යූටි­යුබ් නිල් තරුව කොටු කර­ගත් වලාන මෙහෙ­යුම | Page 2 | සිළුමිණ

යූටි­යුබ් නිල් තරුව කොටු කර­ගත් වලාන මෙහෙ­යුම

පොලිස් වලාන දූෂණ මර්දන ඒක­ක­ය­ප­සු­ගිය ඉරිදා (01)අත්අ­ඩං­ගු­වට ගත් තිස්පස් හැවි­රිදි රත්න­කු­මාර් ෂර්මිලා හෙවත් ෂර්මි කුමාර් නමැති කාන්තාව ගෝත්‍රික යුගයේ කාන්තා­වක ලෙස මෑත කාලයේ හැසි­රෙන ආකා­ර­යක් දිස්විණි. සමාජ මාධ්‍ය ඔස්සෙ ආන්දෝ­ල­නා­ත්මක ප්‍රකාශ කර­මින් සමා­ජයේ බොහෝ දෙනාගේ කතා­බ­හට ලක් වූ කාන්තා­වකි ඇය. සමාජ මාධ්‍ය අතර ඉහළ ජන­ප්‍රි­ය­ත්ව­යක් හිමි යූ ටියුබ් නාලිකා ඔස්සේ ෂර්මි කුමාර් විටෙන් විට ආන්දෝ­ල­නා­ත්මක ප්‍රකාශ නිකුත් කර­මින් කර­ළි­යට පැමි­ණියේ කාන්තා පර­පු­ර­ටම නිග්‍රහ වන ආකා­ර­යෙනි.

සමාජ මාධ්‍ය ඔස්සෙ කිසිදු සභ්‍ය­ත්ව­ය­කින් තොරව අසභ්‍ය වචන පව­ස­මින් ෂර්මි ඍජු­වම ප්‍රකාශ කළේ ඇය ගණි­කා­වක බවයි. මීට වසර දහ­ය­කට පමණ පෙර මෝස්තර නිරූ­පණ ශිල්පි­නි­යක ලෙස නිරූ­පණ ක්ෂේත්‍රයේ ඉදි­රි­යට පැමිණි ඇය, 2015 වස­රෙන් පසු තමා ගණි­කා­වක යැයි ප්‍රසි­ද්ධියේ පව­ස­මින් ආන්දෝ­ල­නා­ත්මක චරි­ත­යක් බවට පත්වූ­වාය.

මීට වසර තුන­කට පමණ පෙරදී වත්තල හේකිත්තෙ ප්‍රසිද්ධ විහා­ර­ස්ථා­න­ය­කට ආස­න්නව අන්ද්‍රි­යානා නමින් රූප­ලා­ව­ණ්‍යා­ගා­ර­යක් ආරම්භ කළ ඇය එහි රූප­ලා­වණ්‍ය කට­යු­තු­ව­ලට මුවා­වෙන් කාන්තා­වන් මුද­ලට විකි­ණීමේ ගණිකා මඩ­මක්ද පව­ත්වා­ගෙන ගොස් ඇති බව හෙළි වී තිබේ. පසු­ගිය ඉරිදා එම ස්ථානය වැටලූ වලාන දූෂණ මර්දන ඒක­කයේ නිල­ධා­රීහු ෂර්මි සමඟ තවත් කාන්තා­වන් දෙදෙ­නෙකු අත්අ­ඩං­ගු­වට ගත්හ. ඒ, කාන්තා­වන් මුද­ලට විකි­ණීමේ ජාවා­ර­මක් සිදු කර­මින් සිටි­ය­දීයි.

වසර තුන හත­රක සිට ෂර්මි ගැන සමා­ජයේ බොහෝ දෙනෙකු කතා වුවත් ඇයට එරෙ­හිව කිසිදු බල­වේ­ග­යක් ක්‍රියා­ත්මක නොවූයේ මන්ද යන්න තිබෙන්නෙ ප්‍රහේ­ලි­කා­වකි. එහෙත් වලාන දූෂණ මර්දන ඒක­කයේ අධ්‍ය­ක්ෂ­ව­ර­යාට ඉකුත් දිනෙක ලැබුණු ලිඛිත තොර­තු­ර­කින් කියැ­වුණේ සමා­ජ­යට හානි­දා­යක වන වීඩියෝ දසුන් අන්ත­ර්ජා­ල­යට මුදා­හැර පුද්ග­ල­යන් ලිංගික ක්‍රියා­කා­ර­කම් සඳහා පොල­ඹවා ගනි­මින් මුදල් ගරා­ගැ­නීමේ ජාවා­ර­මක එම කාන්තාව නිරත වන බවයි. ඊට අම­ත­රව එම තොර­තුරේ අදාළ රූප­ලා­ව­ණ්‍යා­ගා­ර­යට මුවා­වෙන් කාන්තා­වන් මුද­ලට විකි­ණීමේ ජාවා­ර­මක්ද සිදු කරන බව­ටද සඳ­හන් කර තිබිණි.

ඒ අනුව පසු­ගිය මස 24 වැනිදා උපාය දූත­යෙකු ලෙස වෙස් ගැන්වුණු වලාන දූෂණ මර්දන ඒක­කයේ නිල­ධා­රි­යෙකු අන්ද්‍රි­යානා රූප­ලා­ව­ණ්‍යා­ගා­රය සොයා ගියේය. එදින උපාය දූතයා එම ස්ථාන­යට යන විටත් ෂර්මි කුමාර් රූප­ලා­ව­ණ්‍යා­ගා­රයේ සිටි­යාය. ඇය සමඟ සිය අව­ශ්‍ය­තාව කතිකා කර­ග­නිද්දී ෂර්මි කුමාර් පැවැ­සුවේ,

“මා ළඟ බඩු ඕනෑ තරම් ඉන්නවා. ඔයාට මොන වගේ කෙනෙක්ද ඕනෙ... වයස අඩු කෙනෙක්ද... වැඩි කෙනෙක්ද... නැත්නම් උස මහත... කෙට්ටු ඕනෑ ජාති­යක අය මගේ ළඟ ඉන්නවා...“ඒ ෂර්මි කුමාර්ගේ භාෂා­වයි. එසේම ඇය තව­දු­ර­ටත් කියා තිබුණේ,

“ඔයා ඕනෑ වේලා­වක එන්න... දැන් ගන්නවා නම්... දැන්ම තිස්දා­හක් දෙන්න... මෙහේදි ඕනෑ නම් ඒකත් පුළු­වන්... හැබැයි ඉඩ­කඩ නම් මදියි... ඕනෑ නම් පිට­ත­ටත් අරන් යන්න පුළු­වන්... කිසි ප්‍රශ්න­යක් නෑ... මට සල්ලි විත­රයි ඕනෙ...“

ඇය සිය ජංගම දුර­ක­තන අංක­යද උපාය දූත­යාට දී නැවත පැමි­ණෙන විට ඇමැ­තු­මක් ගෙන පැමි­ණෙන ලෙස­ටද දැන්වීය. එවිට අවැසි කාන්තාව රස්ති­යා­දු­ව­කින් තොරව ලබා­ගැ­නී­මට හැකි බවද ඇය කීවාය.

“හරි... මිස්... මං ලබන ඉරිදා උදේ දහය වෙන­කොට එන්නම්... හැබැයි මගේ තව යාළු­වෙක් සම­ඟයි එන්නෙ... මට හොඳ ලස්සන... වයස අඩු තරු­ණියෝ දෙන්නෙක් ඕනෙ...

“අයියෝ සුළු දෙයක්නෙ... ඔයා එන්න...

ඒ ෂර්මි කුමාර් වත්තල හේකිත්තෙ රූප­ලා­ව­ණ්‍යා­ගා­රයේ පසු­ගිය වසර කීපය පුරා­ව­ටම සිදු කළ කාන්තා­වන් මුද­ලට විකි­ණීමේ ජාවා­රමේ ස්වභා­ව­යයි.

ඒ අනුව පොලි­සිය සූදා­නම් වූයේ පසු­ගිය පළමු වැනිදා (ඉරිදා) වැට­ලීම සිදු කිරී­ම­ටයි. ෂර්මි ගෙවී ගිය දින කීප­යේම උපාය දූතයා අමතා විමසා තිබුණේ පැමි­ණෙන දිනය සහ වේලා­වයි. එසේම ඇය අන්ත­ර්ජාල දුර­ක­තන මාර්ග­යෙන් කාන්තා­වන් කිහිප දෙනෙ­කු­ගේම ඡායා­රූ­පද උපාය දූතයාට එවා තිබුණේ අවැසි කාන්තාව තෝරා ගැනී­ම­ටයි. ෂර්මිට කිසිදු සැක­යක් නොවන පරිදි සියල්ල සැලැ­සුම් කළ උපාය දූතයා එම ඡායා­රූප කීප­යෙන් දෙදෙ­නෙක් තෝරා­ගෙන ඇයට දැන්වූ­වාය.

වැට­ලීම සිදු කළ දින වලාන දූෂණ ඒක­කයේ සෙසු නිල­ධා­රීන්ද කැටුව ගිය උපාය දූතයා මුලින්ම රූප­ලා­ව­ණ්‍යා­ගා­ර­යට ගොස් ෂර්මි හමු වූයේ අදාළ ගනු­දෙ­නුව සඳ­හායි. ඇය ඒ මොහොතේ රුපි­යල් තිස්ද­හ­සක මුද­ලක් ඉල්ලා තිබුණේ එක් කාන්තා­වක් මුද­ලට විකි­ණීම වෙනු­වෙනි. ඒ අනුව උපාය දූත­යාද රුපි­යල් විසි­ද­හ­සක අත්ති­කා­රම් මුද­ලක් ගෙවා අවශ්‍ය තරු­ණි­යද තෝරා­ග­ත්තේය.

එසේ ගනු­දෙ­නුව සිදු වෙද්දී ක්ෂණ­ය­කින් කඩා­පැන්නෙ වලාන දූෂණ මර්දන ඒක­කයේ නිල­ධාරි කණ්ඩා­ය­මයි. පොලි­සි­යට තමන්ගේ කූට ජාවා­රම කොටුවූ බව දත් ෂර්මි, තමාගේ සුපු­රුදු අසභ්‍ය වාග් ප්‍රහා­රය එල්ල කර­මින් නිල­ධා­රින්ට කීවේ,

“මං මේ සමා­ජීය අව­ශ්‍ය­තා­වක් කරන්නෙ... මං වර­දක් කරන්නෙ නෑ... ඕනෑ කෙනෙ­කුට ඕනෑ දෙයක් කරන්න අයි­ති­යක් තියෙ­නවා... මේවා නීති­ගත කරන්න ඕනෑ...“ යනු­වෙනි. ෂර්මි සමඟ එදින රූප­ලා­ව­ණ්‍යා­ගා­රයේ මුද­ලට තම සිරුර විකි­ණී­මට සිටි කළු­තර සහ වැල්ල­ම්පි­ටිය පෙදෙ­ස්වල වයස අවු­රුදු විසි­දෙ­කක සහ තිස්හ­ත­රක තරු­ණියෝ දෙදෙ­නෙක්ද අත්අ­ඩං­ගු­වට ගනු ලැබූහ. අන­තු­රුව තිදෙනා වත්තල මහේ­ස්ත්‍රා­ත්ව­රයා වෙත ඉදි­රි­පත් කිරී­මෙන් පසු ලබන 09 වැනිදා දක්වා රිමාන්ඩ් බාර­යට පත් කිරී­මට නියෝග කෙරිණි.

ෂර්මි වරක් යූ ටියුබ් වීඩියෝ නාලි­කා­වක සම්මුඛ සාක­ච්ඡා­ව­කදී පව­සන්නෙ තමන් නීති­යට කොටු වී අධි­ක­ර­ණ­ය­කට ඉදි­රි­පත් කළ­හොත් ගණිකා වෘත්තියේ සියලු රහස් හෙළි කරන බවයි. එහෙත් ඇයට පව­ස­න්නට තිබෙන්නෙ කුමක් ද? ගණිකා වෘත්තිය යනු උස් පහත් බේද­ය­කින් තොරව කවුරු කළද මෙරට තුළ නීති­යෙන් වර­දකි.

කොළ­ඹදී උපන් ෂර්මි, පිරි­මින් සමඟ කරන කියන ක්‍රියා­කා­ර­කම් ගැන ප්‍රසි­ද්ධියේ කතා කරයි. ෂර්මි කුමාර් නමැ­ත්තිය පමා වී හෝ අත්අ­ඩං­ගු­වට ගෙන නීතිය ක්‍රියා­ත්ම­ක­කොට ඇයට නිසි දඬු­වම් පමු­ණු­වන්නා සේම ඇයව පුන­රු­ත්ථා­ප­නය කළ යුතු කාන්තා­වක බව කාගේත් මත­යයි. ෂර්මි කුමාර් කරන කියන දේ ගැන සමා­ජයේ විවිධ මත තිබේ. ඇතැ­මෙකු ඇය අනු­මත කරද්දී බහු­ත­ර­යක් ඇය දැඩි දෝෂ­ද­ර්ශ­න­ය­කට ලක් කරන්නෙ මෙරට සභ්‍ය­ත්වය කෙලෙ­සන කාන්තා­වක ලෙසිනි.

ෂර්මි කුමාර් අත්අ­ඩං­ගු­වට පත්වී­මත් සමඟ වත්තල, හේකිත්තේ ඇයගේ රූප­ලා­ව­ණ්‍යා­ගා­රය පිහිටි අවට බොහෝ දෙනා අපට කීවේ, එම ස්ථානය පසු­ගිය සමයේ බල­පත්‍ර ලැබූ ගණිකා නිවා­ස­යක් සේ පව­ත්වා­ගෙන ගිය බවකි.

“අපි පහු­ගිය කාලේ බොහෝ වග­කි­ව­යුතු අංශ­ව­ලට මේ ගැන පැමි­ණිලි කළා. ඒත් කිසිම වැඩක් වුණේ නෑ. ඔය කාන්තා­වට රටේ බොහෝ දේශ­පා­ල­න­ඥ­යන්, නළු­නි­ළි­යන්, වගේම ප්‍රභූ පුද්ග­ල­යන් සමඟ සමීප සම්බ­න්ධ­කම් තිබුණා... රැයක්... දවා­ලක් නෑ... ප්‍රසි­ද්ධියේ මිනිස්සු එන්නෙ... ඇත්ත­ටම පමා­වෙලා හෝ වලාන දූෂණ මර්දන අංශ­යෙන් ඔය කාන්තාව අත්අ­ඩං­ගු­වට ගැනීම ගැන අපේ ප්‍රශං­සාව හිමි වෙනවා..“ අසල වෙළෙ­ඳ­ස­ලක් පව­ත්වා­ගෙන යන නම කීමට අකැ­මැති පුද්ග­ල­යකු

කියූ කතා­වයි ඒ.

Comments