුවින්ම අසා දැන­ගැ­නී­මට ලැබීම දුර්ලභ වර­මක් යැයි කීම වර­දක් යැයි නොසි­තමි. 

චේ ගේ පවුල් පසු­බි­මට අදා­ළව කතා කළොත් සුඛෝ­ප­භෝගී ජීවි­ත­යක් ලබා උපන් ඔහු උපන් දා සිට ම ඇදුම රෝග­යෙන් වේදනා විඳි අයෙකු වේ. එහෙත් පසු­කා­ලී­නව නිර්ධන පාන්තික විප්ලව වාදි­යෙකු බවට පත් වන තවද එකී රෝග­යට මෙන්ම සාහ­සික දේශ­පා­ලන අධි­ප­ති­වා­ද­යට එරෙ­හිව එක­වර සටන්  කළ සිය පුතු ගැන ඔහුගේ පියා කෘතීන් දෙකක් ම ප්‍රකා­ශ­යට පත් කොට තිබේ. “මයි සන් චේ” යනු ඉන් එකක් වන අතර අනික “හියර් ගෝස් ටු සෝල්ජර් ඔෆ් ද ඇම­රිකා” ය. පසුව මේ දෙකෙ­හිම අන්ත­ර්ග­තය එකට ගොනු කොට එක් කෘති­යක් ලෙසින් ඉංග්‍රීසි  බසට පරි­ව­ර්ත­නය කළ  ලුසියා අල්වා­රෙස් සි ටොලෙස්ඩො අතින් ලිය­වුණ එම කෘතිය පසු­ගිය දා “මගේ පුතු චේ” නමින් සිංහ­ලට පරි­ව­ර්ත­නය වුයේ මංජුල කල්දේරා අතිනි. පරි­ව­ර්තන කර්ත­ව්‍ය­යක් හැටි­යට එය ප්‍රමා­ණ­වත් උත්සා­හ­යකි.

  ළමා වියේ සිට ම ඇදුම රෝග­යෙන් පීඩා විඳි චේ ආස­න්නයේ ම සිටි­මින් ඔහුව රැක බලා­ගත් ඔහුගේ පියා මෙම කෘතිය ලියන්නේ සිය පුත්‍ර­යාගේ දින පොත් මෙන්ම ඔහු සිය සමීප ඥාතීන්ට ටිටා ඉන්ට් නම් ඔහුගේ මිතු­රි­ය­කට ලියන ලද ලියුම් එකතු කර ගනි­මින් බව පැහැ­දිලි වේ. චේ පුද්ග­ල­යෙක් වශ­යෙන් ගත් කල සෝපා­හා­සා­ත්මක කියුම් කීමේ හුරු­බු­හු­ටි­කම් ඇත්තෙකි. මුහු­ණට මුහුණ ලා සිටි­මින් වුව මතු­වන ඔහුගේ ඒ කදිම උප­හා­සය මෙම කෘතියේ මැන­වින් සට­හන් වී ඇති බව ද පැහැ­දිලි ය. ඒ අත­රින් රිදී රේඛා­වක් සේ මතු­වන්නේ ඔහු අනිකා කෙරෙහි දැක්වූ සංවේ­දී­තාව යි. එමෙන්ම විප්ල­ව­වාදී චේ මහත් කැමැ­ත්තක් දැක් වූ විෂය වුයේ පුරා­වි­ද්‍යාව යි. ඔහු විප්ල­ව­වා­දි­යෙකු වූ ඒ ගමන් මඟ තවද ඒ උත්පත්ති කතාව හෘද­යාං­ගම විස්ත­ර­යක් වශ­යෙන් ඉදි­රි­පත් වුණත්, ඒ තුළ පවත්නා කුලුණු ගුණය, වීර රසය කදිම ආඛ්‍යා­න­යක් මතු කොට ඇතැයි සිතේ. ලුසියා අල්වා­රෙස් පව­සන අන්ද­මට එය වනාහි යථා­රූපි වූත්, මනෝ මූලික වූත් විප්ල­ව­වා­දි­යෙ­කුගේ ගමන් මඟක් වශ­යෙන් ගත් කල ඇම­රි­කානු කලා­පය හරහා ගලා යන විචි­ත්‍ර­වත් වීර චාරි­කා­වක් වැන්න.

 “මැතිව්ස්ගේ කතාව අප කොත­රම් උද්වේ­ග­ය­කින් කියෙව්වේ ද යන්නත් එමෙන්ම නිව්යෝර්ක් ටයිම්ස් හි පළ වු සේයා රූ අප කොත­රම් සියුම්ව පරීක්ෂා කළේද යන්නත් ඔබට සිතා­ගත හැකි වනු ඇත. එළු රැවු­ළක් වවා රයි­ෆ­ල­යක් අතින් ගෙන උන් ගරිල්ලා භටයා අර්නස්ටො විය. ඒ ගැන සැක­යක් නොවී ය. එම ලිපි­යෙන් ෆිදෙල් කස්ත්‍රො සහ ඔහුගේ මිනි­සුන් සංවි­ධා­නය වූ අංකුර හමු­දා­වක් ලෙසින් හඳු­න්වා­දීම අපට සැන­සි­ල්ලට කරු­ණක් විය. ඒ ලිපිය පහ­තින් බැටි­ස්ටාගේ රජය පැතිර වූ පුව­තක් ද එකතු කර තිබුණි. ඒ අනුව ඔවුන් හුදු අප­රා­ධ­ක­රු­වන් රොත්තක් වූ අතර නීති­යට එරෙ­හිව ක්‍රියා කරන මේ පිරිස රජයේ හමුදා විසින් සියෙරා මඑ­ස්ට්‍රාවේ කුඩා බල ප්‍රදේ­ශ­ය­කට  සීමා කොට ඇති හෙයින් ළඟ­දීම සමු­ල­ඝා­ත­නය කරනු ඇත.”

 කෘතීන් දෙකක එක­තු­වක් වන “මගෙ පුතු චේ” හි පළමු කෘතිය අනුව යන ඔබට හමු­වනු ඇත්තේ හුදු ආගම් භක්ති­යට විරුද්ධ වූ රැඩි­කල් ක්‍රියා­කා­රී­ත්ව­ය­කින් අවදි වූ මැද පාන්තික ආර්ජ­න්ටි­යානු පවු­ලක ගෙවුණු ඔහුගේ ළමා විය පිළි­බඳ විචිත්‍ර පැහැ­දිලි කිරී­මකි.

 “අල­ග්‍රා­සියා කොර්ඩෝබා හා බුව­නෝර්ස් අයර්ස් හි ඔවුන්ගේ නිවෙස සැම­වි­ටම විවෘ­තව පැවැති මිත්‍ර­ශීලි ස්ථාන­යක් විය. රාත්‍රී ආහා­ර­යට ඥාතීන්, ළමුන්ගේ මිතුරු මිතු­රි­යන්, සංචා­රයේ යෙදෙන විද්ව­තුන්, වෘත්තීය සග­යන් හෝ පිටු­ව­හල් කරන ලද ස්පාඤ්ඤ සමූ­හාණ්ඩු නාය­ක­යින් හා බුද්ධි­ම­තුන් අත­රින් කී දෙනෙක්  හරි­යට පැමි­ණෙන්නේ දැයි කිසි­වෙක් දැන සිටියේ නැත. බාල පර­පුර ස්වාධී­නව නිද­හසේ එන­මුදු සදා­චා­රය පිළි­බඳ වැඩි අව­බෝ­ධ­ය­කින් යුතුව වැඩු­ණාහ.”

 ඉහත විස්ත­රය අපට පෙන්වා දෙන්නේ චේ ගේ විප්ල­ව­වාදී නැගීම හුදු ළදරු වළි­ප්පු­වක් වැන්නක් නොවන බවයි. අනිත් අතට ඔහු කියු­බන් අර­ග­ලය සමඟ සම්බන්ධ වන්නේ ද අව­ශේෂ රැඩි­කල් ක්‍රියා­කා­ර­කම් සම්බන්ධ අත්දැ­කීම් ඇති­වය යන්න ද මෙම කෘති­යෙන් පෙන්වා දෙයි. එමෙන්ම ස්පාඤ්ඤ සිවිල් යුද්ධය මෙන්ම නාසි වාදය ආර්ජ­න්ටි­නා­වට කළ බල­පෑම ඔහු හැදී වැඩුණු කාලයේ පසු­බිමේ වු දේශ­පා­ලන ක්‍රියා­න්වි­ත­යන් වශ­යෙන් පැව­තුණි.

 “1952 ග්‍රනාඩො සමඟ දකුණු ඇම­රි­කානු මහ­ද්වී­පය හරහා කළ තම පළමු චාරි­කාවේ දීම චේ පීඩි­ත­යන් දිවි ගෙවන දුක්ඛ­දා­යක තත්ත්වය අව­බෝධ කර ගත්තේ ය. ඔවුහු පේරු ළාදුරු කොළ­ණි­වල ස්වේච්ඡා­වෙන් සේවයේ නිරත වුහ. නිව­සට ආපසු පැමිණි කල චේ කියා සිටියේ තව­දු­ර­ටත් තමා මීට අවු­රු­ද්ද­කට පෙර ආර්ජ­න්ටි­නා­වෙන් පිට වූ මිනිසා නොවන බවය.

 මංජුල කල්දේරා විසින් “මගේ පුතු චේ” නමින් සිංහල බසට නගන ලද මෙම කෘතිය ඉතා පැහැ­දි­ලි­වම අපට පෙන්වා දෙන්නේ අර්නස්ටො චේ ගුවේරා නම් මෙම චරි­තය ප්‍රබල සමාජ දේශ­පා­ලන හැසි­රී­මක් වශ­යෙන් නිර්මා­ණය වු ආකා­ර­යයි. චේ ජන­ප්‍රිය ප්‍රබ­න්ධ­යක්, විල­සි­තා­වක් බවට පත් කොට­ගෙන ඇති විහි­ළු­කා­ර­යන්ගේ ප්‍රබන්ධ කතා ඉතා නිවැ­රැදි ලෙසින් පරා­ජය කළ යුතුය යන හැඟී­මද ඒත් සම­ඟම ඇති වේ.

 “චේ සියලු සුදු­සු­කම් සහිත විප්ල­ව­වා­දි­යෙකු වුයේ, මෙක්සි­කෝවේ දී ය. මාක්ස්, එංගල්ස් අධ්‍ය­ය­නය කර­මින් හිඳ කස්ත්‍රො සමඟ කියු­බානු ආක්‍ර­ම­ණය වෙනු­වෙන් පුහු­ණු­වට පත් වී අත් අඩං­ගු­වට පත් වූ” ඒ කාලයේ දී  යැයි පැවසේ. එසේ ගොඩ නැගුණු ඒ මනුෂ්‍ය සංවේ­දී­තා­වෙන් යුත් සැබෑ විප්ල­ව­වා­දියා කාලයේ නිය­ම­යට අනුව වෙඩි වැදී මිය ගිය පුද්ග­ල­යෙකු නොවේ. ඒ අනුව ඔහු සැබෑ ලෙසින්ම දුෂ්ට දේශ­පා­ලන මාන­සි­ක­ත්ව­යෙන් ම වෙඩි තබා ඝාත­නය කළ  ඉති­හා­ස­යීය චරි­ත­යකි. එහෙත් ඔවුහු ඒ නිසාම මිය නොයති. එවැනි ඔවුහු යථා­ර්ථ­වාදී ඓති­හා­සික පුරා­වෘත්ත බවට පත් වෙති. 

Comments