සාමාන්‍යයෙන් බොහෝ දෙනකුගේ අවධානය යොමු වන්නේ ඩෙංගු, වෛරස් උණ, ඉන්ෆ්ලුවන්සා වැනි මිනිසුන් ගොදුරු වන ලෙඩ රෝග කෙරෙහිය. සතුන්ට වැලඳෙන වසංගත ගැන එතරම් තැකීමක් නැත. සතුන්ට වැලඳෙන ලෙඩ රෝග ගැන අප මීට වඩා සැලකිලිමත් විය යුත්තේ ඒවාට මිනිසුන් ගොදුරු වන නිසා නොවේ. වසංගතවලින් සතුන් මරණයට පත්වීම සහ එය රටේ ආර්ථිකයට බලපෑමක් කරන නිසා ය.
සතුන් අතර පැතිරී යන රෝග ගැන මේ දිනවල වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ ගවයන්ට කුර සහ මුඛ රෝගය වැළඳීමේ ව්‍යාප්තියක් දක්නට ලැබෙන නිසා ය. මේ වනවිට වයඹ සහ මධ්‍යම පළාත්වල කුර සහ මුඛ රෝගයට ගොදුරු වූ ගවයන් හමු වී ඇති බවට තොරතුරු ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් පේරාදෙණිය සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් විමසූ විට අනාවරණය වූයේ මධ්‍යම පළාතේ ගවයන් 6 දෙනකු මෙම රෝගයට ගොදුරු වූ බවත් මේ වනවිට මුළුමනින් ම රෝගය පාලනය කර ඇති බවත් ය. ගවයන් කුර සහ මුඛ රෝගයට වැඩි වශයෙන් ගොදුරු වී තිබෙන්නේ වයඹ පළාතෙනි. සංඛ්‍යාත්මකව ගතහොත් 5000 ක් පමණ වේ.
“කුර සහ මුඛ රෝගය වැළඳුණු ගවයන් අපට වාර්තා වුණේ පසුගිය නොවැම්බර් මාසයේ සිට. ඉස්සෙල්ලාම හොරොම්බාව ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඊට පස්සේ කටුපොත, බමුණුකොටුව යන ප්‍රදේශවලට පැතිරුණා. දැන් මහව ප්‍රදේශයේ වැඩිපුර වාර්තා වී තිබෙනවා. මෙය ගවයන්ට මරණය ගෙන දෙන රෝගයක් නොවෙයි. හැබැයි ගවයන්ට කෑම කන්න බැරි වීම එක්ක පෝෂණය අඩුවීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු වෙලා මිය යෑමේ හැකියාවක් තිබෙනවා. විශේෂයෙන් වහු පැටවුන්ගේ හෘදය අකර්මණ්‍ය වී මියයෑමේ සම්භාවිතාව වැඩියි. මේ වනවිට වයඹ පළාෙත් වහු පැටවුන් දෙදෙනෙක් මිය ගිහින් තිබෙනවා. ලොකු හරක් මැරුණේ නැහැ. දැනට අනාවරණය වී ඇති තොරතුරු අනුව පිටතින් රැගෙන ආපු ගවයන්ගෙන් තමයි මේ වෛරසය බෝවෙලා තියෙන්නේ” යනුවෙන් විස්තර කළේ සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ අතිරේක පළාත් අධ්‍යක්ෂ පශු වෛද්‍ය බී.සී.එෆ්්. පෙරේරා ය.
ගවයන්ට කුර සහ මුඛ රෝගය වැළඳෙන්නේ වෛරසයක් මගිනි. එය සුළඟින් සහ ස්පර්ශයෙන් ව්‍යාප්ත වේ. වෛරසයේ ප්‍රභේද ගණනාවක් ඇති අතර මෙවර ව්‍යාප්ත වී තිබෙන්නේ ‘O’ කාණ්ඩයේ වෛරසයයි.
“සමහර වෛරස්වලින් හැදුණ කුර සහ මුඛ රෝග බරපතළ තත්ත්වයක් ඇති කරනවා. මේ පාර පැතිරිලා තිබෙන වෛරසය ඒ තරම් හානිදායක තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. හැබැයි ශීඝ්‍රයෙන් පැතිරෙනවා” යනුවෙන් අතිරේක පළාත් අධ්‍යක්ෂ, බී.සී.එෆ්. පෙරේරා සඳහන් කළේ ය.
කුර සහ මුඛ රෝගයේ ලක්ෂණ ලෙස උණ සහ දිය බිබිළි ඇතිවේ. ඒවා සතුන්ගේ දිව, තොල්, විදුරුමහ, උඩුතල්ල, කුර සහ කුර ආශ්‍රිත තැන්වල මතුවන අතර මෙම දිය බිබිළි පුපුරා ගොස් තුවාල ඇති වී කටින් සෙම වැගිරේ.
රෝගයට ගොදුරු වූ ගවයන්ට ආහාර ගැනීමට නොහැකි වන අතර කොර ගැසීම හෝ ඇවිදීමේ අපහසුව ඇති වේ. එළදෙනුන් නම් කිරි නිෂ්පාදනය අඩු වේ. මාරාන්තික නොවුණත් කුර සහිත සතුන් වන එළ ගවයන්, මී ගවයන් සහ එළුවන් මෙම රෝගයට ගොදුරු වී පීඩා විඳින බැවින් රෝගයෙන් වැළකීම පිණිස මාස 6 කට වරක් එන්නත් දීම සිදු කෙරේ. මෙම එන්නත් රජයේ පශු වෛද්‍ය කාර්යාලවලින් නොමිලේම සතුන්ට ලබාදෙනු ඇත.
එහෙත් ප්‍රශ්නය වන්නේ වයඹ පළාතේ කුර සහ මුඛ රෝගයට එන්නත් ලබා දුන් ගවයන්ට ද මෙය වැලඳී තිබීමයි.
“ඉස්සෙල්ලාම නම් එන්නත් නොකළ ගවයන්ට කුර සහ මුඛ රෝගය හැදුණු බව තමයි වාර්තා වුණේ. පස්සෙ පස්සෙ නම් එන්නත් කරපු ගවයන්ටත් ලෙඩේ හැදුණා. හැබැයි එන්නත් කළ ගවයන්ට රෝගය සුළු තත්ත්වයෙන් තමයි හැදුණේ. ඉක්මනින් ම සනීප වුණා. ඇත්තටම අපිටත් ප්‍රශ්නයක් වුණා ඇයි මෙහෙම වුණේ කියලා. සමහරවිට මේපාර හැදිලා තිබෙන ‘O’ වෛරස් කාණ්ඩයට එන්නත් ගැළපෙන්නේ නැති ද කියලා අපිට සැක හිතුණා. ඒත් එම එන්නත ඊට ගැළපෙන බව දැනගන්න ලැබුණා. දැන් අනුමාන කරන්න සිදුවී තිබෙන්නේ ‘O’ කාණ්ඩයේ වෛරසයේ අනුකාණ්ඩවලින් ව්‍යාප්ත වී තිබෙන අනුකාණ්ඩයට මෙම එන්නත ගැළපෙනවාද කියලා පරීක්ෂණ කිරීමටයි. ඒත් එය තහවුරු කරගන්න කාලයක් ගත වෙනවා. ඒ වන තුරු අපිට බලාගෙන ඉන්න බැහැ. ඒ නිසා අපි දිගටම එන්නත් ලබාදෙනවා. එයින් රෝග ව්‍යාප්තිය පාලනය කරගන්න පුළුවන්” යනුවෙන් අතිරේක පළාත් අධ්‍යක්ෂ බී.සී.එෆ්. පෙරේරා පැවසීය.
“එන්නතේ ප්‍රශ්නයක් තියෙනවා කියලා අපිට සැක කරන්න බැහැ. මොකද අපි ලංකාව පුරා ලක්ෂ 8 ක් විතර එන්නත් බෙදා හැර තිබෙනවා. එන්නතේ ප්‍රශ්නයක් තිබෙනවා නම් ලක්ෂයකටවත් රෝගය හැදෙන්න ඕනෑනේ. සතුන්ට විතරක් නෙමෙයි, මිනිස්සුන්ට වුණත් එන්නත් දුන්නාට රෝගය හැදෙන අවස්ථා තිබෙනවා. ඒකට විවිධ හේතු බලපානවා. එන්නත් විදින අවස්ථාවේ රෝගයකින් පෙළීම, වෛරසය ඊට පෙර ශරීරගත වී තිබීම, එන්නතේ නියමිත ඖෂධ මාත්‍රාව නිසි ආකාරයට සම්පූර්ණයෙන් ශරීරගත කර නොතිබීම වැනි කරුණු නිසා එන්නත නිසි ආකාරයට ක්‍රියාත්මක නොවන අවස්ථා තිබෙනවා. එවැනි කාරණයක් නිසා එන්නත් විද්දත් රෝගය හැදෙන්න පුළුවන්” යනුවෙන් පැවසුවේ පේරාදෙණිය සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකි.
කෙසේ වුව ද මේ වනවිට කුර සහ මුඛ රෝගය ව්‍යාප්ත වීම සම්පූර්ණයෙන් ම පාලනය කිරීමට පියවර ගෙන තිබේ. ඒ සතුන් ප්‍රවාහනය තහනම් කිරීම, ගවයන් පට්ටි ගවයන් ලෙස යොදා නොගැනීමට උපදෙස් දීම, එන්නත් ලබාදීම, ගවයන් නිදැල්ලේ උලාකෑම සඳහා නොයැවීමට උපදෙස් දීම, ගොවිපළවල්වල සේවය කරන අයගේ ඇඳුම්, හිස් වැසුම්, බූට්ස් විනාශ කිරීමට උපදෙස් දීම වැනි කරුණු මගිනි. මීට අමතරව රෝගයට ගොදුරු වූ ගවයන්ට ප්‍රතිජීවක ඖෂධ ඇතුළු ප්‍රතිකාර කිරීමට රජයේ පශු වෛද්‍ය කාර්යාල සූදානමින් සිටියි.
“ගවයන්ගේ කුර සහ මුඛ රෝගය වෙනදාට වැඩිපුර වාර්තා වුණේ උතුර, නැගෙනහිර, උතුරුමැද පළාත්වලින්. ඒකට හේතුව තමයි ඒ පළාත්වල ගවයන් නිදැල්ලේ ගැවසීම. කිරි ගවයන්ටත් ගෘහාශ්‍රිත ගවයන්ටත් ගොඩාක් දෙනා එන්නත් ලබා දෙනවා. ඒත් සමහරු මසට ඇති කරන සතුන් කියලා එන්නත් දෙන්න සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සතුන් කුර රෝගවලට ගොදුරු වෙන්න පුළුවන්. ගොවිපළවල්වල අයිතිකරුවන් තමුන්ගේ සතුන් ගැන සැලකිලිමත් වෙනවා නම් මෙවැනි රෝග පාලනය කරන්න පුළුවන්. ඒත් නිදැල්ලේ ඉන්න හරකුන් අල්ලාගෙන නීති විරෝධි ආකාරයට අරං එනවා. පළාතෙන් පළාතට ගවයන් ගොවිපළවලට අරං යනවා. එවැනි ක්‍රියාවලින් රෝගය පැතිරෙන්න පුළුවන්. මේ ගැන ගොවීන් දැනුවත් වී සිටීම ඉතා වැදගත්” යනුවෙන් සඳහන් කළේ සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ පළාත් අධ්‍යක්ෂ පශු වෛද්‍ය සුබසිංහය.
මේ අනුව සතුන්ගේ රෝග පාලනය කිරීම පශු වෛද්‍ය කාර්යාලවලින් පමණක් කළ හැක්කක් නොවේ. ගොවිපළ හිමියන් ද කැපවීමෙන් කටයුතු කළ යුතුය.
නැතහොත් කිරි නිෂ්පාදනය සහ මස් නිෂ්පාදනය පහත වැටීම, ගවයන්ගේ බෝවීම අඩුවීම වැනි කාරණා රටේ ආර්ථිකයට ඍජුවම බලපානු ඇත. මීට අමතරව වයඹ පළාතේ කුර රෝගයෙන් පෙළෙන ගවයන්ට ප්‍රතිකාර කරන පශු වෛද්‍යවරුන් කුකුළු ගොවිපොළ වැනි වෙනත් සත්ව ගොවිපළවල්වලට යෑම සීමා කර තිබෙන්නේ ඔවුන් මගින් ද වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති නිසා ය. එය ද වක්‍රාකාරයෙන් රටේ ආර්ථිකයට බලපෑමක් විය හැකි ය.