DHL Express සමාගමට ජයග්‍රහණ රැසක් | සිළුමිණ

DHL Express සමාගමට ජයග්‍රහණ රැසක්

ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ලොජිස්ටික් සේවා සැපයුම් සමාගමේ ශ්‍රී ලාංකේය අනුබද්ධ ආයතනය වන DHL Express ශ්‍රී ලංකා සමාගම, Great Place to Work in Sri Lanka ආයතනය විසින් සංවිධානය කරන ලද “2018 වසරේ ශ්‍රී ලංකාවේ සේවය කිරීම සඳහා සුදුසු විශිෂ්ටතම සේවා ස්ථාන 25” සම්මාන උළෙලේදී සම්මාන රැසක්ම දිනාගැනීමට සමත්විය.

මෙවර මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණේ Lanka Monthly Digest (LMD) සහ ලංකා වාණිජ මණ්ඩලය හා සහයෝගයෙනි. මෙවර සම්මාන උළෙලට සමගාමීව ක්ෂේත්‍ර 20කට අයත් ආයතන 115ක සේවකයින් 30,000ක් සමීක්ෂණයට බඳුන් කරන ලද අතර එම සමීක්ෂණය මෙවර පැවැත්වුණේ අඛණ්ඩව හය වැනි වරටය.

සම්මාන දිනාගැනීම පිළිබඳ මෙසේ විශිෂ්ටතම සේවා ස්ථාන 25 තෝරාගැනීමේදී විශ්වාසනීයත්වය, ගරුත්වය, සාධාරණත්වය, අභිමානය සහ සහෝදරත්වය වැනි ඇගැයීම් මිනුම් රැසක් දක්නට ලැබේ. DHL ශ්‍රී ලංකා සමාගමට මෙහිදී හොඳම බහුජාතික සමාගමට හිමි රන් සම්මානය සහ හොඳම මධ්‍ය පරිමාණ ව්‍යවසායට හිමි රන් සම්මානය හිමිවිය.

Comments