නවතම හඳුන්වා දුන් Samsung Galaxy S9 සහ S9+ | සිළුමිණ

නවතම හඳුන්වා දුන් Samsung Galaxy S9 සහ S9+

 Samsung Electronics සමාගම විසින් නිපදවෙන තෙක් එතරම් ම උනන්දුවෙන් බලා සිටි Samsung Galaxy S9 සහ Samsung Galaxy S9 දුරකථන දැන් ශ්‍රී ලංකාවේ දී මිල දී ගත හැකි ය. නවතම මාදිලි දෙක ඔබ ඔබගේ ස්මාට් දුරකථනයට එක් කර ගැනීමට සාම දා ප්‍රාර්ථනා කළ නමුත් කිසි දා එක් කර ගැනීමට නොහැකි වූ අංග සියල්ල ම සම්පාදනය කරමින් ජනයා ලෝකය ගැන අදහස් පළ කරන, ලෝකය බෙදාහදා ගන්නා සහ අත්දකින ආකාරය ගැන නැවත සිතා බැලීමක් කර ඇත. ඡායාරූප, වීඩියෝ රූපාවලි සහ emojiහරහා බෙදාහදා ගැනීමට, අදහස් හුවමාරු කර ගැනීමට සහ තමන් වඩාත් ප්‍රකාශයට පත් කර ගැනීමට පාරිභෝගිකයන්ට තිබෙන අවශ්‍යතාව අවබෝධ කර ගනිමින් Galaxy S9 සහ S9+ දියුණු Samsung කැමරාව තව දුරටත් නවීකරණය කර ඇත. නවෝත්පාදක මන්දාලෝක කැමරාවක් සඳහා අවශ්‍ය කරන Dual Aperture කාචයක් ද Super Slow-mo වීඩියෝ හැකියාවන්ගෙන් ද වඩාත් පෞද්ගලික ආකාරයකට කටයුතු කළ හැකි AR Emoji පහසුකමෙන් ද සමන්විත කොට නැවත සැලසුම් කර ඇති Galaxy S9 සහ S9+ ඒවා පරිහරණය කරන්නන්ට කිසි ම මොහොතක් මග නොහැරෙන බවත් එදිනෙදා ජීවිතයේ දී වීරයෙකු බවට පත් විය හැකි බවත් සහතික කරයි.

Samsung ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හන්බේ පාර්ක් මහතා මෙසේ පැවසී ය. මෙය ඡායාරූප, emojis හා වීඩියෝ අන්තර්ගතය මගින් නොකඩවා පෞද්ගලික තොරතුරු ප්‍රකාශයට පත් කෙරෙන යුගයක්. ඒ නිසයි අපි Samsung Galaxy S9 සහ S9+ මාදිලි දෙක ඉදිරිපත් කරමින් අනාගතය වෙනුවෙන් ස්මාට් දුරකථන ගැන නැවත සිතා බැලීමක් කර තිබෙන්නේ. Samsung ශ්‍රී ලංකා සමාගම මෑතක දී වසරේ සන්නාමය සඳහා පිරිනැමෙන People’s Youth Choice සම්මානය දිනා ගන්න සමත් වුණා. Samsung සන්නාමයට ශ්‍රී ලංකාවේ ජනතාව අතර තිබෙන ජනප්‍රියත්වය එන්න එන්න ම වර්ධනය වෙමින් පවතින බව ඉන් පෙනෙනවා. අපට මෙම සම්මානය දිනා ගන්න පුළුවන් වුණේ අපගේ පාරිභෝගිකයන් අප කෙරෙහි විශ්වාසයෙන් තමන්ගේ ඡන්දය පාවිච්චි කළ නිසා. මම ඒ වෙනුවෙන් අපගේ සියලූ ම පාරිභෝගිකයන්ට කෘතඥතාව පළ කර සිටිනවා. ශ්‍රී ලංකාවේ අංක 01 සන්නාමය ලෙස වෙළඳ පොළේ ප්‍රමුඛයා බවට පත්ව සිටින අපේ අරමුණ අද දවසේ තමන්ට කරන්න බැරි දේ කරන්න ශ්‍රී ලාංකිකයන් බල ගැන්වීමයි.

AKG තාක්ෂණය අනුව සුසර කරන ලද ප්‍රබල ස්ටීරියෝ ස්පීකර, Dolby Atmos සහිත ත්‍රිමාන ශ්‍රවණ තත්ත්වය සහ වඩාත් ප්‍රිය මනාප පූර්ණ KInfinity Display තත්ත්වය මගින් skaGalaxy S9 සහ S9+වැඩි දියුණු විනෝදාත්මක අත්දැකීමක් සම්පාදනය කරයි. මේවා Samsung සමාගමේ සැලසුම්කරණ උරුමයේ ප්‍රධාන අංග වේ.

ඡායාරූපය - චමින්ද නිරෝෂණ

Comments