තලවතුගොඩ හේමාස් රෝහල රාජ්‍ය සම්මානයට | සිළුමිණ

තලවතුගොඩ හේමාස් රෝහල රාජ්‍ය සම්මානයට

ACHSI අන්තර්ජාතික ප්‍රමිතිකරණයෙන් යුතු රෝහල් සේවාවක පුරෝගාමී නාමය වන හේමාස් රෝහල් සමූහයට අයත් තලවතුගොඩ හේමාස් රෝහල, ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍යය අතර පවතින දශක තුනක මිතුදම ශක්තිමත් කිරීමට ලබා දුන් දායකත්වය අගයනු වස් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය වූ මෙම සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සීෂෙල්ස් රාජ්‍යයේ දී පසුගියදා පැවැති අතර මෙහි දී ජනාධිපතිවරයා විසින් මෙම සම්මානය තලවතුගොඩ හේමාස් රෝහල වෙත ප්‍රදානය කරන ලදි. අන්තර්ජාතික තත්ත්වයේ ප්‍රමිතිගත රෝහල් සේවාවක් පවත්වාගෙන යමින් දීර්ඝ කාලයක් සීෂෙල්ස් රාජ්‍යයේ පුරවැසියන් වෙත ලබාදුන් ප්‍රශස්ත මට්ටමේ සෞඛ්‍ය සේවාවන් ඇගයීමට ලක් කරමින් මෙම සම්මානය ලබා දෙන ලදි.

Comments