කොග්ගල කඩො­ලාන රැකුමට ‘ඉන්සි’ අත හිත | සිළුමිණ

කොග්ගල කඩො­ලාන රැකුමට ‘ඉන්සි’ අත හිත

ඉන්සි සිමෙන්ති මෙවර ලෝක පරි­සර දිනය සම­ර­මින් විචි­ත‍්‍ර­වත් කොග්ගල කල­පුවේ තල­තු­දූව සහ කුරුළු දූව ආශ‍්‍රි­තව කඩො­ලාන පරි­සර පද්ධ­තිය නව්‍ය­ක­ර­ණය කර­මින් ප්‍රති­ෂ්ථා­ප­නය කළේය. “හෙලයේ මහා ගත් කර්තෘ” මාටින් වික්‍ර­ම­සිං­හ­යන් රචනා කළ දශක ගණ­නා­වක් පුරා ශ්‍රී ලාංකීය පාසල් දරු­වන් ආස්වා­ද­යෙන් පුර­වාලූ “මඩොල් දූව” කෘති­යෙහි සඳ­හන් ස්ථානය ද මෙය වෙයි. සමු­ද්‍රීය පාරි­ස­රික ආර­ක්ෂණ අධි­කා­රියේ සභා­පති රියර් අද්මි­රාල් රොහාන් පෙරේරා මහතා, මහ­වැලි සංව­ර්ධන අමා­ත්‍යං­ශයේ දකුණු පළාත් ලේකම් විදුර කාරි­ය­ව­සම් මහතා සහ ශ්‍රී ලංකා ඉන්සි සිමෙන්ති සමා­ගමේ සභා­පති, ප්‍රධාන විධා­යක නිල­ධාරී නන්දන ඒක­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් වැඩ­ස­ට­හන පැවැ­ත්විණි. එසේම මධ්‍යම පරි­සර අධි­කා­රිය, ශ්‍රී ලංකා වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව, වන­ජීවී සාගර සම්පත් සුරැ­කීමේ මධ්‍ය­ස්ථා­නය සහ සමු­ද්‍රීය පාරි­ස­රික ආර­ක්ෂණ අධි­කා­රියේ ඉහළ නිල­ධා­රීන්ගේ සහ­යත් හබ­රා­දුව තාක්ෂණ විද්‍යා­ලයේ සිසු­න්ගේත් ඉන්සි ග්‍රීන් ක්ලබ් ස්වේච්ඡා සංවි­ධා­නයේ සහ­යත් මෙම වැඩ­ස­ට­හන සාර්ථක කර ගැනීම සඳහා විශාල පිටි­ව­හ­ලක් ලබා දුන්නේය.

 

Comments