බදු සහනයෙන් පිබිදෙන ව්‍යාපාර | සිළුමිණ

බදු සහනයෙන් පිබිදෙන ව්‍යාපාර

 වසර 2018 අයවැයෙන් රටේ පොදු ජනතාවගේ සුබසාධනයින්, සංවර්ධනයත් අපේක්ෂාවෙන් විවිධ යෝජනා ඉදිරිපත් කැරිණි. ඉන් ප්‍රධාන වනුයේ රටේ අධ්‍යාපනය, පරිසරය, කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා අංශ මුල් කොටගත් දිගුකාලීන දැක්මක් ඉදිරිපත් කර තිබීමයි.

එවන් දිගුකාලීන දැක්මක් සහිත නීල - හරිත ආර්ථිකයක් බිහිකරන අයවැය යෝජනාවලින් ජනතාවට හිමිකරවූ බදු සහන පිළිබඳව කරුණු දැක්වීමකි මේ.

බදු සහන

සූර්ය බලශක්ති භාවිතය සඳහා සහන (අයවැය යෝජනා අංක 21)

• සූර්ය බලයෙන් ක්‍රියාත්මක විදුලි ආරෝපණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා සූර්ය බල කෝෂ ඇතුළත්ව ආනයනය කරනු ලබන යන්ත්‍ර සහ උපකරණ මෙන්ම, ඒ සඳහා භාවිතා කරන බැටරි ජාතිය ගොඩනැගීමේ බද්දෙන් (NBT) සහ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන ගාස්තු (PAL) වලින් නිදහස් කෙ‍රේ.

ණය යෝජනා ක්‍රම

• බින්දු ජල වාරිමාර්ග ඇතුළත්ව කෘෂිකර්මාන්තය, කෘෂි සැකසුම්, කුකුළු පාලනය, ටින් කිරීම, වැවිලි කර්මාන්තය සහ සංචාරක කර්මාන්තයේ නියැළී තම ක්‍රියාකාරකම් සඳහා සූර්ය බල ශක්තිය යොදා ගැනීමට ආයෝජනය කරන පෞද්ගලික ව්‍යාපාර, 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාගත සමාගම්, සමූපකාර සංගම් හා ගොවි, ධීවර සංගම් සඳහා සියයට 8ක සහන පොලී අනුපාතයක් යටතේ ණය ලබා ගැනීමට හැකිවන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබේ.

දිරාපත් නොවන පොලිතීන් පරිසර හිතකාමී විකල්ප බවට පරිවර්තනය කිරීමට සහාය (අයවැය යෝජනා 23 සහ 24)

• පොලිතින් පරිසර හිතකාමී විකල්ප බවට පරිවර්තනය කිරීමට සුළු හා මධ්‍යම පරිමාණයේ පොලිතීන් නිෂ්පාදකයින් විසින් සිදුකරන ආයෝජන පිරිවැයෙන් සියයට 50ක් රජය විසින් දරනු ඇත.

• කෙසෙල් පට්ටා, තාල වර්ගයේ පත්‍ර, කොහු කෙඳි සහ උණ වැනි දිරාපත්වන අමුද්‍රව්‍ය යොදාගනිමින් මලු සහ ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා දේශීය ව්‍යාපාරිකයින් උනන්දුකිරීම පිණිස සහනදායී හරිත ණය යෝජනා ක්‍රමයක් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් හඳුන්වා දෙනු ලැබේ.

“පවිත්‍ර ගංගා” ප්‍රවේශය (අයවැය යෝජනා 32 සහ 45)

දැනටමත් කැලණි ගඟට, කලපු සහ ගංගා මෝය වලට අපද්‍රව්‍ය බැහැර කරන සමාගම්වලට.

• මෙම ජලාශ්‍රිත ප්‍රදේශවලට මුලුමනින්ම අපද්‍රව්‍ය බැහැරකිරීම නවත්වාලීම සහතික කිරීමට ඉවහල්වන තාක්ෂණයන්හි ඉදිරි වසර 5 තුළ ආයෝජනය කරන සමාගම්වලට උදව් කරනු ඇත.

• සියයට 6 -8 ක් අතර වූ සහනදායී පොලී අනුපාතයක් යටතේ “ඊ - ප්‍රන්ඩිස්” ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාගැනීමට සුදුසුකම් ලබනවා ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් අදාළ රෙගුලාසි නිකුත් කරනඅතර මෙම ක්‍රියාවලිය දැඩිලෙස අධීක්ෂණය කරනු ඇත.

සුළු හා මධ්‍යම පරිමාණයේ සමාගම්වලට උපකාර කිරීම, (අයවැය යෝජනා අංක 77 – 80)

අවම වශයෙන් කොටස් හිමියන් 10 දෙනෙකුගෙන් සමන්විත, සහ අවම වශයෙන් එක් කොටස් හිමියෙකු රුපියල් 10,000ක ස්කන්ධ ප්‍රාග්ධනයක් යොදමින් 2007 අංක 7 දරන සමාගම් පණත අනුව ස්ථාපිත කරනු ලබන සමාගම්, සුළු හා මධ්‍යම පරිමාණ සමාගම් ලෙස සලකනු ලැබේ.

මෙම සමාගම් කෘෂිකාර්මික අංශයේ සහ ඇඟලුම් හා තොරතුරු තාක්ෂණ අංශයන්හි ව්‍යාපාර කටයුතුවල යෙදෙනු ඇත.

රජය විසින් සපයනු ලබන සහායන් අතර පහත සඳහන් දෑ ඇතුළත් වේ.

• ගබඩා පහසුකම්, බීජ සහ පැළ සිටුවීමේ උපකරණ, වල් මර්ධන උපකරණ, බෝට්ටු, මාළු දැල් ආදී පහසුකම් සහ උපකරණ ලබාදීම.

• මෙබඳු යන්ත්‍රසූත්‍ර මිලදී ගැනීම සඳහා මෙම සමාගම්වලට රාජ්‍ය බැංකු මඟින් ලබාදෙන කල්බදු පහසුකම් තවදුරටත් දීර්ඝ කිරීම.

• මෙසේ මිලදීගන්නා උපකරණ හා පහසුකම් සඳහා රාජ්‍ය බැංකු වෙත වගකීම් බාරගන්නා ලිපියක් හෝ ඇපකරයක් ලබාදීම සහ කල්බදු කාල සීමාව තුළ සමාගම වෙනුවෙන් කල්බදු පිරිවැයෙන් අවම වශයෙන් සියයට 75ක් දැරීම.

• මෙම සමාගම්වලට ද “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාගැනීමට අවස්ථාව සලසා දීම.

• සමාගම් ස්ථාපිත කිරීමට තාක්ෂණික සහාය ලබාදීමටත්, ගිණුම් පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාමට, මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා පෞද්ගලික අංශයේ උපදේශකයන්ගේ සේවා ලබාදෙනු ඇත. මෙම ක්‍රමය යටතේ පිහිටුවනු ලබන සෑම සමාගමකටම උපදේශන සමාගමක සේවය ලැබෙන අතර, මාස 36ක කාලයක් සඳහා ලබාගන්නා මෙම උපදේශන සේවා සඳහා වන පිරිවැය මුළුමනින්ම රජය විසින් දරන අතර, තවත් මාස 24ක කාලයක් සඳහා අදාළ පිරිවැයෙන් සියයට 50ක් රජය විසින් දරනු ඇත. මෙම සමාගම්වල කාර්ය සාධනය මත පදනම් වන දිරි දීමනා ක්‍රමයක් මෙම උපදේශකයන් සඳහා ද හඳුන්වා දෙනු ලැබේ.

• කුලී සින්නක්කර, කල්බදු වාරික සහ පෙලී සහනාධාර රජය විසින් දරනු ඇත.

රජය විසින් සපයනු ලබන මෙම පහසුකම් ප්‍රමාණය, කාන්තාවන් විසින් පාලනය කරනු ලබන සමාගම් සඳහා අදාළ සම්මත මට්ටමට වඩා සියයට 10ක් වැඩිපුර ලබාදේ.

ඉහත ‍සඳහන් පහසුකම් වෙනස්වූ හැකියාවන් සහිත පුද්ගලයින් විසින් පාලනය කරනු ලබන සමාගම් සඳහා අදාල සම්මත මට්ටම වඩා සියයට 15ක් වැඩිපුර ලබාදේ.

තාක්ෂණික හා දැනුවත්භාවය හුවමාරු කිරීම භාණ්ඩ හා සේවා ඇසුරුම් හා අලවිකරණය වැනි මූල්‍යය සහ මූල්‍ය නොවන සහායන්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් සහාය සැපයීම සහ සම්බන්ධීකරණය කරනු ලබයි. අලුතින් ආරම්භ කරනු ලබන සමාගම්වලට සහායවීම සහ නවෝත්පාදන සංස්කෘතිය (අයවැය යෝජනා අංක 81 සිට 84)

“ඇරඹුම” ණය යෝජනා ක්‍රමය

• ජීව්‍ය ව්‍යාපාර අදහස් ඇති විශ්වවිද්‍යාල උපාධිධාරීන් මෙම “ඇරඹුම” ණය පහසුකම් සඳහා සුදුසුකම් ලබයි.

• උපරිම ණය සීමාව එක අදහසකට එක් පුද්ගලයෙකුට රුපියල් මිලියන 1.5ක් වේ.

• ණය සඳහා සියයට 100ක පොලී සහනාධාරයක් රජය විසින් ලබාදෙන අතර ණය පහසු ගෙවීම රජයේ ඇපකරයක් මඟින් මුළුමනින් සුරක්ෂිත කරනු ලැබේ.

“තොරතුරු තාක්ෂණ මූලාරම්භය”

• වසර 3ක් සඳහා රුපියල් බිලියන 3ක් වෙන්කිරීම මඟින් රජය විසින් තොරතුරු තාක්ෂණ මූලාරම්භයන් මූල්‍යනය කරනු ඇත.

• මෙම මූලාරම්භය මඟින් ප්‍රධාන ස්කන්ධ ප්‍රාග්ධන ආයෝජන, ණය පහසුකම් උපදේශනය, තාක්ෂණ සහායන් යනාදී මූල්‍ය හා මුල්‍ය නොවන සහාය පහත සඳහන් කරුණු සඳහා ලබාදෙනු ඇත.

• අලුතින් ආරම්භ කරන දේශීය ව්‍යාපාර

• අලුතින් ආරම්භ කරන විදේශීය ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීම

• වාර්ෂික පිරිවැටුම් ඇමරිකානු ඩොලර් මිලියන 2 සිට‍ 3 සහිත සුළු හා මධ්‍යම පරිමාණයේ තොරතුරු තාක්ෂණ සමාගම්වලට ඉදිරි වර්ෂ 3 දී ඔවුන්ගේ ආදායම දෙගුණ කිරීම සඳහා

• දේශීය ‍විශ්වවිද්‍යාල සමඟ ඒකාබද්ධව දක්ෂතා සහ දැනුම අත්කර ගැනීම සහ වර්ධනය සඳහා Incubator ස්ථාපිත කිරිමට උදව් කිරීම මඟින් සවිබල ගැන්වීමේ පරිසරයක් නිර්මාණය කිරීම.

• රජය විසින් කර්මාන්ත සහ විශ්වවිද්‍යාල අතර පහත සඟඳහන් ආකාරයෙන් ඵලදායී සම්බන්ධයක් සඳහා පහසුකම් සපයනු ඇත.

• තොරතුරු තාක්ෂණ කර්මාන්තයට කොළඹ විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය හෝ SLIT සමඟ එක්ව ඉල්ලුමට සරිලන ආකරයෙන් කුසලතා අත්පත් කර ගැනීම සහ වර්ධනය කර ගැනීමට හැකිවන පරිදි, උදාහරණයක් ලෙස තොරතුරු තාක්ෂණ සමාගමකට තම සේවකයන්, විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයන් ඇතුළු සේවකයන්, නොවන පුද්ගලයන් විසින් හදාරනු සඳහා පුහුණුවීම ලබාදීමට අවශ්‍ය වන්නේ නම් එම සමාගම් විසින් මෙම විශ්වවිද්‍යාල සමඟ එක්ව අවශ්‍ය පාඨමාලා සැලසුම් කළ හැකිය. “තොරතුරු තාක්ෂණ මූලාරම්භය” විසින් මෙම වියදමින් කොටසක් දරනු ලබන අතර අදාළ සමාගම විසින් ඉතිරි මුදල දරනු ලැබයි. එබඳු පුහුණුලාභීන් පාඨමාලාව සාර්ථකව නිමාකිරීමෙන් පසු, ‍ එම සමාගම්වල සේවයේ නියුක්ත කරනු ඇත.

• මෙම වැඩසටහන, අපනයන සංවර්ධන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක වන අතර අත්දැකීම් සහිත පෞද්ගලික අංශයේ වෘත්තිකයන්, ආයෝජකයන් සහ ව්‍යවසායකයන්ගෙන් සැඳුම්ලත් කළමනාකරණ මණ්ඩලයකින් පාලනය වනු ඇත.

• විශ්වවිද්‍යාල උපාධිධාරීන් සහ (NVQ (4) සහතික ලත් උපාධිධාරීන් විසින් පීඨය ව්‍යාපාරික අදහස් වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර සඳහා ලියාපදිංචි කිරීමට අදාළ කර්මාන්ත සමඟ සම්බන්ධ කිරීම 121 වැඩසටහන ඉලක්ක කරනු ඇත. (කර්මාන්ත විසින් නව නිර්මාපකයා රැකබලාගනු ඇත.)

• රජය විසින් පහත සඳහන් වියදම් දරනු ඇත.

• මාසික වැටුප උපරිමය රු. 50,000ක සීමාවකට යටත්ව මාස 24ක කාලයක් සඳහා මාසික වැටුපෙන් සියයට 50ක් දක්වා

• ශ්‍රී ලංකාව තුළ පේටන්ට් බලපත්‍ර ලබාගැනීම සඳහා වන වියදම් සහ ඒ සඳහා උපදෙස් ලබාගැනීමේ වියදම්

අපනයන පිවිසුම් වැඩසටහන (අයවැය යොජනා අංක 88 – 92)

අප විසින් “අපනයන වෙළෙඳපොළට පිවිසීමේ උපකාරක වැඩසටහනක්” හඳුන්වා දෙන අතර එමඟින් ලබාදෙන සහාය පහත සඳහන් ලෙස ව්‍යාප්ත කරනු ඇත.

අපනයනයට අතහිත

• දැනටමත් වර්ෂයකට අපනයන වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 10කට වඩා අඩු දේශීය සමාගම්වලට

• ගෝලීය වටිනාකම් දාමයට වඩා ප්‍රශස්ත පිවිසුමක් ලබාදීමට අලුතින් අපනයන වෙළෙඳපළට පිවිසීමට විභවයක් අැති ආයතනයන්ට.

මෙම වැඩසටහන මඟින් උපකාර කරනු ලබන්නේ

• විදේශයන්හිදී දරන රක්ෂණ සහ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ වියදම්, බුද්ධිමය දේපළ ලියාපදිංචි කිරීමේ වියදම්, නොමිලේ ලබාදෙන නියදි සඳහා වන වියදම් ඇතුළු නීතිරීතිවලට අනුකූල වීමේ වියදම් ආවරණය කිරීමට.

• මාස 36ක කාලසීමාවක් සඳහා විදේශීය වෙළඳපළට ළඟාවන දේශීය වෙළඳ භාණ්ඩ සඳහා කුලී වියදම් මුළුමනින්ම හෝ කොටසක් පියවා ගැනීම සඳහා.

අපනයන වෙළඳපළ ප්‍රමිතීන්වලට අනුකූල වීම සඳහා පවතින නිෂ්පාදන දියුණු කිරීමට හෝ අලුත් නිෂ්පාදන ඇති කිරීමට අපනයනකරුවන්ට නිෂ්පාදන සහාය සහ මූල්‍යමය ආධාර “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” ණය වැඩසටහන අපනයන සංවර්ධන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ඇත.

සංචාරක ව්‍යාපාරයට සහාය (අයවැය යෝජනා අංක 126)

Homestay වැඩසටහන

• ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නිවාස හිමියන්ට, ඔවුන්ගේ නිවාස Homestay වැඩසටහනක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රමිතීන්ට අනුගත වීම වෙනුවෙන් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබේ.

• ආපසු ගෙවීමේ කාලය වසර 10ක් සහිතව, සියයට 6ක පොලී අනුපාතයක් යටතේ එක් අයකුට උපරිමය රුපියල් මිලියන 5 දක්වා මෙම යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබාදේ.

රැකී රක්ෂා සඳහා සූදානම් කිරීමේ අරමුදල (අයවැය යෝජනා අංක 153)

“රැකී රක්ෂා සූදානම් කිරීමේ අරමුදලක්” ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පිහිටුවන අතර එය ජාතික යොවුන් සේනාංකය මඟින් ක්‍රියාත්මක කෙරේ.

මෙම අරමුදල මඟින් පෞද්ගලික අංශය විසින් අපේක්ෂිත වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා අරමුදල් සපයනු ලැබේ. මෙම පාඨමාලා පෞද්ගලික අංශය සමඟ එක්ව සැලසුම් කරනු ලබන අතර මෙම පාඨමාලා පවත්වාගෙන යනු ලබන්නේ හෝටල් විද්‍යාල හෙදි විද්‍යාල වැනි ආයතනවලය.

මෙම පාඨමාලා බො‍හෝමයක් මාස 3 සිට 6 දක්වා කෙටිකාලීන වන අතර, පාඨමාලා සාර්ථකව නිම කිරීමෙන් පසුව පෞද්ගලික අංශය විසින් සේවා නියුක්තිය තහවුරු කෙරේ.

මෙම අරමුදල තවදුරටත් පහත සඳහන් කරුණුවලට ප්‍රයෝජනයට ගැනේ.

• උපරිම වශයෙන් මාස 6ක කාලසීමාවක් සඳහා වූ පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා රුපියල් 3,500ක මාසික දීමනාවක් සහ

• පුහුණු පාඨමාලා ගාස්තුව මුළුමනින්ම හෝ කොටස් වශයෙන් දැරීමට

මාස 6ක කාල සීමාවක් සඳහා සේවකයෙකුට මසකට රුපියල් 6,000 වැටුපක් රජය විසින්ද සේව්‍යයන් විසින් රුපියල් 10,000ක් ද, ගෙවන පරිදි සාර්ථකව පාඨමාලා නිමකරන තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමට පෞද්ගලික අංශය උනන්දු කෙරේ.

මධ්‍යම ආදායම් ලාභීන්ට නිවාස හිමියකු වීම සඳහා ලබාදෙන සහාය (අයවැය යෝජනා 220)

ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ‍පළමු වතාවට මධ්‍යම ආදායම් හිමියන්ට සහනදායී ණය ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබේ.

පහත සඳහන් කොන්දේසි මේ සම්බන්ධයෙන් බලපැවැත්වේ.

• උපරිම ණය සීමාව රුපියල් මිලියන 5 කි

• වාර්ෂික පොලී අනුපාතය සියයට 7කි

• ආපසු ගෙවීම කාලය වසර 7 කි

ජයසිරි මුණසිංහ

Comments