ශ්‍රී ලංකා-ජපන් ව්‍යාපාර සභාවේ 40 වැනි වාර්ෂික සමු­ළුව | සිළුමිණ

ශ්‍රී ලංකා-ජපන් ව්‍යාපාර සභාවේ 40 වැනි වාර්ෂික සමු­ළුව

ලංකා වාණිජ මණ්ඩ­ලයේ ශ්‍රී ලංකා - ජපන් ව්‍යාපාර කවු­න්සි­ලයේ 40 වැනි වාර්ෂික සමු­ළුව පසු­ගි­යදා පැවැ­ත්විණ. 1979 දී ශ්‍රී ලංකා ජපන් ව්‍යාපාර කවු­න්සි­ලය ආරම්භ කෙරුණේ දෙරට අතර ව්‍යාපා­රික කට­යු­තු­ව­ලට සහාය දෙන සංවි­ධා­න­යක් ලෙසයි. ඒ සඳහා එව­කට අව­බෝ­ධතා ගිවි­සු­මක් ද අත්සන් කෙරිණි. මෙම සංවි­ධා­නය ලංකා වාණිජ මණ්ඩ­ලයේ ප්‍රථම ද්විපා­ර්ශ්වික ව්‍යාපාර සංවි­ධා­නය විය. මෙම සංවි­ධා­නයේ මූලික අර­මුණ ශ්‍රී ලංකාව සහ ජපා­නය අතර ව්‍යාපා­රික කට­යුතු සහ සංචා­රක කර්මා­න්තය ප්‍රව­ර්ධ­නය කිරී­මත් ආයෝ­ජන ප්‍රව­ර්ධ­නය කිරී­මත් ය. වාර්ෂික සමු­ළුවේ ප්‍රධාන ආරා­ධිත අමුත්තා වශ­යෙන් ශ්‍රී ලංකාවේ ජපන් තානා­පති අකිරා සුගි­යාමා මහතා සහ­භාගි විය. ද්විපා­ර්ශ්වික සම්බ­න්ධ­තා­වල වත්මන් තත්ත්වය ගැන සුගි­යාමා මහතා ප්‍රසා­ද­යෙන් කරුණු දැක්වීය. රට­වල් දෙක අතර ව්‍යාපා­රික කට­යුතු තව­දු­ර­ටත් වර්ධ­නය කළ හැකි බව ද ඔහු වැඩි­දු­ර­ටත් කීවේ ය. 2020 වසර සඳහා මේ අව­ස්ථාවේ තේරී පත්වූ නිල­ධාරී මණ්ඩ­ලය මෙසේය. සභා­පති මහේන් දයා­නන්ද, උප සභා­ප­ති­වරු - තිස්ස ජය­වීර, කොළ­ඹගේ සරත් ද කොස්තා, දයා­සිරි වර්ණ­කු­ල­සූ­රිය, සිල්වෙ­ස්ටර් මෙරික් ගුණ­රත්න, මහේන් කාරි­ය­ව­සම්, උප­දේ­ශ­ක­වරු දේශ­බන්දු, තිලක් ද සොයිසා සහ දේශ­මාන්‍ය දේවා රොද්‍රිගු පත්වූ අතර කමිටු සාමා­ජි­ක­යන් ලෙස ආය­තන කිහි­ප­යක නියෝ­ජි­ත­යන් පිරි­සක් ද තේරී පත්වූහ.

Comments