පොලි­තින් භාවිතය අවම කිරීමට Keells දිරිදෙයි | සිළුමිණ

පොලි­තින් භාවිතය අවම කිරීමට Keells දිරිදෙයි

2025 වන විට නැවත භාවිතා කළ නොහැකි පොලි­තින් බෑග් ප්‍රමා­ණය 50%කින් අවම කිරී­මට කීල්ස් 2019 ජූලි මාස­යේදී පොරොන්දු විය. පසු­ගිය මාස 06 තුළ හොඳ ප්‍රති­ඵල අත්කර ගත් අතර මේ වන විට පාරි­භෝ­ගි­ක­යින් 50,000කට වැඩි ප්‍රමා­ණ­යක් තමන්ගේ බෑග් රැගෙන එමට පිය­වර ගෙන තිබේ. 2020 ජන­වාරි මාස­යේදී නැවුම් එළ­වළු හා පල­තුරු අංශය සඳහා කොම්පෝස්ට් කළ හැකි බෑග්, සහල්, පරිප්පු සහ ධාන්‍ය වර්ග වැනි අත්‍ය­වශ්‍ය තොග මිලදී ගැනීම් සඳහා නැවත භාවිතා කළ හැකි බෑග් බේකරි නිෂ්පා­දන සඳහා ඔබේම ඇසු­රුම් රැගෙන ඒම හඳුන්වා දීම සිදු කරන ලදී.

තමන් විසින්ම ගෙන ආ බෑග් භාවිතා කිරීම හා සැල­කිය යුතු පාරි­භෝ­ගි­ක­යන් සංඛ්‍යා­වක් මස් හා මාළු මිලදී ගැනීම් සඳහා තම­න්ගේම බහා­ලුම් ගෙන එනු ලැබීම දක්නට ලැබුණි. පොලි­තින් භාවි­තය අවම කිරීම සඳහා පාරි­භෝ­ගි­ක­ය­න්ගෙන් ලැබුණු හොඳ ප්‍රති­චාර හා අඛණ්ඩ දිරි­ගැ­න්වීම් හේතු­වෙන් වෙ‍ෙළ­ඳ­ ස­ල්වල නැවත භාවිතා කළ නොහැකි පොලි­තින් භාවි­තය අවම කිරීමේ ගමනේ දෙවන අදි­යර කරා යාමට කීල්ස් හට උප­කාරී වී තිබේ. මෙසේ ගත් පිය­වර අතරට කීල්ස් පාරි­භෝ­ගි­ක­යින් මෙන්ම කණ්ඩා­යමේ සාමා­ජි­ක­යින් ද පොලි­තීන් භාවි­තය අවම කිරී­මට ගත හැකි ආකාර ගැන දැනු­වත් කිරී­මට ද කට­යුතු යොදා ඇත. මස් සහ මාළු­ව­ලට අම­ත­රව එළ­වළු සහ පල­තුරු අංශයේ මිල­දී­ගැ­නීම් සඳ­හාත් කොම්පෝස්ට් කළ හැකි බෑග් නව­තම හැඳි­න්වීම් අත­රට ඇතු­ළත් වේ. මේ සියලු පිය­වර නිසා, නැවත භාවිතා කළ නොහැකි පොලි­තින් බෑග් භාවි­තය 35%කින් අඩු කිරී­මට හැකි වී ඇත. 2019 ජූලි මාස­යේදී හඳුන්වා දුන් මස්, මාළු මිලදී ගැනීම් සඳහා ඔබේම ඇසු­රුම් ගෙන ඒමේ සංක­ල්පය දැන් බේකරි නිෂ්පා­දන සඳ­හාත් දියත් කර ඇත. සහල්, පරිප්පු සහ ධාන්‍ය වර්ග වැනි අත්‍ය­වශ්‍ය දෑ රැගෙන යාම සඳහා අලු­තින්ම හඳුන්වා දුන් නැවත භාවිතා කළ හැකි රෙදි බෑග් ඇතු­ළුව සිල්ලර බඩු සහ ගෘහ භාණ්ඩ සඳහා “Wallet bag” ලෙස නම් කර ඇති පහ­සු­වෙන් හැකි­ලිය හැකි බෑග්/ඇසු­රු­මක් ද කීල්ස් සිය පාරි­භෝ­ගි­ක­යින්ට පොලි­තින් භාවි­තය අවම කිරී­මට දැන් විකල්ප ලෙස ඉදි­රි­පත් කර ඇත.

Comments