වයඹ ගව­යන්ට මාරකයක් ගොවි­පළ හිමි­යන්ට අන­තුරු ඇඟ­වී­මක් | සිළුමිණ

වයඹ ගව­යන්ට මාරකයක් ගොවි­පළ හිමි­යන්ට අන­තුරු ඇඟ­වී­මක්

 

සාමා­න්‍ය­යෙන් බොහෝ දෙන­කුගේ අව­ධා­නය යොමු වන්නේ ඩෙංගු, වෛරස් උණ, ඉන්ෆ්ලු­වන්සා වැනි මිනි­සුන් ගොදුරු වන ලෙඩ රෝග කෙරෙ­හිය. සතුන්ට වැල‍ඳෙන වසං­ගත ගැන එත­රම් තැකී­මක් නැත. සතුන්ට වැල‍ඳෙන ලෙඩ රෝග ගැන අප මීට වඩා සැල­කි­ලි­මත් විය යුත්තේ ඒවාට මිනි­සුන් ගොදුරු වන නිසා නොවේ. වසං­ග­ත­ව­ලින් සතුන් මර­ණ­යට පත්වීම සහ එය රටේ ආර්ථි­ක­යට බල­පෑ­මක් කරන නිසා ය.

සතුන් අතර පැතිරී යන රෝග ගැන මේ දින­වල වැඩි අව­ධා­න­යක් යොමු කළ යුතු වන්නේ ගව­යන්ට කුර සහ මුඛ රෝගය වැළ­ඳීමේ ව්‍යාප්ති­යක් දක්නට ලැබෙන නිසා ය. මේ වන­විට වයඹ සහ මධ්‍යම පළා­ත්වල කුර සහ මුඛ රෝග­යට ගොදුරු ව‍ූ ගව­යන් හමු වී ඇති බවට තොර­තුරු ලැබී තිබේ. මේ සම්බ­න්ධ­යෙන් පේරා­දෙ­ණිය සත්ව නිෂ්පා­දන සහ සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තු­වෙන් විමසූ විට අනා­ව­ර­ණය වූයේ මධ්‍යම පළාතේ ගව­යන් 6 දෙනකු මෙම රෝග­යට ගොදුරු වූ බවත් මේ වන­විට මුළු­ම­නින් ම රෝගය පාල­නය කර ඇති බවත් ය. ගව­යන් කුර සහ මුඛ රෝග­යට වැඩි වශ­යෙන් ගොදුරු වී තිබෙන්නේ වයඹ පළා­තෙනි. සංඛ්‍යා­ත්ම­කව ගත­හොත් 5000 ක් පමණ වේ.

“කුර සහ මුඛ රෝගය වැළ­ඳුණු ගව­යන් අපට වාර්තා වුණේ පසු­ගිය නොවැ­ම්බර් මාසයේ සිට. ඉස්සෙ­ල්ලාම හොරො­ම්බාව ප්‍රදේ­ශ­යෙන් වාර්තා වුණා. ඊට පස්සේ කටු­පොත, බමු­ණු­කො­ටුව යන ප්‍රදේ­ශ­ව­ලට පැති­රුණා. දැන් මහව ප්‍රදේ­ශයේ වැඩි­පුර වාර්තා වී තිබෙ­නවා. මෙය ගව­යන්ට මර­ණය ගෙන දෙන රෝග­යක් නොවෙයි. හැබැයි ගව­යන්ට කෑම කන්න බැරි වීම එක්ක පෝෂ­ණය අඩු­වී­මෙන් ශරී­රයේ ප්‍රති­ශ­ක්ති­ක­ර­ණය අඩු වෙලා මිය යෑමේ හැකි­යා­වක් තිබෙ­නවා. විශේ­ෂ­යෙන් වහු පැට­වුන්ගේ හෘදය අක­ර්මණ්‍ය වී මිය­යෑමේ සම්භා­වි­තාව වැඩියි. මේ වන­විට වයඹ පළා‍ෙත් වහු පැට­වුන් දෙදෙ­නෙක් මිය ගිහින් තිබෙ­නවා. ලොකු හරක් මැරුණේ නැහැ. දැනට අනා­ව­ර­ණය වී ඇති තොර­තුරු අනුව පිට­තින් රැගෙන ආපු ගව­ය­න්ගෙන් තමයි මේ වෛර­සය බෝවෙලා තියෙන්නේ” යනු­වෙන් විස්තර කළේ සත්ව නිෂ්පා­දන සහ සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ වයඹ පළාත් කාර්යා­ලයේ අති­රේක පළාත් අධ්‍යක්ෂ පශු වෛද්‍ය බී.සී.එෆ්්‍. පෙරේරා ය.

ගව­යන්ට කුර සහ මුඛ රෝගය වැළ‍ඳෙන්නේ වෛර­ස­යක් මගිනි. එය සුළ­ඟින් සහ ස්පර්ශ­යෙන් ව්‍යාප්ත වේ. වෛර­සයේ ප්‍රභේද ගණ­නා­වක් ඇති අතර මෙවර ව්‍යාප්ත වී තිබෙන්නේ ‘O’ කාණ්ඩයේ වෛර­ස­යයි.

“සම­හර වෛර­ස්ව­ලින් හැදුණ කුර සහ මුඛ ‍රෝග බර­ප­තළ තත්ත්ව­යක් ඇති කර­නවා. මේ පාර පැති­රිලා තිබෙන වෛර­සය ඒ තරම් හානි­දා­යක තත්ත්ව­යක් ඇති කරන්නේ නැහැ. හැබැයි ශීඝ්‍ර­යෙන් පැති­රෙ­නවා” යනු­වෙන් අති­රේක පළාත් අධ්‍යක්ෂ, බී.සී.එෆ්. පෙරේරා සඳ­හන් කළේ ය.

කුර සහ මුඛ රෝගයේ ලක්ෂණ ලෙස උණ සහ දිය බිබිළි ඇතිවේ. ඒවා සතුන්ගේ දිව, තොල්, විදු­රු­මහ, උඩු­තල්ල, කුර සහ කුර ආශ්‍රිත තැන්වල මතු­වන අතර මෙම දිය බිබිළි පුපුරා ගොස් තුවාල ඇති වී කටින් සෙම වැගිරේ‍.

රෝග­යට ගොදුරු වූ ගව­යන්ට ආහාර ගැනී­මට නොහැකි වන අතර කොර ගැසීම හෝ ඇවි­දීමේ අප­හ­සුව ඇති වේ. එළ­දෙ­නුන් නම් කිරි නිෂ්පා­ද­නය අඩු වේ. මාරා­න්තික නොවු­ණත් කුර සහිත සතුන් වන එළ ගව­යන්, මී ගව­යන් සහ එළු­වන් මෙම රෝග­යට ගොදුරු වී පීඩා විඳින බැවින් ‍රෝගයෙන් වැළ­කීම පිණිස මාස 6 කට වරක් එන්නත් දීම සිදු කෙරේ. මෙම එන්නත් රජයේ පශු වෛද්‍ය කාර්යා­ල­ව­ලින් නොමි­ලේම සතුන්ට ලබා­දෙනු ඇත.

එහෙත් ප්‍රශ්නය වන්නේ වයඹ පළාතේ කුර සහ මුඛ රෝග­යට එන්නත් ලබා දුන් ගව­යන්ට ද මෙය වැලඳී තිබී­මයි.

“ඉස්සෙ­ල්ලාම නම් එන්නත් නොකළ ගව­යන්ට කුර සහ මුඛ රෝගය හැදුණු බව තමයි වාර්තා වුණේ. පස්සෙ පස්සෙ නම් එන්නත් කරපු ගව­ය­න්ටත් ලෙඩේ හැදුණා. හැබැයි එන්නත් කළ ගව­යන්ට රෝගය සුළු තත්ත්ව­යෙන් තමයි හැදුණේ. ඉක්ම­නින් ම සනීප වුණා. ඇත්ත­ටම අපි­ටත් ප්‍රශ්න­යක් වුණා ඇයි මෙහෙම වුණේ කියලා. සම­හ­ර­විට මේපාර හැදිලා තිබෙන ‘O’ වෛරස් කාණ්ඩ­යට එන්නත් ගැළ­පෙන්නේ නැති ද කියලා අපිට සැක හිතුණා. ඒත් එම එන්නත ඊට ගැළ­පෙන බව දැන­ගන්න ලැබුණා. දැන් අනු­මාන කරන්න සිදුවී තිබෙන්නේ ‘O’ කාණ්ඩයේ වෛර­සයේ අනු­කා­ණ්ඩ­ව­ලින් ව්‍යාප්ත වී තිබෙන අනු­කා­ණ්ඩ­යට මෙම එන්නත ගැළ­පෙ­න­වාද කියලා පරී­ක්ෂණ කිරී­ම­ටයි. ඒත් එය තහ­වුරු කර­ගන්න කාල­යක් ගත වෙනවා. ඒ වන තුරු අපිට බලා­ගෙන ඉන්න බැහැ. ඒ නිසා අපි දිග­ටම එන්නත් ලබා­දෙ­නවා. එයින් රෝග ව්‍යාප්තිය පාල­නය කර­ගන්න පුළු­වන්” යනු­වෙන් අති­රේක පළාත් අධ්‍යක්ෂ බී.සී.එ‍ෆ්. පෙරේරා පැව­සීය.

“එන්නතේ ප්‍රශ්න­යක් තියෙ­නවා කියලා අපිට සැක කරන්න බැහැ. මොකද අපි ලංකාව පුරා ලක්ෂ 8 ක් විතර එන්නත් බෙදා හැර තිබෙ­නවා. එන්නතේ ප්‍රශ්න­යක් තිබෙ­නවා නම් ලක්ෂ­ය­ක­ට­වත් රෝගය හැදෙන්න ඕනෑනේ. සතුන්ට විත­රක් නෙමෙයි, මිනි­ස්සුන්ට වුණත් එන්නත් දුන්නාට රෝගය හැදෙන අවස්ථා තිබෙ­නවා. ඒකට විවිධ හේතු බල­පා­නවා. එන්නත් විදින අව­ස්ථාවේ රෝග­ය­කින් පෙළීම, වෛර­සය ඊට පෙර ශරී­ර­ගත වී තිබීම, එන්නතේ නිය­මිත ඖෂධ මාත්‍රාව නිසි ආකා­ර­යට සම්පූ­ර්ණ­යෙන් ශරී­ර­ගත කර නොති­බීම වැනි කරුණු නිසා එන්නත නිසි ආකා­ර­යට ක්‍රියා­ත්මක නොවන අවස්ථා තිබෙ­නවා. එවැනි කාර­ණ­යක් නිසා එන්නත් විද්දත් රෝගය හැදෙන්න පුළු­වන්” යනු­වෙන් පැව­සුවේ පේරා­දෙ­ණිය සත්ව නිෂ්පා­දන සහ සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රි­යෙකි.

කෙසේ වුව ද මේ වන­විට කුර සහ මුඛ රෝගය ව්‍යාප්ත වීම සම්පූ­ර්ණ­යෙන් ම පාල­නය කිරී­මට පිය­වර ගෙන තිබේ. ඒ සතුන් ප්‍රවා­හ­නය තහ­නම් කිරීම, ගව­යන් පට්ටි ගව­යන් ලෙස යොදා නොගැ­නී­මට උප­දෙස් දීම, එන්නත් ලබා­දීම, ගව­යන් නිදැල්ලේ උලා­කෑම සඳහා නොයැ­වී­මට උප­දෙස් දීම, ගොවි­ප­ළ­ව­ල්වල සේවය කරන අයගේ ඇඳුම්, හිස් වැසුම්, බූට්ස් විනාශ කිරී­මට උප­දෙස් දීම වැනි කරුණු මගිනි. මීට අම­ත­රව රෝග­යට ගොදුරු වූ ගව­යන්ට ප්‍රති­ජී­වක ඖෂධ ඇතුළු ප්‍රති­කාර කිරී­මට රජයේ පශු වෛද්‍ය කාර්යාල සූදා­න­මින් සිටියි.

“ගව­යන්ගේ කුර සහ මුඛ රෝගය වෙන­දාට වැඩි­පුර වාර්තා වුණේ උතුර, නැගෙ­න­හිර, උතු­රු­මැද පළා­ත්ව­ලින්.‍ ඒකට හේතුව තමයි ඒ පළා­ත්වල ගව­යන් නිදැල්ලේ ගැව­සීම. කිරි ගව­ය­න්ටත් ගෘහා­ශ්‍රිත ගව­ය­න්ටත් ගොඩාක් දෙනා එන්නත් ලබා දෙනවා. ඒත් සම­හරු මසට ඇති කරන සතුන් කියලා එන්නත් දෙන්න සැල­කි­ලි­මත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සතුන් කුර රෝග­ව­ලට ගොදුරු වෙන්න පුළු­වන්. ගොවි­ප­ළ­ව­ල්වල අයි­ති­ක­රු­වන් තමුන්ගේ සතුන් ගැන සැල­කි­ලි­මත් වෙනවා නම් මෙවැනි රෝග පාල­නය කරන්න පුළු­වන්.‍ ඒත් නිදැල්ලේ ඉන්න හර­කුන් අල්ලා­ගෙන නීති වි‍රෝධි ආකා­ර­යට අරං එනවා. පළා­තෙන් පළා­තට ගව­යන් ගොවි­ප­ළ­ව­ලට අරං යනවා. එවැනි ක්‍රියා­ව­ලින් රෝගය පැති­රෙන්න පුළු­වන්. මේ ගැන ගොවීන් දැනු­වත් වී සිටීම ඉතා වැද­ගත්” යනු­වෙන් සඳ­හන් කළේ සත්ව නිෂ්පා­දන සහ සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ වයඹ පළාත් කාර්යා­ලයේ පළාත් අධ්‍යක්ෂ පශු වෛද්‍ය සුබ­සිං­හය.

මේ අනුව සතුන්ගේ රෝග පාල­නය කිරීම පශු වෛද්‍ය කාර්යා­ල­ව­ලින් පම­ණක් කළ හැක්කක් නොවේ. ගොවි­පළ හිමි­යන් ද කැප­වී­මෙන් කට­යුතු කළ යුතුය.

නැත­හොත් කිරි නිෂ්පා­ද­නය සහ මස් නිෂ්පා­ද­නය පහත වැටීම, ගව­යන්ගේ බෝවීම අඩු­වීම වැනි කාරණා රටේ ආර්ථි­ක­යට ඍජු­වම බල­පානු ඇත. මීට අම­ත­රව වයඹ පළාතේ කුර රෝග­යෙන් පෙළෙන ගව­යන්ට ප්‍රති­කාර කරන පශු වෛද්‍ය­ව­රුන් කුකුළු ගොවි­පොළ වැනි වෙනත් සත්ව ගොවි­ප­ළ­ව­ල්ව­ලට යෑම සීමා කර තිබෙන්නේ ඔවුන් මගින් ද වෛර­සය ව්‍යාප්ත වීමේ අව­දා­න­මක් ඇති නිසා ය. එය ද වක්‍රා­කා­ර­යෙන් රටේ ආර්ථි­ක­යට බල­පෑ­මක් විය හැකි ය.

 

Comments