කර්ම අවසන් වන තෙක් නිරයේ දුක් විඳින නිරි සත්ත්වයෝ | සිළුමිණ

කර්ම අවසන් වන තෙක් නිරයේ දුක් විඳින නිරි සත්ත්වයෝ

අකුසලය අවසන් වුවහොත් පමණක් නිදහස් වෙනවා

කර්මය ගෙවුණොත් ඒ සත්ත්වයා නිරයෙන් නිදහස් වී සුගතියේ උපත ලබනවා

කටු ඉඹුල් වනයේ දී කර්මය ඉවර වුණහොත් නිරයෙන් ඉවත් වෙනවා

අද අපි සාකච්ජා කරන්නේ දේව දූත සුත්‍රයේ ඉතිරි කොටස් පිළිබඳවයි. යමරජ තුමා දේවදූතයන්ගෙන් අපායගාමීන් පිළිබඳව ප්‍රශ්න ඇසීමෙන් අනතුරු නිරයේ පාලකයා ඇවිදින් නිරයේ උපන් සත්ත්වයා නිරයට අරගෙන යනවා. නිරයට අරගෙන ගිහිල්ලා ගිනිගත්ත යකඩ පොළෛාවේ බිම නිදි කරවනවා. ඉන් අනතුරුව ගිනිගත්ත යකඩ උලක් යකඩ දකුණු අතේ, වම් අතේ, වම් කකුලේ, දකුණු කකුලේ බහාලනවා. ඉන් අනතුරුව පපුව මැදත් බහාලනවා. ඉන් අනතුරුව සෙලවෙන්නට වත් බැරි ආකාරයට මේ යකඩ පොළොවට ඒ අපාය ගාමියාව සි‍රකරනවා. ඉන් අනතුරු ව අකුසල කර්ම විපාක විඳිනවා; අනතුරුව අකුසල කර්මය ගෙවී අවසන් වුවහොත් මරණයට පත්වෙලා සුගතියක උපත ලබනවා. අකුසල කර්මය ගෙවු‍ණේ නැතිනම් මරණයට පත්වෙන්නේ නැහැ. එසේ අවුරුදු සිය ගණනක් දුක් දී, නිරය පාලකයෝ මේ සත්ත්වයා ගිනිගත්ත යකඩ පොළොවේ නිදි කරවනවා. නිදි කරවලා කුඩා පොරවකින් රහින්න පටන් ගන්නවා. ඉතින් ඇඟ රහින කොට මස් ගැලවී ගියත් නැවත් නැවත මස් තිබුණා වගේ සකස් වෙනවා; නැවත නැවත රහිනවා. මේ දඩුවම අවුරුදු සිය ගණනක් කරනවා. අකුසලය ගෙවුණු පසු මරණයට පත් වෙනවා. අකුසල කර්මයට පත් නොවුණොත් මහ දුක් පිඩාවෙට පත් වෙනවා. ඒ දඬුවම අවුරුදු සිය ගණනක් ලබා දෙනවා. ඉන් පසු ගිනි ගත්ත යකඩ පොළොවේ නිදි කරවා, වෑයකින් රැසීම කියන දඩුමම ලබා දෙනවා; වෑයකින් රහින කොටත් රැහලා දාන දාන මස් පිඩු වර්ධනය වෙනවා. ඒ හේතුවෙන් ඒ සත්ත්වයා මහා දුක් වේදනා විඳිනවා. අකුසල කර්මය ගෙවුණු පසු දෙව් ලොව හෝ බඹ ලොව උපත ලබනවා. වෑයකින් රැසිමේ දඩුවම අවසන් වීමෙන් පසු ව කර්මය ගෙවී ගියහොත් දෙව්ලොව හෝ මනු ලොව උපත ලබනවා. නැතිනම් ඉන් පසුව නිරයේ පාලකයන් විසින් ගිනිගත්ත රථයක තබනවා; ‍නිරය පාලකයෝ රථයක නැඟලා ගිනිගත්ත යකඩ පොළොවේ මේ රථය ඇදගෙන යන්න කියලා අර නිරි සත්ත්වයාට කියනවා. නිරි සත්ත්වයාට පිච්චෙමින් ‍ගිනිගත්ත පොළොවේ ඒ රථය ඇදගෙන යමින් දුක් විඳින්න වෙනවා.

ඒ මහ දුකත් අවුරුදු සිය ගණනක් ලබා දීමෙන් අනතුරුව නිරය පාලකයන් විසින් ඒ සත්ත්වයා අරන් යනවා, අඟරු පර්වතය අසලට. අඟරු පර්වතය කියන්නේ ගිනි අඟුරු පර්වතයක්. ඒ ගිනි අඟරු පර්වත‍යේ ගිනි අඟරු ගිනි අරගෙන අධික ලෙස දුම් දමනවා. ඒ ගිනි අඟරු පර්වතයේ ඉහළ පහළ ගමන් කරවනවා; ඒ අඟරු පර්වතයේ මහා දුක් විඳිනවා; අකුසලය අවසන් වුවහොත් පමණක් නිදහස් වෙනවා. අකුසලය අවසන් වුවායින් පසුව අවුරුදු සිය ගණනකින් පසුව මේ දඬුවම ලබාදෙනවා. අකුසලය අවසන් වුවහොත් එතැනින් නිදහස් වෙනවා. නැතිනම් එතැනින් නිදහස් කරගෙන ලෝකුඹු නිරයට රැගෙන යනවා. ලෝකුඹු නිරය කියන්නේ ලෝදිය හැළියක හැඩයක් තියන නිරයක්. එහි ලෝදිය හැළියක් උණු වෙමිනුයි තියෙන්නේ; ඒ ලෝදිය හැළියක් වගේ තියන ලෝකුඹු නිරයට දැම්මාම ඒ සත්ත්වයා ඒ නිරයේ පහළට ගමන් කරනවා, ඒ පහළ ට ගමන් කරන්න ට අවුරුදු තිස් පන්දහසක් ගත වෙනවා. ඒ වගේම නැවතත් ඉහළට ගමන් කරනවා; ඒවගේම හරස් අතට ගමන් කරනවා; හරස් අතට ගමන්කරන්නටත් අවුරුදු තිස්පන්දහසක් ගතවෙනවා; මේ වගේ බොහෝ බොහෝ කාලයක් වද හිංසා ලබාදෙන අතර කර්මය ගෙවුණොත් ඒ සත්ත්වයා නිරයෙන් නිදහස් වී සුගතියේ උපත ලබනවා. ඒ විදිහට නිරයෙන් නිදහස් නොවුණහොත් නිරය පාලකයෝ ඔහු අරගෙන ගොස් මහ නිරයක දානවා. මහා නිරය පිළිබඳව දේවධූත සූත්‍රයේ සදහන් වෙනවා.

මහ නිරයේ දොරටු හතරක් තියනවා. යකඩ ප්‍රාකාරවලින් වට වෙලා තියනවා; ඒ යකඩ ප්‍රාකාරවලින් එකක් යොදුන් නවයක් දිගින් යුක්තයි. යකඩ පොළොවක් තියනවා ඒ යකඩ පොළව ද ඒ පමණම ඝන කමින් යුක්තයි. ඒ යකඩ පොළවෙන් නැඟෙන ගිනි ජාලාවන් යොදුන් සියයක් උසට ගමන් කරලා යකඩ පියන වෙත ගමන් කරනවා. සෑම බිත්තියකින් ම හටගන්නා ගිනිජාලා ඉදිරිපස බිත්තියේ හැපීම මේ නිරයේ ස්වභාවයයි. මහ නිරය කියල හඳුන්වන්නේ බිත්ති හතරකින් නැඟෙන ගිනිජාලාවකින් ද පොළොවෙන් නැඟෙන ගිනි ජාලාවන්ගෙන් ද පියනින් පහළට ගමන්කරන ගිනිජාලාවකින් ද යුක්ත වන මහා ගිනිජාලාවන් හයකින් යුක්ත එකක්. එහි උපන් සත්ත්වයා මේ සා විශාල ගිනි ජාලාවකින් දැවෙමින් අනන්ත අප්‍රමා‍ණ දුක් විඳිනවා‍. බොහෝ කාලයකින් පසුව මහ නිරයේ ‍නැඟෙ‍ෙහිර දොරටුව ඇරෙනවා. ඉන්පසු නිරයේ සත්ත්වයන් ජවයකින් යුතුව දොරටුව සමීපයට දුවගෙන යනවා. එසේ දොරටු සමීපයට දුවන විට ශරීරය සමේ සිට ඇට දක්වා පිළිස්සෙනවා. ඇට පිච්චී ඇට මිදුළුවලින් දුම් දමන්නට පටන් ගන්නවා. අවුරුදු දහසක් පමණ යනවා දොරටුව සමීපයට යන්න. කොච්චර වේගයෙන් දුව ගියත් වැඩිදුරක් යන්නට ලැබෙන්නේ නැහැ. මේ අනුව පැහැදිලි නිරයේ දිග යොදුන් සියයක් වෙනවා. යොදුන් සියයක් දුවන්නට මේ සත්ත්වයන්‍ට අවුරුදු දහස් ගණනක් ගත වෙනවා. දොරටුව සමීපයට යනවිට දොරටු ව වැසෙනවා. දොරටුව වැසුණු පසු නිරයේ පාලකයෝ පෙර සඳහන් කරපු ආකාරයට පංච විධ වධ බන්ධන ලබා දෙනවා. පංච විධ විධ බන්ධන ලබා දෙනවා. ඉන් අනතුරුව නැඟෙන හිර ද්වාර දොරටුව ඇරෙනවා. නැඟෙනහිර දොරටුව සමීපයේ සිටින සත්ත්වයා නැවතත් බටහිර දොරටුව දෙසට දුව එනවා. ඒ දුවන විටත් අර ආකාරයෙන් ම දැවෙනවා. දොරටුව ආසන්නයට පැමිණෙන පසු ‍ද්වාරය වැසී ගිය පසු නිරයේ පාලකයෝ මේ ආකාරයට වද බන්ධන වලට යළිත් ලක් කරනවා. මේ ආකාරයට උතුරු දොරටුවත් මේ ආකාරයට ඇරෙනවා. එතැනට ආසන්න‍යේදී ද්වාරය වැසෙනවා.

මේ ආකාරයට යළිත් වද බන්ධනයන්ට ලක් වෙනවා. තවත් කලකින් දකුණු ‍ද්වාරය ඇරෙනවා. එතැනට යන්නත් වසර දහස් ගණනක් ගත වෙනවා‍. මේ ආකාරයට දුක් විඳිමින් සිටින අවස්ථාවේ නැගෙනහිර ද්වාරය ඇරෙනවා. නැගෙනහිර ද්වාරය යළිත් හැරෙනවා; ඉන් අනතුරුව නැගෙනහිර ද්වාරය ඇරුණු පසු දුවගෙන ගොස් එළියට පනිනවා. ඒ නැගෙනහිර ද්වාරය ඉදිරිපස තියෙන්නෙත් නිරයක්; එය භූත නිරය නමින් හැඳින්වෙනවා. නැගෙනහිර දොරටුව ඉදිරි‍යට යන සත්ත්වයා වලකට වැටෙන්නා සේ මේ දොරටුව අසල තියෙන නිරයට වැටෙනවා. මෙහි අසූචි මල මුත්‍ර ඇති තැනක්; උණුවෙමින් පවතින අසූචි වළක් බඳුයි. එම නිරයේ වැටී ඒ සත්ත්වය‍ා අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. යකඩ තුඩක් ඇති පනුවන් ඇවිත් මේ නිරයට වැටෙන සතුන්ව සිදුරු කරනවා. මේ සත්ත්වයන්ගේ ස‍මේ සිට ඇට මිදුළු දක්වා සිදුරු සැදෙනවා.

ඔවුන්ගේ ඇටමිදුළු අර පණුවෝ අනුභව කරනවා. අකුසල කර්මය ගෙවුණොත් මරණයට පත්වෙනවා. අකුසලය ගෙවුණේ නැතිනම් මරණයට පත් වෙන්නේ නැහැ. ඒ නිරයේ බොහෝ කාලයක දුක්විඳීමෙන් අනතුරුව නිරයේ පාලකයන් විසින් බොහෝ කාලයක් එ සත්ත්වයාව බුබ්බුල කියන නිරයට දානවා. කුක්කුල නිරයේ තියෙන්නේ උනුවෙච්ච අළු, එ් උණු අළු නිරයට දැම්මා ම උනු අළුවල එරෙමින් පිච්චෙමින් මහ වේදනාවට පත්වෙනවා. කර්මය ගෙවුණොත් මේ නිරයෙන් ‍මිදෙනවා; එසේ ‍කර්මය ගෙවී අවසන් නොවුණොත් සිම්බල කියන නිරයේ උපත ලබනවා. සිම්බල වන කියන නිරය සොළොස් අගුල් උස කටු පඳුරු වලින් යුක්තයි; කටුපඳුරු වලින් යුක්තයි. නිරයේ පාලකයන් මේ කටු ඉඹුල් වනාන්ත‍රයේ උඩට නග්ගනවා; මේ කටුපඳුරු නිරය ගාමියාගේ අ‍ැගේ අැනෙනවා. කටු ඉඹුල් පර්වතයේ සිට උඩ සිට පහළට නිරය ගාමියා බස්සවනවා. ඒ හේතුවෙන් මහ දුක් විඳිනවා. කටු ඉඹුල් වනයේ දී කර්මය ඉවර වුණහොත් නිරයෙන් ඉවත් වෙනවා. ඉන් අනතුරුව නිදහස් නොවුණ හොත් අසිපත්‍ර කියන නිරයට වැටෙනවා. අසිපත්‍ර කියන්නේ කඩු වැනි පත්‍ර යන තේරුමයි. කඩු වගේ කැපෙනවා ඒ නිරයේදී. නිරයට යෑමෙන් පසු සුළඟින් සෙලවෙනවා. සුළඟින් මේ නිරය ගාමියාගේ ඇගේ මේ කොළ වැදීමෙන් කන් කැපී‍ වැටෙනවා; නාස් කැපී වැටෙනවා.

මේ ආකාරයෙන් ශරිරයේ අංග කැපී වැටෙනවා. නමුත් යළිත් පෙර තිබුණ අාකාරයට ම සකස් වෙනවා. මේ අාකාරයට මේ වනයේ දුක් විඳිද්දි අකුසල කර්මය නිමා වී මරණින් පසු නිරයෙන් නිදහස් වෙනවා. අසිපත් වනයේදී අකුසල කර්මය නිමා නොවුණහොත් කරෝදිගා නදී නිරයට වැටෙනවා. මේ නිරයට දැම්මා ම උඩහට පහළට පාවෙනවා. මේ විදහට මහා දුක් වේදනාවන්ට ලක් වෙනවා. මේ වේදනා විඳින්න වෙනවා. මේ සත්ත්වයා එයින් මේ ලුණු දිය ගඟින් උඩට ගෙන ඉවුර මත තබනවා. මේ ඉවුර මත තබා අහනවා එම්බා පුරුෂය කුමක් කැමැති වේද? කියලා ස්වාමිනී කුස ගිනි කියු විට ගිනිගත් යකඩ අඩුවකින් මුඛය විවෘත කර ගිනි ගෙන දැවෙන ලෝහ ගුලි මුඛයේ බහාලනවා; ඒ ලෝහ ගුළි නිසා මුඛය පිච්චෙනවා; දිව පිච්චෙනවා; ඒ වගේ ම උගුර ‍පිච්චෙනවා; බඩවැල් පිච්චි අධෝ මාර්ගයෙන් නික්ම යනවා. ඒ හේතුවෙන් මහා දුක් වේදනාවක් විඳ‍ෙනවා නිරය‍ පාලකයෝ අහනවා එම්බා පුරුෂය කුමක් කැමැති වේද? කියල පිපාසිතයි ස්වාමිනී කියා කිව්වාම යළිත් ගිනිගත් යකඩ අඩුවකින් මුඛය විවෘත කරමින් ගිනි ගෙන දැල්වෙන ලෝදිය මුඛයේ බහලනවා.

එ් ලෝදිය නිසා ද අර ආකාරයට ශරිරය මුඛයේ සිට අධෝ මාර්ගය දක්වා පිලිස්සෙනවා. ඒ ආකාර‍යට තවත් දුක් විඳිනවා. ඒ කර්මය අවසන් වුවහොත් මරණයට පත් වෙනවා. ඉන් අනතුරුව මරණයට පත් නොවුණහොත් මහ නිරයට දමනවා. මෙයයි නිරයේ ස්වභාවය. තථාගතයන් වහන්සේ වදාළා මහණෙනී! අතීතයේ යම රජ තුමා මේ විදිහට කල්පනා කළා ලෝකයේ පාපකර්ම අකුසල කර්ම සිදු කරන සත්ත්වයෝ සිටිති; මේ සත්ත්වයෝ මහ දුක් අනුභව කරති; මමත් කවදා හෝ මනුස්ස අාත්ම භවයක් ලබා ගන්නේ නම් මා මිනිස්ලොව උපදින කාලයේ තථාගත සම්මා සම්බුදු කෙනෙක් ‍ෙලාව පහළ වී සිටියහොත් මම ඒ තථාගතයන් වහන්සේ ව ඇසුරු කරනවා. ඒ සර්වඥයන් වහන්සේ මනා කොට දේශනා කරන ලද ශ්‍රි සද්ධර්මය අවබෝධ කොට සසර දුකින් මිදෙන්නට‍ ඕන කියලා යම රජතුමා අතීතයේ කල්පනා කොට ඇති බව සර්වඥයන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

Comments