Mountain Dew යතුරුපැදි සමඟ ප්‍රවර්ධන වැඩසටහනක් | සිළුමිණ

Mountain Dew යතුරුපැදි සමඟ ප්‍රවර්ධන වැඩසටහනක්

අනුරාධපුරය, කුරුණෑගල සහ ගම්පහ යන නගරවල යතුරුපැදි රසිකයින් අමන්දානන්දයට පත්කරමින් ‘Day of Dares 3'0’ නමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මෙරට ජනප්‍රියතම පාන වර්ගයක් වන Mountain Dew පසුගියදා පියවර ගත්තේය. ශ්‍රී ලංකාවේ පාන වර්ග සන්නාමයක් විසින් සිදු කරන ලද දැවැන්තම පාරිභෝගික සහභාගීත්වයෙන් යුත් ප්‍රවර්ධන වැඩසටහන මෙය වීම ද කැපී පෙනිණි. ශ්‍රී ලංකාව තුළ වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින Mountain Dew යනු පෙප්සිකෝ බීම අතරට අයත් ත්‍රාසජනක ක්‍රියාකාරකම් සඳහා පරිභෝගිකයන් තුළ උනන්දුවක්, කැමැත්තක් ඇති කරවන සන්නාමයකි. මීට පෙර පැවැති වැඩසටහන්වලට වඩා පාරිභෝගිකයන්ට වැඩි අත්දැකීමක් ලබාගත හැකි අයුරින් මෙවර වැඩසටහන සාර්ථකව සංවිධානය කර තිබුණේ පෙප්සිකෝහි අලෙවි සහ වෙළෙඳ අංශවල පූර්ණ කැපවීම සමඟිනි.

අනුරාධපුර ප්‍රධාන බස් නැවතුම්පොළ, කුරුණෑගල නගර මධ්‍යය සහ ගම්පහ දුම්රිය ස්ථානය වැඩසටහන සඳහා තෝරාගෙන තිබිණි. අවට ප්‍රදේශවලින් විශාල ජනකායක් මෙම වැඩසටහන දැකගැනීමට එක්ව සිටියහ. එහිදී මෙරට සිටින දක්ෂ සහ ප්‍රමුඛතම යතුරුපැදි සංදර්ශනකරුවන් විසින් රැස්ව සිටි පිරිස අතරෙහි හුන් යතුරුපැදි ලෝලීන්ට ත්‍රාසජනක යතුරුපැදි ධාවනයේ යෙදීමට අවස්ථාව හිමිකරදුන්නේය.

ඒ පිළිබඳව අදහස් දක්වමින් වරුන් බෙවරේජස් ලංකා පුද්ගලික සමාගමේ මෙරට ප්‍රධානී අමිත් ජෝෂි මහතා මෙසේ පැවසීය. “මේ ප්‍රවර්ධන වැඩසටහන හරහා යතුරුපැදි සංදර්ශන වෙනුවෙන් අපේ සන්නාම දැක්ම සහ නැඹුරුව සියලු‍ දෙනාටම වැදගත් වන ආකාරයේ අසමසම සංයෝජනයකින් යුතුව පිරිනමන්න හැකි වුණා. මීට පෙර පැවති Day of Dares’ 1'0 සහ 2'0 වැඩසටහන්වල සාර්ථකත්වයත් සමඟින් මෙවර වැඩසටහන සංවිධානය කළේ ත්‍රාසජනක ක්‍රීඩාවල ඇඟ කිළිපොළා යන වින්දනයත්, නරඹන්නන්ගේ අපේක්ෂාවනුත් ඉහළ තලයකට ඔසවා තැබීම පිණිසයි”.

 

Comments