ලග්න වාස­නාව සුපිරි වීගෝ මෝටර් රථය අම්බ­ල­න්තො­ටට | සිළුමිණ

ලග්න වාස­නාව සුපිරි වීගෝ මෝටර් රථය අම්බ­ල­න්තො­ටට

ලග්න වාස­නාව ලොත­රැ­යියේ “සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ පළමු ත්‍යාග වූ සුපිරි වීගෝ මෝටර් රථය දිනා ගැනී­මට අම්බ­ල­න්තොට ප්‍රදේ­ශයේ පී.වී. වර්ණ­සීලී මහ­ත්මිය සමත් වී ඇත. ඇයට එම ජය­ග්‍රාහී ලොත­රැ­යි­පත අලෙ­වි­කර තිබුණේ හම්බ­න්තොට අලෙවි නියෝ­ජිත එච්.ආර්.චාන්දනී මහ­ත්මි­යයි. වර්ණ­සීලී මහ­ත්මි­යට අදාළ මෝටර් රථය ප්‍රදා­නය කිරීම 2019.12.04 වන දින සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ල­යේදී සිදු­විය. එම අව­ස්ථා­වට සම­ගා­මීව සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ල­යෙන් බිහිවූ තවත් දස ලක්ෂයේ ජය­ග්‍රා­හ­ක­යින් 26 දෙනෙක්ට සහ යතුරු පැදි දිනූ ජය­ග්‍රා­හ­ක­යින් දෙදෙ­නකු සදහා අදාළ ත්‍යාග සහ චෙක්පත් ප්‍රදා­න­යද සිදු­ක­රන ලදී.

 

Comments