SLT 2017 වාර්ෂික වාර්තාවට අන්තර්ජාතික සම්මාන | සිළුමිණ

SLT 2017 වාර්ෂික වාර්තාවට අන්තර්ජාතික සම්මාන

ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ සැපයුම්කරු වන ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ටෙලිකොම්හි (SLT) 2017 වාර්ෂික වාර්තාව ඉකුත්දා ජර්මනියේ හැම්බර්ග් හී පැවැති ARC 2018 අන්තර්ජාතික සම්මාන උෙලළේ දී සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීය. සමාගම් ලේකම් මහේෂ් අතුකෝරාල මහතාසහ සාමාන්‍යාධිකාරී- ආයතනික සම්බන්ධතා, රෝහණ එල්ලාවල මහතා විසින් SLT වෙනුවෙන් මෙම සම්මාන භාරගන්නා ලදි.

එහිදී විශේෂිත වාර්ෂික වාර්තා කාණ්ඩය යටතේ, ඒකාබද්ධ වාර්ෂික වාර්තා සහ සමාජ සත්කාරක කාණ්ඩයෙන් රිදී සම්මානයද, විදුලි සංදේශ කණ්ඩය යටතේ අභ්‍යන්තර සැලසුම වෙනුවෙන් ලෝකඩ සම්මානයද, විදුලි සංදේශ කාණ්ඩය යටතේ ලිඛිත කරුණු වෙනුවෙන් ගෞරව සම්මානයක්ද SLT සතු විය.

අන්තර්ජාතික ARC සම්මාන හෙවත් ගොලීය මට්ටමේලා සැලකෙන මෙම ඇගයුම් සම්මාන උෙලළේ දී වසර කිහිපයක් පුරා SLT හී වාර්ෂික වාර්තාව ඇගයීමට ලක් විය.

මෙවර සම්මානද සමගින් SLT ආයතනය මෙම සම්මාන උෙලළේදී පිට පිටම ඇගයුමට පත් තෙවැනි වසර මෙය වේ.

ARC සම්මාන 2017 දී SLT හී 2016 වාර්ෂික වාර්තාව, විදුලි සංදේශ අංශයේ සංකල්පීය ඡායාරූප අංශයේ ලෝකඩ සම්මානය සහ විදුලි සංදේශ අංශයේ සංකල්පීය සැලසුම් කාණ්ඩයේ ගෞරව සම්මානයද ඇතුළු සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය.

Comments