ලංකා­ට­යිල්ස් අලුත්ම සඟ­රාව “The Fine Art of Living” | සිළුමිණ

ලංකා­ට­යිල්ස් අලුත්ම සඟ­රාව “The Fine Art of Living”

ඉති­හා­සයේ තවත් සංධි­ස්ථා­න­යක් සලකුණු කර­මින් නොබෝදා ලංකා­ට­යිල්ස්, කාර්තු වශ­යෙන් පල­වන සිය නව­තම සඟ­රාව වන “The Fine Art of Living ” එළි­දැ­ක්වීය. ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉන්ටී­රිය නිර්මාණ ශිල්පීන්, නිර්මා­ණා­ත්මක පෙල­ඹ­වීම් සොයන සිසුන්, නිවාස හිමි­යන් සහ තමන්ගේ ජීවන අව­කා­ශ­යන් සඳහා වෙළ­ඳ­පොලේ ඇති හොඳම නිෂ්පා­දන අපේක්ෂා කරන අනා­ගත නිවාස හිමි­යන් ඉලක්ක කර ගත් ගුණා­ත්මක ප්‍රකා­ශ­න­යක් වන මෙම “The Fine Art of Living” සඟ­රාවේ, දේශීය හා ගෝලීය නිර්මා­ණා­ත්මක ප්‍රව­නතා, යමක් තමන් විසින්ම කර ගැනීම සඳහා උප­කා­රක උප­දෙස් සහ ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පීන් හා නිර්මා­ණ­ක­රු­වන්ගේ විශේ­ෂාංග ලිපි ඇතු­ළත් වේ.

මෙම සඟ­රාව එළි­දැ­ක්වීමේ උත්ස­වයේ දී, ලංකා­ට­යිල්ස් කාර්ය මණ්ඩ­ලය කියා සිටියේ ටයිල් පම­ණක් නොව, ඇලු­මි­නි­යම්, ග්‍රවුට් සහ මෝටා දක්වා, ලංකා වෝල්ට­යිල් සමූ­හය විසින් පිරි­න­මනු ලබන සම්පූර්ණ නිෂ්පා­දන පරා­ස­යම, ලංකාවේ සහ ලෝකයේ නමක් දිනා­ගෙන ඇති බවත්, පාරි­භෝ­ගි­ක­යන් සමඟ සම්බ­න්ධ­වෙ­මින් ඔවුන්ගේ මනසේ එය තව­දු­ර­ටත් ශක්ති­මත්ව තහ­වුරු කිරී­මට මෙම­ඟින් අපේක්ෂා කරන බවත්ය. තොර­තුරු සහ නිර්මා­ණා­ත්මක පෙළ­ඹ­වීම යන අංග දෙකෙන් පරි­පූර්ණ “The Fine Art of Living” සඟ­රාව , නව්‍ය­තා­වය සහ නිර්මා­ණ­ශී­ලී­ත්වය ප්‍රව­ර්ධ­නය කර­මින් පාරි­භෝ­ගි­ක­යන්ට ඔවුන්ගේ ජීවන අව­කා­ශ­යන් සම්බ­න්ධ­යෙන් හොඳම තීරණ ගැනී­මට අව­ස්ථාව සලසා දෙයි.

Comments