අප­ජ­ලය පිරි­යම් කිරීමේ ක්‍රම­වේ­ද­යක් සඳහා ගිවි­සු­මක් | සිළුමිණ

අප­ජ­ලය පිරි­යම් කිරීමේ ක්‍රම­වේ­ද­යක් සඳහා ගිවි­සු­මක්

ඇලු­මි­නි­යම් අප­ද්‍රව්‍ය යොදා පෙහෙ­කම් කර්මා­න්තයේ අප­ජ­ලය පිරි­යම් කිරීම සදහා විප්ල­ව­කාරී අප­ජ­ලය පිරි­යම් කිරීමේ තාක්ෂ­ණ­යක් ශ්‍රී ලංකාවේ නිප­දවා තිබේ. මෙම නව ක්‍රම­වේ­දය තිර­සාර සංවෘත ක්‍රම­වේ­ද­යක් වන අතර, එතු­ලින් ඇලු­මි­නි­යම් විද්‍යුත් විච්චේ­ද­න­යට ලක් කිරී­මේදී නිප­ද­වන අප­ද්‍රව්‍ය ඉතා නිර්මා­ණ­ශීලී ලෙස පෙහෙ­කම් කර්මා­න්තයේ අප­ජ­ලය පිරි­යම් කිරීම සඳහා යොදා ගනු ලැබේ. අප­ජ­ලය පිරි­යම් කිරීම අව­සා­න­යේදී ඇති වන අප­ද්‍රව්‍ය, පරි­සර හිත­කර ලෙස ගඩොල් බවට පත් කරනු ලබයි. මෙම ක්‍රම­වේ­දය MAS Fabric Park තුල ක්‍රියා­ත්මක කිරීම සඳහා MAS හෝල්ඩින්ස්හි නවෝ­ත්පා­දන අංශය වන MAS Innovations සහ කොළඹ විශ්ව විද්‍යා­ලයේ Colombo Science and Technology Cell විසින් මෑත­කදී ගිවි­සු­මක් අත්සන් කරන ලදී. මේ නව සොයා ගැනීම සඳහා Colombo Science and Technology Cell හා MAS පර්යේ­ෂණ කණ්ඩා­යම් විසින් එක්ව පරී­ක්ෂණ සිදු කරන ලද අතර, MAS Twinery විසින් ඒ සඳහා මුදල් ආයෝ­ජ­නය කරන ලදී.

Comments