ඩය­ලොග් සවි­යෙන් කිරි ගොවීන්ට ජංගම උප­දේ­ශන සේවා­වක් | සිළුමිණ

ඩය­ලොග් සවි­යෙන් කිරි ගොවීන්ට ජංගම උප­දේ­ශන සේවා­වක්

ඩය­ලොග් ආසි­ආටා, දේශීය කිරි ගොවීන්ගේ කිරි නිෂ්පා­දන ධාරි­තාව වර්ධ­නය කර­ගැ­නීම, නිෂ්පා­ද­නය කරන කිරි­වල ප්‍රමි­තිය ඉහළ නැංවීම සහ පශු සම්ප­තෙහි සෞඛ්‍යය ඉහළ නැංවී­මට ඉව­හල් වන ‘සවිය’ නම් ජංගම උප­දේ­ශන සේවාව හඳු­න්වා­දෙන ලදී.

වෙළ­ඳ­පොළ කේන්ද්‍ර කර­ගත් කිරි නිෂ්පා­දන ව්‍යාපෘ­තිය මඟින් කිරි ගොවි­යන්ට සහ ඒ හා සම්බන්ධ ව්‍යව­සා­යන්ට සහාය වන International Executive Service Corps (IESC) ආය­ත­නය සමඟ සහ­යෝ­ගී­ත්ව­යෙන් එම සේවාව සැප­යෙන අතර, එම ව්‍යාපෘ­තිය සඳහා මූල්‍ය අනු­ග්‍ර­හය දක්වන්නේ ඇම­රිකා එක්සත් ජන­පද කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ ‘Food for Progress’ ව්‍යාපෘ­ති­යයි. එම ජංගම උප­දේ­ශන සේවාවේ කිරි නිෂ්පා­ද­න­යට අදාළ තාක්ෂ­ණික දැනුම පිළි­බඳ පණි­විඩ සඳහා සහාය දක්වන්නේ වෙ‍ෙළ­ඳ­පොළ කේන්ද්‍ර කර­ගත් කිරි නිෂ්පා­දන ව්‍යාපෘ­තිය පිළි­බඳ විෂය දැනුම ඇති විශේ­ෂඳ පිරි­සකි.

කිරි, ශ්‍රී ලංකාවේ පශු සම්පත් කර්මා­න්තයේ වැද­ගත් අංග­යක්ව තිබි­යදී මෙරට නැවුම් කිරි සඳහා දිනෙන් දිනම වර්ධ­නය වන ඉල්ලු­මෙන් දේශී­යව සම්පූර්ණ වන්නේ 30-40% ක ප්‍රමා­ණ­යක් පම­ණයි. ව්‍යාපෘ­තියේ අර­මුණ වන්නේ 5,000කට අධික කිරි ගොවි­යන් පිරි­ස­කගේ දේශීය කිරි නිෂ්පා­දන ධාරි­තාවේ ප්‍රමා­ණය සහ ප්‍රමි­තිය ඉහළ නැංවී­මයි.

 

Comments