එල් බී ෆිනෑන්ස් සමාගම ස්වර්ණ ජයන්ති සැමරුමට ‘තුරු වවමු’ මෙහෙයුම ආරම්භ කරයි | සිළුමිණ

එල් බී ෆිනෑන්ස් සමාගම ස්වර්ණ ජයන්ති සැමරුමට ‘තුරු වවමු’ මෙහෙයුම ආරම්භ කරයි

මෙරට මුල්‍ය සේවා සම්පාදනයේ පුරෝගාමී සමාගමක් වන එල් බී ෆිනෑන්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකාවේ වන සංහාරය අවම කිරීම ප්‍රජා සත්කාරක වැඩසටහනක් ආරම්භ කර ඇත. ‘තුරු වවමු’ ලෙස නම් කර ඇති මෙම වැඩසටහන හරහා 2021 වසරවන විට පැළ 50,000 ක් වගාකිරීමට අපේක්ෂිතය. 2021 වසරේදී එළඹෙන එම සමාගමේ ස්වර්ණ ජයන්තිය, ශ්‍රී ලාංකේය අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත පරිසරයක් ගොඩනගමින් සැමරීම එම ව්‍යාපෘතියේ අරමුණයි. මෙම අගනා සද්කාර්යය වඩාත් ජනතාව අතරට ගෙනයාම සඳහා ‘තුරු සුවිශේෂි ජංගම දුරකථන යෙදවුම සමඟ සම්බන්ධවීමට ද එම සමාගම කටයුතු කර ඇත.

දිවයින පුරා පිහිටි පාසල්, ජාතික උද්‍යාන සහ පොදු ස්ථානවලදී දැනුවත් කිරීමේ වැඩසටහන් දියත්කිරීමටත්, පරිසරය ආරක්ෂාකිරීමේ වගකීම ප්‍රවර්ධනය කිරීමටත් සහ ඒ සඳහා ශාක වගාකිරීම සඳහා පුරවැසියන් පෙලඹවීමටත් එල් බී‍ ෆිනෑන්ස් නියෝජිතයෝ කටයුතු කරති. ප්‍රවීණ රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා සන්නාම තානාපතිවරයා වශයෙන් මෙම ව්‍යාපෘතිය සමඟ අත්වැල් බැඳගෙන සිටීම විශේෂත්වයකි.

ලෝක බැංකුවේ වාර්තාවලට අනුව පසුගිය වසර 28 ක කාලය පුරා ශ්‍රී ලංකාවේ වන ගහනය 36% සිට 29% දක්වා පහත බැස ඇත. එමෙන්ම මිහිපිට ජීවත්වන සතුන් සහ ශාක අතරින් 80% ක් දක්වා ජීවත්වන්නේ වනාන්තර තුළ බවත්, වන සංහාරය හේතුවෙන් ඔවුන් වැඩි පිරිසකට ජීවත්වීමේ අවදානමක් මතු වී ඇති බවත් පරිසර සංරක්ෂණවේදීහු පෙන්වා දෙති. තව ද වත්මන් ගෝලීය උණුසුම් වර්ධනය වීමේ ප්‍රවණතාව සඳහා බලපා ඇති ප්‍රධානත ම සාධකය වන සංහාරය බව කාලගුණ විද්‍යාඥයන්ගේ මතයයි.

එල් බී ෆිනෑන්ස් සමාගම සම්බන්ධ කරගෙන සිටින ‘තුරු’ ජංගම දුරකථන යෙදවුම මේ වන විට ගූගල් ප්ලේ සහ ඇපල් ස්ටෝර් මඟින් බාගත කරගත හැකිය. මෙම යෙදවුම බාගත කරගැනීමෙන් පසුව තමන් සිටුවන පැළය එම යෙදවුමේ ලියාපදිංචි කර ලොව පුරා පරිසර හිතකාමීන් හට දර්ශනයවන අයුරින් එම පැළවල ඡායරූප ඊට ඇතුළත් කළ හැකිය. පැළයක් සිටුවී‍මේ සද්කාර්යයට කෘතගුණ සැලකීමක් වශයෙන් එල් බී ෆිනෑන්ස් සමාගම ඔවුන් හට සිය ‘එල් බී යසඉසුරු’ ස්ථාවර තැන්පතු ගිණුම් හරහා අමතර පොලියක් පිරිනැමීමට කටයුතු කරයි. එල් බී ෆිනෑන්ස් සමාගමේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ ද සහයෝගයෙන් අම්පාර, ගාල්ල, ත්‍රීකුණාමලය, මොනරාගල, මාතර කොළඹ, කොට්ටාව ආදී ප්‍රදේශවල මේ වන විට ද පැළ 5,000 ක් පමණ සිටුවා ඇති බව සමාගම පවසයි.

“අපගේ ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු සඳහා තිරසර ප්‍රතිපත්ති වඩාත් පුළුල් ලෙස සම්බන්ධ කර ගැනීම තුළින් අප, අපගේ පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා සපුරාලන අතරම සොබාදහමේ අවශ්‍යතා ද සපුරාලීමට කටයුතු කරනවා. ශාක රෝපණය කිරීම යනු පරිසරය සඳහා ධනාත්මක බලපෑමක් කළ හැකි වඩාත් පහසුම සහ තිරසර ක්‍රමවේදයයි. ඔක්සිජන් මුදාහරිමින් ශාක වායු දුෂණය අවම කරයි. පොසිල ඉන්ධන දහනය වීම මඟින් පරිසරයට නිකුත්වන අහිතකර කාබන් උරාගන්නේ ද තුරුලතායි. අපට උරුම මනරම් සොබාදහම අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය මනා පූර්වාදර්ශයක් වනු ඇති බව අප‍ගේ විශ්වාසයයි. වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස අප අනාගත පරපුරේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා සෞඛ්‍යසම්පන්න පරිසරයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බව මැනවින් හඳුනාගෙන තිබෙනවා. එල් බී ෆිනෑන්ස් සමාගම සහ එහි ප්‍රජා සත්කාරක වැඩසටහන් අංශය මෙම ‘ තුරු වවමු’ වැඩසටහන දියත් කිරීමට තීරණය කළේ එම අරමුණ සාක්ෂාත් කරගැනීමේ අරමුණෙනි. 2021 වසරේදී එළඹෙන අපගේ ස්වර්ණ ජයන්තියවන විට පැළ 50,000 ක් මිහිකතට දායාද කිරීම මෙම වැඩසටහනේ අරමුණයි” යනුවෙන් එල් බී ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුමිත් ආධිහෙට්ටි මහතා සඳහන් කළේය.

ඡයාරූපය-සුදත් මලවීර

Comments