DSI මෙගා ෂොපිං ෆියෙස්ටා 2019 මෙව­රත් | සිළුමිණ

DSI මෙගා ෂොපිං ෆියෙස්ටා 2019 මෙව­රත්

ඩී. සැම්සන් සහ පුත්‍රයෝ (පුද්ග­ලික) සමා­ගම අඛ­ණ්ඩව 4 වන වර­ටත් ඩී.එස්.අයි. මෙගා ෂොපිං ෆියෙස්ටා 2019 ආරම්භ කළ බව නිල වශ­යෙන් නිවේ­ද­නය කළේය. දෙසැ­ම්බර් මස 19 වැනිදා සිට 29 වැනිදා දක්වා මහ­ර­ගම, නාවින්න, හයි­ලෙ­වෙල් පාරේ, අංක 257 හි DSI ප්‍රධාන කාර්යා­ල­යේදී DSI මෙගා ෂොපිං ෆියෙස්ටා 2019 පැවැත්වේ.

ඩී. සැම්සන් සහ පුත්‍රයෝ (පුද්ග­ලික) සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ තුසිත රාජ­පක්ෂ මහතා විසින් DSI මෙගා ෂොපිං ෆියෙස්ටා 2019 විවෘත කළ අතර මේ අව­ස්ථා­වට සමා­ග­මේ­ අ­ධ්‍ය­ක්ෂිකා කෞශ­ල්‍යා පෙරේරා, අධ්‍යක්ෂ අසංක රාජ­පක්ෂ යන මහත්ම මහ­ත්මීන් සහ ආය­ත­නයේ කළ­ම­නා­ක­රණ කාර්ය මණ්ඩ­ලයේ අනෙ­කුත් සාමා­ජි­ක­යින් ද මේ අව­ස්ථා­වට සහ­භාගී වීය. DSI මෙගා ෂොපිං ෆියෙස්ටා හි දී ඩී.එස්.අයි. නිෂ්පා­දන මිලදී ගැනීමේ දී පාරි­භෝ­ගි­ක­යන්ට 70% ක් දක්වා ආක­ර්ෂ­ණීය වට්ටම් හිමි වේ.

Comments