මාතලේ කැන්රිච් ෆිනෑන්ස් නව නිවහනකට | සිළුමිණ

මාතලේ කැන්රිච් ෆිනෑන්ස් නව නිවහනකට

ශ්‍රී ලංකා මූල්‍ය ක්ෂේත්‍රයේ 47 වසරක් පුරා කැන්රිච් ෆිනෑන්ස් සමාගම සිය ගනුදෙනුකාර භවතුන්ට විශ්වසනී මූල්‍ය විසඳුම් රැසක් දායාද කර ඇත. එම විශිෂ්ට වූ සේවයේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පාරිභෝගික ජනතාවට වඩාත් පහසු සේවයක් සලසා දීමේ අරමුණින් කැන්රිච් ෆිනෑන්ස් මාතලේ සේවා මධ්‍යස්ථානය මාතලේ, ත්‍රිකුණාමලය පාරේ, අංක 534 යන නව ස්ථානයේ ස්ථාපිත කර ඇත.

නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කැන්රිච් ෆිනෑන්ස්හි සභාපති ආචාර්ය ඩබ්. එම්. හේමචන්ද්‍ර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රදීප් බස්නායක, සහකාර සාමාන්‍යාධිකාරී (රන් ණය) සරත් තිලකරත්න සහ කලාප ප්‍රධානි සුරේඛ සෙනවිරත්න යන මහත්වරු සහභාගී වූහ. මෙම අවස්ථාවට එක් වෙමින් මාතලේ සේවා මධ්‍යස්ථානයේ කළමනාකාර අමිල අඹගල මහතා, මාතලේ ගනුදෙනුකාර භවතුන් සමග එක්ව ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කිරීමට හා ජීවිත සාර්ථක කරලීමට උපරිම සේවයක් සැලැසීමට කටයුතු කරන බව පැවසීය.

කැන්රිච් ෆිනෑන්ස්හි තවත් පියවරක් ලෙස මාතලේ සේවා මධ්‍යස්ථානයේ රන් ණය උකස් සේවාවන්ද එදින ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය ආයතනයක් ලෙස කැන්රිච් ෆිනෑන්ස් සමාගම රට පුරා විහිදී තිබෙන ශාඛා 36 සමඟින් ශ්‍රී ලාංකීය ජනතාව අතර ඉමහත් ප්‍රසාදයක් සහ විශ්වාසනීයත්වයක් පසුගිය දශක හතර තුළ දිනා ඇත.

Comments