පීපල්ස් ඉන්ෂු­ව­රන්ස් රක්ෂණ සේවා රැසක් හඳුන්වා දෙයි | සිළුමිණ

පීපල්ස් ඉන්ෂු­ව­රන්ස් රක්ෂණ සේවා රැසක් හඳුන්වා දෙයි

විද්‍යා තාක්ෂණ හා පර්යේ­ෂණ අමා­ත්‍යං­ශය මගින් සංවි­ධා­නය කළ ශිල්ප සේනා තාක්ෂණ ප්‍රද­ර්ශ­න­යේදී ජන­තාව සාමාන්‍ය රක්ෂ­ණය පිළි­බ­ඳව දැනු­වත් කිරී­මට පීපල්ස් ඉන්ෂු­ව­රන්ස් ආය­ත­නය විසින් විශේෂ වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කරන ලදි. සැප්තැ­ම්බර් 25 වනදා සිට 29 දක්වා, ශිල්ප සේනා තාක්ෂණ ප්‍රද­ර්ශ­නය පොළො­න්න­රුව, කඳු­රු­වෙල ජාතික ක්‍රීඩාං­ග­න­යේදී පැවැ­ත්විය. මෙවර එහි තේමාව වූයේ “සවි­මත් දෑතින්- පොහො­සත් රටක්” යන්නයි.

මෙම ප්‍රද­ර්ශ­න­යේදී සාමාන්‍ය රක්ෂ­ණයේ වැද­ග­ත්කම පිළි­බ­ඳව සහ පීපල්ස් ඉන්ෂු­ව­රන්ස් ආය­ත­නය ලබා දෙන රක්ෂණ සේවා සහ පහ­සු­කම් පිළි­බ­ඳව ජන­තා­වට අව­බෝ­ධ­යක් ලබා දීම සඳහා ආය­ත­නයේ නියෝ­ජි­ත­යන් ප්‍රද­ර්ශ­නය පැවති දින­යන් මුළුල්ලේ කට­යුතූ කරන ලදි.

මෝටර් රථ, දේපළ, සංචා­රක සහ මුහුදු රක්ෂණ ඇතු­ළුව පුද්ග­ල­යන්ට සහ සමා­ග­ම්ව­ලට පීපල්ස් ඉන්ෂු­ව­රන්ස් පීඑල්සී පුළුල් පරා­ස­යක සාමාන්‍ය රක්ෂණ සේවා­වන් ලබා දෙයි. අද වන විට සමා­ග­මට විශාල ගනු­දෙ­නු­කාර පද­න­මක් ඇති අතර එහි වාර්ෂික වාරික ආදා­යම රු. බිලි­යන 5.5 ඉක්ම­වයි.

Comments