කොළඹ, පේරා­දෙ­ණි සහ හෙළ හවුලේ කවි ගැන එදා කියූ කතා | සිළුමිණ

කොළඹ, පේරා­දෙ­ණි සහ හෙළ හවුලේ කවි ගැන එදා කියූ කතා

 

මීට හරියටම වසර 55කට පෙර 1963 වසරේද දිවයින පුරා සාහිත්‍ය උත්සව, සම්මන්ත්‍රණ පවත්වා ඇත. ඒ සමයේ සිංහල කවියේ අතීතය, වර්තමානය හා අනාගතය කෙබඳු දැයි ලේඛකයන් පළ කළ අදහස් අදටත් යම් ප්‍රමාණයකට කාලෝචිත යැයි හැ‍ඟේ. එදා මාර්ටින් වික්‍රමසිංහ, මීමන ප්‍රේමතිලක, සිරි ගුනසිංහ, රැයිපියෙල් තෙන්නකෝන්, පී.බී. අල්විස් පෙරේරා දැක්වූ අදහස් මෙසේ එක් වෙයි‍. සිංහල සාහිත්‍යය ගැන එදා ‘සරසවිය’ පුවත්පත ‘අද සිංහල කවිය’ තේමා කොට දැක්වූ ඒ අදහස් සාහිත්‍ය අතිරේකයක් සකස් කිරීමේ ගෞරවය හිමිවන්නේ ‘සිළුමිණ’ හා ‘සරසවිය’ පුවත්පත වන උප කර්තෘවරයකු සිට පසුව පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වූ ඩයස් ගුණරත්න (ආර්.ඩී. ගුණරත්න) හට ය.

නිසඳැස් පද්‍ය, එළිසය පද්‍ය, පැළලි කවි ආදී වචන ගැන කලහ කිරීමට වඩා හොඳම කාරිය කවර පද්‍ය රචනායක් වුව ද ඉත සිතින් අපක්ෂවාදීව විවේචනය කරන්නට වෑයම් කිරීම බව මාර්ටින් වික්‍රමසිංහයන් එදා පවසා තිබිණි.

වික්‍රමසිංහයන් පවසා ඇත්තේ අප රට පද්‍ය කාව්‍යය මෙන් ම ගද්‍ය කාව්‍යය ද 12 වැනි සියවසෙහි පටන් දියුණු වූයේ බෞද්ධ යථාර්ථ වාදයට ඉඳුරා පටහැණි අත්භූත අතිශයෝක්ති දෙකක් ඇසුරෙන් බව ය. එයින් එකක් හින්දු හා සකු සාහිත්‍යයෙන් පිවිසි බවත්, අනික ක්‍රිස්තියානි අද්භූත සාහිත්‍යයෙන් පිවිසි බව කියන ඔහු පැරණි සමහර සිංහල යතිවරයෝ හින්දු අද්භූත වාදයට පටහැණි වූ බවත් පවසා තිබුණි.

නව පද්‍ය රචකයන් බටහිරින් ණයට ගන්නා ලද යථාර්ථවාදයටත් භාෂා රීතියටත් උපමා රූපක ද මේ පාලි රචනාවල ඇත‍. අපට සිය වස් ගණනක සිට පුරුදු වූයේ සකු සාහිත්‍යය හෝ බටහිර සාහිත්‍යය හෝ පිදීම ය. ඒ දෙකින් ම උකහා ගත් දැනුම් තමන්ගේ ම ධී ශක්තිය කොට ‍ගත් කවියෝ සුලබ නොවූහ‍. එහෙයින් පැරණි දේ පුන පුනා කියන්නෝ සකු සාහිත්‍යයෙන් බටහිර අද්භූත ගද්‍යයෙහිත් අලුත් සිතුම් සිතන්ට කැමැත්තෝ බටහිර සාහිත්‍යයෙහිත් එල්බ ගනිති. එහෙයින් එක් පක්ෂයක් අලංකාර ශාස්ත්‍රයක් අනික් පක්ෂය බටහිර විචාරයත් ගුරු කොට ගනිති. නව පද්‍ය කාව්‍යය හැඳින්වීමට තරුණ කවීහු ඉංගිරිසි වචනවලට සරිලන සිංහල වචන නිපදවති. නිදහස් පද්‍ය අයමක් පද්‍යය, භාව කවි වීර කාව්‍ය ආදී වචන වහරට පැමිණියේ එහෙයිනි. මේ පද්‍ය රචනාවන්ට නින්දා කරනු පිණිස වහරනු ලබන පැලලි කවි, ගැමි වහර, අව්‍යක්ත දෝෂ වියරණ වැරදි සදැස් දොස් යන වචනවලින් හැඳින්වෙන ලකුණු ද පාලි පද්‍යයෙහි පද්‍යයෙහි ඇත.”

මාර්ටින් වික්‍රමසිංහයන් පවසන්නේ අයමක වූ පමණින් හෝ යමක වූ පමණින් පද්‍යයක් හොඳ නොවන බව ය. නිසඳැස් වූ පමණින් හෝ සඳැස් ව‍ූ පමණින් හෝ පද්‍යයක් උසස් නොවන බව ය; වියරණ වැරදුණු පමණින් පද්‍යයක් පහත් නොවන බව ය; නිදොස් වූ පමණින් පද්‍යයක් උසස් රචනයක් නොවන බවය; එසේම ගැමි බසින් රචිත වූ පමණින්වත්, ශිෂ්ට බසින් රචිත වූ පමණින්වත් පදවියක් ‍උසස් නොවන බව ය; කවර පද්‍ය රචනයක් වුව ද ඉත සිතින් අපක්ෂවාදීව විවේචනය කරන්ට වෑයම් කිරීම බව කිය හෙතෙම එයට කදිම නිදසුනක් සපයයි. එනම් වෙළෙඳාම පිණිස තනනු ලබන ග්ලූකෝ රස ජුජුබ්ස් පැකට්ටු මෙන් තනනු ලබන ගතානුගතික සඳැස් පද්‍යයත්, නිසඳැස් පද්‍ය හා වෙන් කොට ගැනීම පහසු පහසුවන බව ය.

තරුණ කවි පෙරමුණේ පුරෝගාමිකයකු වූ මීමන ප්‍රේමතිලක මේ අදහස් පවසන කාලයේ ඔහු ‘සිළුමිණ’ පත්‍රයේ කර්තෘවරයා ය. ඔහු පවසා ඇත්තේ නිසඳැස්කාරයන් කියන හැටියට ඔවුන්ගේ රචනාවල සඳැසක් තිබේ නම් ඔවුන් රචනා කරන්නේ මොනවාදැයි ඔවුන්ම නොදන්නා බව ය. ඔහු මුලින් ම කවියේ ඉතිහාසය පසුබිම් කරගෙන කොළඹ කවියක් ගැන අවධාන යොමු කර ඇත.

“කව්සිළුමිණෙන් පසු අවුරුදු දෙකින් සියයක් ගෙවෙන තුරු සිංහල පද්‍ය කාව්‍යයක් පහළ වී නැත. පසුව සන්දේශ කාව්‍ය යුගය එළඹිණි. ඒ අතර කෝ‍ට්ටේ සමයෙහි ඇතිවූ කාව්‍යශේඛරය සහ බුදුගුණ අලංකාරය ද එවැනි පද්‍ය ග්‍රන්ථයෝ වූහ.

වෑත්තෑවේ හිමියන් මෙන් ම අනුන්ට වහල් නොවී තමන්ගේ අදහස් එඩිතරව ප්‍රකාශ කළ දක්ෂ කවියෙකි වීදාගම ස්වාමි පාදයන් වහන්සේ. වීදාගම හිමියන්ගේ බුදුගුණ අලංකාරය අලුත් මඟක් ගත්තකි.

දහනම වැනි ශතවර්ෂය අවසානයේ දී යළිත් කාව්‍ය ප්‍රබෝධය ලංකාවේ ඇති විය. පියදාස සිරිසේන, බොරලැස්ගමුවේ ජී.එච්. පෙරේරා, ආනන්ද රාජකරුණා, ජේ.පී. වික්‍රමතිලක, වික්ටර් ද ලැනරෝල්, ලයනල් ඩබ්ලිව් ද සිල්වා පුවක්දණ්ඩාවේ කවීන්ද්‍රයා, බැන්ටිස් රණවීර, මුල්ලපිටියේ කේ‍. එච්. ද සිල්වා, ටි‍ෙබට් ජාතික ඇස්. මහින්ද හිමි ආදී එම යුගයේ කවීන්ට ප්‍රවෘත්ති පත්‍ර සඟරා ආදියෙන් ස්වකීය කවිත්වය ප්‍රකාශ කිරීමට නොලැබිණි. එ් යුගයේ කාව්‍ය ග්‍රන්ථකරණයට සිත් යොමු කර ඇත්තේ ප්‍රධාන වශයෙන් ආනන්ද රාජකරුණා සහ පියදාස සිරිසේන පමණකි. පසු කලෙක ජී.එච්. පෙරේරා සහ මුල්ලපිටියේ කේ. එච්. ද සිල්වා ද කාව්‍ය ග්‍රන්ථකරණයෙහි යෙදුණාහ.”

මීමන කියන ආකාරයට ඉහතින් සඳහන් කළ කවි යුගය රාජකරුණාගේ හා ජී.එච්. ගේ ද යුගය ලෙස හැඳින්වීම වරදක් නැතැයි පවසා ඇත. මේ යුගය අවසාන වත්ම කොළඹ යුගය යනුවෙන් හැඳින්විය හැකි බවත් එහි මුල් පුරුකට රාජකරුණා, ජී.එච්., මුල්ලපිටියේ, වික්‍රමතිලක හා මහින්ද හිමි ගෑවී සිටි බව ද කොළඹ යුගයේ උදාවත් සමඟ ඇතිවූ කවීන් වශයෙන් ඇතිවූ කවියන් ලෙස විමලරත්න කුමාරගම, ඩී.ඒ. කුමාරසිංහ, උපනන්ද බටුගෙදර, කේයස් (සාගර පලන්සූරිය), පී.බී. අල්විස් පෙරේරා, එච්.එම්. කුඩලිගම, විමලේන්ද්‍ර වතුරේගම, පී.කේ.ඩී. සෙනෙවිරත්න, මීදෙනියේ විමලානන්ද හිමි දක්වයි.

කොළඹ යුගයේ දී තරම් පද්‍ය රචනා කරන්නවුන් ඇති වූ යුගයක් ලංකා ඉතිහාසයේ නොසිටිය බවත්, එහෙත් බොහෝ දෙනාගෙන් පද්‍ය රචනා අතුරෙන් කවියක් වශයෙන් එක කවියක් සොයා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් බව මීමන පවසා ඇත.

මාර්ටින් වික්‍රමසිංහ, පියසේන නිශ්ශංකගේ ද කර්තෘත්වයෙන් ‘සිළුමිණ’ පත්‍රය පැවතෙද්දී දියුණු ව‍ූ කවියන් ලෙස හොරණ කුමාරසිංහ, හක්ගල්ලේ සෙනෙවිරත්න, උඳුගොඩ නවරත්න, උපනන්ද බටුගෙදර ඇතුළත් වන බව ඔහු කියයි. ඒ අතරම මේ යුගයේ කවීන්ගේ කෘතින් සමහරක් අතුරෙන් කාව්‍ය විවේචනයක ගත හැකි තරම් තත්ත්වයක පැවතියේ කිහිපයක් බව ද හේ කීමට පසුබට වී නැත. මීමන මෙසේ ද පවසයි.

“නූතන කවීන් වැඩි දෙනෙක්ම ජනකවිය ඔප් නැංවූ කවීන් වශයෙන් හැඳින්විය හැකි ය. ඔවුන් සාමාන්‍ය මිනිසා දෙස කවි ඇස යොමු කිරීම ඔවුන් විසින් කරන ලද ප්‍රධාන කාර්යය වෙයි. අලුත් කවි කථා පුරුදු කිරීම ද ඔවුන් ලද සේවයකි. මේ අතරතුර ප්‍රතිභා ශක්තිය ඇති දක්ෂ රචකයන් කීපදෙනෙක් ම හදිසියේ ම ස්වකීය මධුර කවිත්වය හෙළි කරමින් කියැවීම ලෝකය ඉදිරියට පැමිණියහ. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ එවැනි අය අතුරෙන් ප්‍රධාන අංකය ගනී. මානවසිංහ පද්‍ය පන්තියෙන් දෙකෙන් ඉතා ජනප්‍රිය භාවයට පත් විය.

‘නිසඳැස්’ නමැති ඊනියා කවි විශේෂයක් කොළඹ යුගයත් සමඟම පහළ විය. මෙය වැඩි වශයෙන් පේරාදෙණියේ විශ්වවිද්‍යාලයටම සීමා වූවකි.

කවියෙහි සීමාවක් නැත. හොඳ කවියක් තැනිය හැක්කේ පොදු සමාජයේ මුල පටන් අග දක්වා මැනවින් දන්නා කෙනෙකුට පමණි. එහෙත් නිසඳැස්කාරයෝ ඔවුන් සිතුම් පැතුම් පේරාදෙණියට පමණක් සීමා කළ හ.”

සිරි ගුනසිංහ ‘අද සිංහල කවිය’ ගැන අදහස් දක්වමින් පවසා ඇත්තේ නිසඳැස් කවිය බිහි වුණේ කොළඹ කවිය බිහි වුණේ කොළඹ කවිය, කවියක් වශයෙන් පිරිහීමට පත්වූ බවත්, නිසඳැස් හා සඳැස් අතර වෙනසක් නැති බවය. එසේ නම් කොළඹ කවීන් කළ විප්ලවය කුමක්දැයි ඔහු ප්‍රශ්න කරයි.

“පසුගිය සුළු කාලය ඇතුළත සිංහල කාව්‍ය සාහිත්‍යයේ නිශ්චලතාවය බිඳ ලෑමට විශේෂයෙන් ම ආධාර වූයේ එයට අලුතෙන් ඇතුළු වුණු නිසඳැස් පද්‍යයයි. නිසඳැස් පද්‍ය රචකයෙක් හැටියට මෙයින් උදම් ඇනීමට අදහස් නොකරමි. උදම් වැනීමට තරම් නිසඳැස් පද්‍ය සාහිත්‍යයක් තවම බිහිවී නැත. නිසඳැස සිංහල සාහිත්‍යයෙහි මුල් බැස ගත්තක් යැයි අපි නොකියමු. සිංහල කාව්‍යය පිළිබඳ ඇති වූ උද්යෝගය යන්නෙන් අපි අදහස් කරන්නේ සඳැස්, නිසඳැස්, ජනකවි ආදී හැම කවියක් ගැනීම පාඨකයාගේ කල්පනාව යොමුවන්ට පටන් ගත් බවයි.

සාහිත්‍යයක් දියුණුවීමට නොයෙක් නොයෙක් ක්‍රමයේ රචනා තිබිය යුතු බව කවුරුත් පිළිගන්නා දෙයකි. නවකතා, කෙටිකතා, සාහිත්‍ය ලිපි, ජීවිත කතා, ගමන් විස්තර කවි ආදී හැම දෙයක්ම සාහිත්‍යයක් අංග දෙයක්ම සාහිත්‍යක් අංග සම්පූර්ණ වීමට අවශ්‍යය.

නවකතා යන්නෙන් එකම ගනයක එකම ශෛලියක රචනා පමණක් අදහස් නො කෙරේ. පියදාස සිරිසේන මහතාගේ නවකතා හා ඩබ්ලිව්.ඒ. සිල්වා, සිරිසේන මහතාගේ නවකතා අතර වෙනස කොතරම් විශාල ද? ඩබ්ල්යූ .ඒ. සිල්වා මහතාගේ හා මාර්ටින් වික්‍රමසිංහගේ නවකතා අතර වෙනස විශාල වූ පමණට එකක් හුවාදැකීමකුත් අනික හෙළා දැකීමකුත් සිදු නොවෙයි. නවකතා නොයෙක් නොයෙක් ආකාරයෙන් කළ හැකියි අවිවාදයෙන් පිළිගන්නා පාඨකයෝ කවිය ගැන මෙසේ නො සිතන්නේ ඇයි ද යන්න විමතියට කාරණයකි. කවිය පද හතරක් හා එළිසමයක් ඇතුව පමණක් ලිය යුත්තේ යැයි සිතන්නේ අවිද්‍යාව නිසා යැයි අප කියන්නේ මේ නිසා ය. එය අවිද්‍යාව නොවෙයි නම් ඉරිසියාව විය යුතුයි.”

කොළඹ - කවි කිය වූ පාඨක සමාජ ඉතා විශාල එකක් බව ද, කොළඹ කවිය නැති වී ගෙන ගිය අවදියක කොළඹ කවීන් කළ සේවය විශාල සේවයක් කළත් සිංහල කවිය ප්‍රාණවත් කවි සම්ප්‍රදායක තත්ත්වයට ගෙන ඊමට ඔවුන්ට නොහැකි වූ බව සිරි ගුණසිංහයෝ කියති. එසේ ම කොළඹ කවියේ පිරිහීම නිසා හිස් වූ කාව්‍ය සාහිත්‍යයට නිසඳැස් කවිය ඇතුළත්වීම පුදුම නොවන බව

“නිසඳැසේ ඉතිහාසය ගැන සිතන විට අපට පෙනී යන්නේ නිසඳැසට විරුද්ධව කෑ කෝ ගැසීමට පටන් ගත්තේ අප විසින් ලියන ලද ‘මස් ලේ නැති ඇට’ නම් කව් පොත පළව‍ූවාට පසුව යන්නය.

අවුරුදු ගණනකට පසු මේ කෑ කෝ ගැසීම් ගැන විපරම් මේ ක‍ෑ කෝ ගැසීම් ගැන විපරම් කරන විට ‘මස් ලේ නැති ඇට’ පොතට මේ තරම් විරුද්ධ වීමට හේතු මොනවා දැයි මඳ වශයෙන් හෝ අවබෝධ කර ගත යුතු ය. ජී.බී. සේනානායක තමාගේ ‘පළිගැනීම’ නමැති පොතේ ‘ගද්‍යත් නොව පද්‍යත්’ නොවූ රචනා කිහිපයක් පළ කළ නමුත් කිසිවෙක් එයට විරුද්ධව නැඟී ආවේ නැත. ඒ රචනා සම්ප්‍රදායට අයත් නොවූ රචනා යැයි කිසිවෙක් කීවේ නැත. ඒ රචනා සිංහල කවිය කෙලෙසීමේ පියවරක් යැයි කිසිවෙක් කීවේ නැත. එහෙත් ‘මස් ලේ නැති ඇට’ පළවූ විගස එහි කර්තෘට ගුටි බැට දීම පමණකි නොකළේ. ඒ පොතටත් එහි කර්තෘටත් ඉතාමත් පහත් අන්දමින් බැන වැදීමට විශිෂ්ට සභ්‍යත්වයකටත් සාහිත්‍ය සම්ප්‍රදායකටත් හිමිකම් කියන විචාරකයෝ මැලි වුණේ නැත.”

නිසඳැස් කවියට‍ එල්ල කරන ලද ප්‍රධාන චෝදනා දෙකක් සිරි ගුනසිංහ දක්වා ඇත. එකක් බටහිර ආභාසය නිසා නිසඳැස ඇති වූ බව ය. අනික නිසඳැස් කවි අසභ්‍ය යනු ය. සිංහල කවියේ අතපය කඩා එය කොරෙකුගේ තත්ත්වයට පත් කළ සමුද්‍රඝෝෂය නැති නිසා ම නිසඳැස පරදේශයකින් ආ දෙයකැයි කිව හැකි කිය හැක දැයි ප්‍රශ්න කරන ඔහු නිදර්ශන කීපයක් උදාහරණ ලෙස දක්වයි.

“මද්දුම ළමයා බැඳපු

දෙද්දුව බාලප්පු තැනට

වෙද්දු කීය කන්න කිතුල්

තලප නෙවලසා

(ආනන්ද රාජකරුණා)

පිනවන දුටු දන මන සෑම

ගඟ ළඟ පිහිටි කදීම

තුරු පෙළ අවට සැදීම

යුත් සෙවනැල්

(ගජමන් නෝනා)

අම්බලමේ පිනා පිනා

වළං කඳක් ගෙනා ගෙනා

ඒක බිඳපි ගොනා ගොනා

ඒකට මට හිනා හිනා

එලු සඳැස් ලකුණේ සිරි විරිත හා සිරි ඡන්දසට උදාහරණ වශයෙන් දී ඇත.

කා

මී‍

තා

මී‍

දැනේ

අනේ‍

දිනේ

කෙවුලී

හෙළ හවුලේ රැයිපියෙල් තෙන්නකෝන් ‘කොළඹ කවිය හා නිසඳැස ගැන දක්වා ඇත්තේ උපහාසාත්මක අදහස් දක්වා ඇත්තේ උපහාසාත්මක අදහස් සමුදායකි‍.

“පේරාදෙණි සරසවි වැසියෝ නවීන අවදිය ‘කොළොඹ යුගය’ යන නමෙකින් සඳහන් කෙරෙති.‍ කොළඹත් මේ අවධියත් අතරේ ඇති සම්බන්ධය කිමෙක්දැයි මම නොදනිමි. අනුරපුරේ රජුන් සිටි අවදිය, පොලොන්නරුවේ රජුන් සිටි අවදිය ආදි අවදිය ආදි අවදි ඒ ඒ රාජධානියේ නමින් කිසි කෙනෙක් සඳහන් කරති.

නිසඳැසට බැණ වැදීමට පටන් ගත්තේ කොළඹ යුගයේ කවීන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් බව කියන ගුනසිංහයෝ බටහිර කෘති අමු අමුවේ උදුරා ගත් ‘සුදෝ සුදු’, ‘පාලුගම’, ‘සොහොන් බිම’ වැනි කිසිවෙක් වචනයක් නොකී බවත්, ජී.බී. සේනානායකගේ රචනාවන්ට විරුද්ධ නොවුණු මේ විචාරකයෝ ‘මස් ලේ නැති ඇට’ පොතට විරුද්ධ වුණේ එහි කර්තෘ කෙරෙහි ඔවුන් තුළ තිබුණු අමනාපයක් නිසා විය හැකි බව පවසති. “හෙළ හවුලේ කවියෝ වදන් තැනීමට හපන්නු ය. ඉස්මතු වී පෙනෙන්නේ කාව්‍ය රසයට වඩා වියරණ රසයයි.

හෙළ හවුලේ කවීන් අතුරින් රැ. තෙන්නකෝන්, අමරසිරි ගුණවඩු, ජයමහ වෙල්ලාල, අලවුඉසි සැබිහෙළ, අරීසෙන් අහුබුදු, හියුබත් දිසානායක යන කවියන් කැපී පෙනෙන නමුදු ඒ හැමටම වඩා ඉහළින් අපට පෙනෙන්නේ කුමාරතුංග මුනිදාස කවියා ය. කුමාරතුංග, කාලය සමඟ ඉදිරියට ගමන් කළ උසස් කවියෙකි. අප එසේ සඳහන් කරන්නේ, ඔවුන් අතින් කෙරුණු පබඳ, ලියැවුණු කවි, බොහෝ විට නොගැඹුරු බසින් ලියැවුණු බැවිනි.

ගඟ ද සුළඟ සමගි නි

කතා නොකැර පෙර මෙ නි

හබල් පහර ඔරුයෙ නි

නිසොල්මන්ව විඳ ග නි

කුමාරතුංග මුනිදසුන්ගේ මේ ගීය කිය වූ කෙණෙහි මතක හිටින ලිහිල් බසින් ලියැවී ඇති මිහිරි රචනාවක් ලෙස පී.බී. කවියා උදාහරණයක් දෙයි. ‍ඔහු පවසන්නේ රැ. තෙන්නකෝන් එදා සිටි (1963) හෙළ හවුලේ සිටි ‍උසස්ම කවියා බව ය.

කොළඹ යුගයේ ප්‍රකට කවියකු වූ පී.බී. අල්විස් පෙරේරා හෙළ හවුලේ කිවියන් ගැන සඳහන් කර ඇත්තේ පාවහන, මිණි ඔබ්බා රනින් තැනුවත් එය පයට නොසරි නම් ඉන් ප්‍රයෝජනයක් නැති බවත් හෙළ හවුලේ බොහෝ කවි වලින් රස ඕජාව ඇඳ ගැනීමට නොහැකිවන්නේ හෙළ හවුලේ වැටෙන් පැන පොදු ජනයාගේ හදවතට ළං වූ බවය.

හෙළ හවුලේ කවීන් තමාට පෙනෙන්නේ ජීවමාන සමාජයෙන් ඈත් වී අතීතය කරා දිව යන්නට වෑයම් කරන ලෙස බවය. කවි ලිවිය යුත්තේ මළවුන් සඳහා නොව ජීවත්වන්නවුන් සඳහා යයි හෙළ හවුලේ කවීන්ට වැටහී නැති බවත්, එය වැටහුණු දා ඔවුන්ගේ රචනා නැඟී සිටින ජාතියක ජීවය බවට පත්වන බව ය. පී.බී. අල්විස් පෙරේරාගේ අවසාන නිගමනය මෙසේය.

“කොළඹ යුගයේ නූතන කවීන් පද්‍ය සාහිත්‍යයේ විකාශනය සඳහා හෙළ හවුලේ කවීන්ගේ සහයෝගය බලාපොරොත්තු වනු පෙනේ. අප දෙගොල්ලන්ගේ ම ඉලක්කය ඒක නම්, ගමන් මඟ වෙනස් කළ යුතු කාලය පැමිණ තිබෙන බව හෙළ හවුලේ කවීන් වෙත අවධාරණයෙන් දන්වා සිටිමු.”

Comments