හොඳම ඩෙනිම් අඩුම මිලට ගෙනෙන 1971 | සිළුමිණ

හොඳම ඩෙනිම් අඩුම මිලට ගෙනෙන 1971

කවින්ධ්‍යා ජය­සේ­කර
කවින්ධ්‍යා ජය­සේ­කර

ති­ශය ජන­ප්‍රිය, ඒ වගේම ආක­ර්ෂ­ණීය ඇඳු­මක් මෙන්ම විලා­සි­තා­වක් තමයි ඩෙනිම් කියන්නේ. මේ කියන ඩෙනිම් වයස් භේද­ය­කින් තොරව කවු­රුත් අදි­න්නට ප්‍රිය ඇඳුම් වර්ග­යක් ලෙස හදුන්වා දීමට පුළු­වන්. ඩෙනි­ම්වල ඉති­හාස කතාව 1873 වසර දක්වාම දිව යනවා. ඒ අනුව ඉතා­ලියේ ජෙනු­වාහි උපන් ජාකොබ් ඩේවිස් සහ ලෙවි ස්ට්‍රෝස් මේ අපූරු ඇඳුම නිර්මා­ණය කළේ ‘ඩෙනිම්’ හෝ ‘ඩන්ගරී’ ලෙස හඳු­න්වනු ලබන රෙද්ද­කින්. එදා එලෙස බිහි වුණු ඩෙනිම අද වෙද්දී කිසිම සීමා­වක් මායි­මක් නැතිව ලෝකයේ විවිධ රට­ව­ලට ව්‍යාප්ත වෙලා තිබෙ­නවා.

 

එප­ම­ණක් නොව, ස්ත්‍රී-පුරුෂ, බාල-මහලු භේද­ය­කින් තොරව සෑම-සියලු දෙන­කුම ඩෙනි­මක් අඳි­න්නට පසු­බට වන්නේ නැහැ. මුල් කාලයේ වෙහෙසී බර වැඩ කරන මිනි­ස්සුන් වෙනු­වෙන් නිමැ­වු­ණත්, පසු­කා­ලී­නව ඩෙනිම් අඳින්නේ හිතු­ව­ක්කා­ර­යන්, සාම්ප්‍ර­දා­යික රාමු­වෙන් පිට හිත­න්නන් මට්ට­මට පත් වුණා. කොටින්ම ඩෙනිම් යනු විලා­සිතා ප්‍රව­ණතා සක­සන්ගේ ඇඳු­මක් බවට පත් වුණා. 1851න් පසු ලොව විවිධ රට­ව­ලට ඩෙනිම සංක්‍ර­ම­ණය වුණා.

අපේ රටේ බොහෝ පිරිස් අත­රද මේ වන විට මේ ඩෙනිම් ඉතා ජන­ප්‍රිය ඇඳුම් විශේ­ෂ­යක් බවට පත්ව තිබෙ­නවා. ඒ ජන­ප්‍රි­ය­ත්ව­යට ප්‍රධාන හේතු­වක් වී තිබෙන්නේ ඇඳුම් ගැන අලු­තෙන් හිතන සරල බවට කැමැති මිනි­ස්සුන්ගේ ට්‍රෙන්ඩ් එකක් ලෙස ඩෙනිම් ඇඳුම් ඉස්මතු වී තිබීම නිසයි.

මේ වන විට ඩෙනිම් ඇඳුම් සඳ­හාම විශේ­ෂිත ආය­ත­න­යක් ලෙස ‘නයි­න්ටීන් සෙව­න්ටි­වන්’ (1971 Denim shop) ප්‍රද­ර්ශ­නා­ගා­රය මෙරට ජන­තාව අතර ආද­රය දිනා තිබෙ­නවා. මේ ඩෙනිම් අලෙවි සල පිහිටා තිබෙන්නේ අංක 533 ඩී, නුවර පාර, හොර­ගොල්ල, නිට්ට­ඹුව ලිපි­නයේ, කොළඹ ඉඳලා එන විට පොල් ‘අතු බත් කඩේ’ පසු කොට මීටර් 75ක් ඉදි­රි­යෙන් වම්ප­සට වෙන්නයි. නුවර සිට එද්දී හොර­ගොල්ලේ බණ්ඩා­ර­නා­යක සමා­ධිය පහු කර මීටර් 100ක් ඉදි­රි­යෙන් පාරේ දකුණු පැත්තේයි. මෙහි කාන්තා හා පිරිමි ඩෙනිම් කලි­සම්, කමිස, ගවුම් ඇතුළු නිමැ­වුම් විවිධ මිල ගණන් යටතේ අලෙ­වි­යට තිබෙ­නවා. ‘ස්ටොක් ලොට්ස්’ හෙවත් ‘ෆැක්‍ට්‍රි ඩිෆෙක්ට්ස්’ ලෙස හඳු­න්වන මේ ඩෙනිම් ඔරි­ජි­නල් තත්ත්ව­යෙන් නමුත් ලේබ­ලය රහි­ත­වයි අලෙ­වි­යට තබා ඇත්තේ. මේ නිසාම ලේබ­ලය සහි­තව රුපි­යල් 7,500කට වැඩි මිල­කට අලෙවි වන විවිධ ඩෙනිම් ඇඳුම් රු. 500 සිට 3,000 අතර මිල ගණන් යටතේ මිලට ගැනීමේ සුවි­ශේෂ වාසිය ඔබට හිමි වනවා. මේ ඩෙනිම් සාප්පුවේ අයි­ති­කා­රිය කවින්ධ්‍යා ජය­සේ­කර. ඇය නිතර අලුත් වන ඩෙනිම් හා එම විලා­සිතා ගැන ඉතා හොඳ අව­බෝ­ධ­යක් ඇති ව්‍යව­සා­යි­කා­වක්. එමෙන්ම ඇය මාධ්‍ය ලෝකය සමඟ ඉතා සමීප කාව්‍ය රචි­කා­වක්. තම ව්‍යාපා­රය ගැන කවින්ධ්‍යා අප සමඟ මෙසේ පැව­සුවා:

“මම පෞද්ග­ලි­කව ඩෙනි­ම්ව­ලින් කරන්න පුළු­වන් ගොඩක් වැඩ ගැන සැල­සුම් කර­මින් ඉන්නෙ. අද වෙද්දි ලංකාවේ තරුණ තරු­ණියො ප්ලෑන් කරන්නෙ විවාහ ‘ජීවි­තය’ නෙවෙයි, ‘වෙඩි­න්එක’ යි! ඒ තත්ත්වය වෙනස් කිරීමේ ආර­ම්භ­යක් හැටි­යට ඩෙනි­ම්ව­ලින් මංගල ඇඳු­මක් නිර්මා­ණය කිරී­ම­ටත් මා බලා­පො­රොත්තු වෙනවා. ඇත්ත වශ­යෙන්ම ඩෙනිම් මංගල ඇඳු­මට වගෙම මෘත­දේ­හ­යට අන්ද­වන්න වුණත් පුළු­වන් තර­මට ප්‍රච­ලිත කිරී­මට මා කට­යුතු යොද­නවා.”

වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් කෙටි කලක් තුළ තම නයි­න්ටීන් සෙව­න්ටි­වන් ඩෙනිම් අලෙ­වි­සල ලද ප්‍රග­තිය පිළි­බඳ අද­හස් දැක්වූ ඈ පැව­සුවේ තම ප්‍රද­ර්ශ­නා­ගා­රයේ කළ­ම­නා­කා­රි­නිය චමිලා මාර­සිංහ නයි­න්ටීන් සෙවන්ටිවන් හි දියු­ණුවේ ප්‍රධාන සාධ­ක­යක් බවයි.

දිරි­යෙන් ඉදි­රි­යට යන කවින්ධ්‍යා ජය­සේ­කර නම් වන මේ නිර්මා­ණ­ශීලී ව්‍යව­සා­යි­කාව වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේ තම ඇඳුම් සාප්පුව වැනි සාමාන්‍ය මට්ටමේ ව්‍යාපා­ර­වල දියු­ණු­වට බැංකු හා මූල්‍ය ආය­ත­න­වල සහාය මීට වඩා හිමි වේ නම් රටේ ආර්ථි­ක­යද මීටත් වඩා ශක්ති­මත් වනු ඇති බවයි.

ඉදි­රි­යේදී ඩෙනිම් නැවත නැව­තත් භාවිත කළ හැකි සේ ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය කිරීමේ තවත් අලුත් වැඩ­කට අත­ගැ­සී­ම­ටද සූදා­නම් වන ඇය අඩු මුද­ල­කට හොඳ ප්‍රමි­තියේ ඩෙනිම් මිල දී ගැනී­මට තම ඇඳුම් සාප්පු­වට ගොඩ වන්නැයි ද වැඩි විස්තර සඳහා දුරකතන අංක 0777204684 ට අමතන මෙන් ජන­තා­ව­ගෙන් ඉල්ලී­මක් ද කළා.

• සටහන සහ ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ

 

 

Comments