පාරේ වැරදි අල්ලන්න මාතර තරු­ණ­යෙ­කු­ගෙන් සුපිරි උපකරණයක් | Page 2 | සිළුමිණ

පාරේ වැරදි අල්ලන්න මාතර තරු­ණ­යෙ­කු­ගෙන් සුපිරි උපකරණයක්

උපකරණය අත්හදා බලන අවස්ථාවක් සහ ලබා ගත් ඡායාරූපයක්
උපකරණය අත්හදා බලන අවස්ථාවක් සහ ලබා ගත් ඡායාරූපයක්

මෙරට මාර්ග පද්ධ­තිය කෙත­රම් වැඩි­දි­යුණු කළද සිදු­වන අන­තුරු දිනෙන් දින වැඩි වනවා මිස කිසිදු අඩු­වක් නැත. ඊට ප්‍රධාන ලෙසට බලපා ඇති බවට සංඛ්‍යා දත්ත­ව­ලින් පෙන්නුම් කරන්නෙ රියැ­දු­රන්ගේ නොසැ­ල­කි­ලි­මත් රිය ධාව­න­යයි. මාර්ග නීති අනු­ග­ම­න­ය­කින් තොරව රිය ධාව­නය ඊට ප්‍රධා­නය. මෙයට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක වන්නේ එම රියැ­දුරා කරන වරද පොලිස් නිල­ධා­රි­යෙ­කුගේ ඇස ගැටු­න­හොත් පමණි.

පොලිස් නිල­ධා­රි­යෙකු නොමැ­තිව වුවත් රියැ­දු­රන් විසින් කරනු ලබන වැරැදි හඳුනා ගැනී­මට නව නිර්මා­ණ­යක් අපේ රටේ තරු­ණ­යකු හදුන්වා දි ඇත. ATVI (Automated Traffic Violence Investigator) නමැති එම නිර්මා­ණ­යෙන් රියැ­දු­රන් සිදු­ක­රන වැරැදි රිය ධාවන පහ­සු­වෙන් හදු­නා­ගත හැකිය. මාතර, කඹු­රු­පි­ටියේ පදිංචි 27 හැවි­රිදි අනුෂ්ක ඉඳු­නිල් සම­ර­තුංග තරු­ණයා එම නිර්මා­ණයේ මහ­මො­ළ­ක­රු­වාය. කටු­නා­යක ඉංජි­නේරු තාක්ෂණ ආය­ත­නයේ ඩිප්ලෝ­මා­ධා­රි­යෙකු වන ඉඳු­නිල් සිය නිර්මා­ණය ගැන අපට මෙසේ පැහැ­දිලි කළේය.

“මගේ ATVI උප­ක­ර­ණ­යෙන් ද්විත්ව ඉරි කැපීම, තනි ඉර කැපීම, කහ ඉර­කදී අයෙක් මාරු­වී­මේදී රිය ධාව­නය, වර්ණ සංඥා නොතකා ධාව­නය, දුම්රිය මාර්ග­යක් වසා තිබි­යදී ධාව­නය වගේම වර්ත­මා­නයේ ක්‍රියා­ත්මක මංතීරු නීතියේ කරන වැරැදි හඳු­නා­ගත හැකියි.මේ උප­ක­ර­ණය මාර්ගයේ යොදන සෙන්සර් ස්ටිකර් එක­කින් සහ මාර්ග­යට යාබ­දව රඳ­වන කැම­රා­ව­කින් සම­න්වි­තයි. අපි හිතමු ද්විත්ව ඉරි තිබෙන ස්ථාන­යක් කියා. එම ද්විත්ව ඉරි මත මිලි­මී­ටර් තුනක් උස ඉතා කුඩා සිහින් බට­යක් අවශ්‍ය දිග ප්‍රමා­ණ­යට ද්විත්ව ඉරි මත එළ­නවා. ඒ බටය රබර්. ඒ තුළ ජලය රඳ­ව­නවා. ද්විත්ව ඉරි මත එම මිලි­මී­ටර් තුනේ බටය එළී­මට ප්‍රමා­ණ­වත් කුඩා කාණු­වක් කැපිය යුතුයි. පසුව බටය වැසෙ­න්නට තාර ඉටි දමා එය වසා තබ­නවා. ඒ බටයේ ආර­ක්ෂා­වට මෙන්ම මාර්ගයේ බට­යක් අතුරා ඇති බව රියැ­දු­රන්ට නොපෙ­නී­මට. සාමා­න්‍ය­යෙන් මීටර් 20 ක දුරක එම බටය එළි­මට වැය­වන්නෙ රුපි­යල් 200ක් වැනි මුද­ලක්. ඒ බටයේ කොනක සෙන්ස­ර­යක් රඳ­ව­නවා. බටය මතින් කිලෝ­ග්‍රෑම් 150කට වැඩි බරක් ධාව­නය වුණොත් රඳවා තිබෙන සෙන්ස­ර­යෙන් සංඥා­වක් නිකුත් කර­නවා. ඒ ආස­න්නයේ රඳවා තැබෙන කැම­රා­වට.” අන­තු­රුව එම කැම­රා­වෙන් බටය මතින් යන රථයේ ඡායා­රූප 30ක් පමණ ලබා­ගන්නෙ තත්ප­ර­යක පමණ කාල­ය­කදි බව ඉඳු­නිල් කීවේය.

අංශක 360 කට ක්‍රියා­ත්මක වන ඒ කැම­රා­වෙන් ලබා­ගන්නා ඡායා­රූ­ප­වල දිනය, වෙලාව, රථයේ අංකය සිය­ල්ලම සඳ­හන් වෙයි. පසුව එම ඡායා­රූප තත්පර පහක් වැනි කාල­ය­කදී ඉඳු­නිල් විසින්ම නිර්මා­ණය කළ ගූගල් ඩ්‍රැයිව් එකක් මඟින් අදාළ අංශ­ව­ලට හෝ ස්මාර්ට් ජංගම දුර­ක­ථ­න­ය­කට හෝ ලබා­ගත හැක. එය මෙරට ඕනෑම පොලිස් ස්ථාන­ය­කට පම­ණක් නොව මාර්ගයේ රැඳී සිටිනා පොලිස් නිල­ධා­රි­ය­කුගේ ස්මාර්ට් ජංගම දුර­ක­ථ­න­ය­කට වුව ලබා­ගත හැකි අයු­රින් සකසා ඇත.

එසේ ලබා­ගන්නා ඡායා­රූප එවැනි වැරැදි කරන රියැ­දු­රන්ට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක කිරී­මට හොඳ­ටම ප්‍රමා­ණ­වත් සාක්ෂි­යකි. ඡායා­රූප ලබා­ගන්නා අති­සං­වේදී කැම­රා­වද ඉඳු­නිල් විසින්ම නිර්මා­ණය කරන ලද්දකි. මේ උප­ක­රණ පද්ධ­තිය දිවා රෑ මෙන්ම ඕනෑම රස්න­ය­කට, වර්ෂා­ප­ත­න­ය­ක­ටද ඔරොත්තු දෙන ලෙස සකසා ඇත. එසේම මේ උප­ක­රණ පද්ධ­තිය නිර්මා­ණය සඳහා වැය වන්නෙ රුපි­යල් විසි­ද­හ­සක පමණ මුද­ලකි. එවැනි මුද­ල­කින් මෙය නිර්මා­ණය වූවත් මෙවැනි පද්ධති දියුණු රට­වල රුපි­යල් කෝටි ගණ­නින් වැය­කොට නිර්මා­ණය කර ඇත.

මේ වන විට ඉඳු­නිල් මේ උප­ක­රණ පද්ධ­තිය මෙරට පොලිස් ස්ථාන කිහි­ප­යක් සම­ඟම අත්හදා බැලී­මක් කර ඇත. එම අත්හදා බැලී­ම්ව­ලදී මෙහි සාර්ථ­ක­ත්වය මනා ලෙස පිළි­බිඹු වී තිබේ. එසේම මේ දින­වල රූප­වා­හිනි නාලි­කා­වක විකා­ශය කෙරෙන නව නිර්මාණ තර­ගා­ව­ලි­යක ඉදි­රි­ය­ටම යන නව නිර්මා­ණ­යක් ලෙසද මෙය සැලැකේ. මේ උප­ක­ර­ණය වග­කි­ව­යු­ත්තන්ගේ අව­ධා­නය යොමු වී රටේ සිදු­වන මාර්ග අන­තුරු අවම කර­ගැ­නී­මට භාවි­ත­යට ගැනී­මට හැකි­යාව තිබේද යන්න හෝ සොයා බැලීම වග­කි­ව­යුතු සැමගේ යුතු­ක­මකි. එසේ නොමැ­තිව මෙවැනි තරු­ණ­යන් කරන නිර්මාණ නිර­ප­රාදේ කිසිදු ඇගැ­යී­ම­කට ලක්නො­කර බැහැර කිරීම මහත් අප­රා­ධ­යකි.

මේ තරු­ණයා මීට පෙරද මෙරට අලි-මිනිස් ගැටුම පාල­න­යට මනා අලි වැටක්ද නිර්මාණ කළ අයෙකි. ඒ පිළි­බ­ඳ­වද සිළු­මිණ පුව­ත්ප­තින් අනා­ව­ර­ණය කළත් අඩුම තරමේ එම අලි වැට අත්හදා බැලී­මට හෝ අව­ස්ථා­වක් ලබා දීමට තරම් වග­කි­ව­යු­ත්තන් කාරු­ණික නොවීය.


 

Comments