වායුසමීකරණ තාක්ෂණය භාවිතයෙන් උසස්ම තේ | සිළුමිණ

වායුසමීකරණ තාක්ෂණය භාවිතයෙන් උසස්ම තේ

වායුසමීකරණ තාක්ෂණය භාවිතකර තේ නිෂ්පාදනය කිරීමේදී තේ වල උසස්ම රසය, ගුණය, සුවඳ මෙන්ම තේ කොළ වල ගැබ් වී ඇති ප්‍රධාන රසායනික සංඝටක විනාශ නොවී එලෙසින්ම රැකදේ. මේ ක්‍රමවේදයේදී අඹරාගත් තේ දලු පාරම්පරික ක්‍රමවේදයේදී මෙන් අධික උෂ්ණත්වයට භාජනය නොවේ. තේ කොළ පිච්චීමකට භාජනය නොවේ. අඹරාගත් තේ දලු සෙන්ටිග්‍රේඩ් අංශක 55 ක පමණ උෂ්ණත්ව පරාසයකදී විජලනයට ලක් කෙරේ. මේ නිසා තේ වල ඇති ප්‍රතිඔක්සිකාරක ඖෂධීය ගුණයන් ද ආරක්ෂා වේ. තවද මෙම ක්‍රියාවලිය සිදුවන්නේ සංවෘත පද්ධතියක නිසා තේ කොළ වල ගැබ්ව ඇති වාෂ්පශීලි රසායනිකයන් ද ඉවත් නොවේ.

තේ කොළ වල අන්තර්ගතව ඇති වටිනා රසායනික සංයෝග සමහරක් මෙසේය.

* Flavanols

* Epigallocatechin gallate

* Epicatechin gallate

* Epigallo catechin

* Epicatechin

* Catechin

* Gallocatechin

* Flavonols and flavonol glycosides

* Leuco anthocyanins

* Polyphenolic acids and depsides

පහත දැක්වෙන්නේ තේ කොළ වල ඇති වටිනා එමෙන්ම ඉතා සංවේදී රසායනික සංඝටක උෂ්ණත්වයේදී විනාශයට පත්වන ආකාරයයි. තේ වල රසය, සුවඳ හා සෞඛ්‍යාරක්ෂක ගුණාංග මේ සංඝටකවල රැඳී පවතී,

Compound Flavor Flash Point Traditional

Linalool, Linalool oxide Sweet 55 0C

Geraniol, Phenyl acetaldehyde Floral 87 0C

Nerolidol, Benzaldehyde, Methyl Salicylate Fruity 96 0C

Phenyl ethanol

Trans-2-Hexenal, n-Hexanal,

Cis-3-Hexenol, Grassy, b-lonone Fresh Flavor 96 0C

Tea drying temp. is 110 0C-1200C

ඉහත සඳහන් සටහන දෙස බැලීමේදී අවබෝධවන්නේ සාම්ප්‍රදායික දර උදුන් භාවිත කරන ක්‍රමවේදයේදී තේ දළු වියළීමට භාජනය කෙරෙන අධික උෂ්ණත්ව පරාසය තුළදීි මිල කළ නොහැකි ඉතා වටිනා සංවේදී රසායනික සංඝටක විනාශයට පත් වන ආකාරයයි.

එහෙත් වායුසමීකරණ තාක්ෂණය භාවිත කිරීමෙන් මෙලෙස ඉහළ උෂ්ණත්වයට භාජනය නොවන නිසා තේ කොළ වල ඇති වටිනා රසායනික සංඝටක විනාශ නොවී රැකගත හැකි බව වටහාගත හැක. එහෙයින් වායුසමීකරණ තාක්ෂණය ආශ්‍රිතව නිපදවාගත් තේ වලින් උසස්ම රසයක් හා ඉහළ සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් අත්කරගත හැකි බව මනාව වැටහී යනු ඇත.

තේ පානය කිරීමෙන් ලැබිය හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ

* මුඛ සෞඛ්‍ය සඳහා - තේ පිළිබඳව සෞඛ්‍ය හා පර්යේෂණ ආයතනය මඟින් සිදුකළ අධ්‍යයනයකින් තහවුරු කොට ඇත්තේ මුඛයේ වර්ධනය වන බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරීත්වය මර්දනය කිරීමටත්, විනාශ කිරීමටත් තේවල අඩංගුව ඇති පොලිෆීනෝල්ස් නම් සංයෝගය ප්‍රධාන වශයෙන් ක්‍රියාකරන බවයි.

මෙයින් මුඛයේ වර්ධනය වන බැක්ටීරියාවන් වලින් ශ්‍රාවය කරන විවිධ එන්සයිම නිසා දත්වලට පමුණුවන හානිය වළක්වා දීප්තිමත් දත් දෙපළක් ඔබට හිමි කර දේ.

* මනා හෘද ක්‍රියාකාරීත්වය සඳහා - 2009 වසරේදී අරාබි ජාතික පර්යේෂණයකින් පෙන්වා දී ඇත්තේ හෘදයාබාධයන් වළක්වා ගැනීමට දිනකට තේ ‍කෝප්ප 3ක් හෝ ඊට වැඩි ගණනක් පානය කිරීමෙන් තේ කෝප්ප 1ක් පානය කරන අයට වඩා 21%කින් හෘද ආබාධයන් වළක්වා ගැනීමට හැකි බවිය.

* ප්‍රතිඔක්සිකාරක ගුණාංග - තේ වල අඩංගුව ඇති ඉහළ පොලිෆීනෝල්ස් හා ප්‍රතිඔක්සිකාරක රසායනිකයන් නිසා දුම්කොළ හා විෂ රසායනිකයන් ගෙන් DNA අණු වලට සිදුවන හානිය වැළකේ. තේ වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණාංග පළතුරු හා එළවළු වල ඇති ප්‍රතිඔක්සිකාරක වලට වඩා වෙනස් ගුණාංග පෙන්නුම් කරන නිසාවෙන් සෞඛ්‍යදායක දිවි පෙවෙතකට ‍වටිනා මෙහෙවරක් මෙමඟින් ඉටුකරයි.

* පිළිකා නාශක ගුණාංග - පොලිෆී‍නෝල් හා කැටෙචින් වැනි ප්‍රතිඔක්සිකාරක රසායනිකයන් මඟින් සමහර පිළිකා වර්ග වැලඳීමට ඇති ඉඩ පාලනය කරන බව පර්යේෂණ මඟින් සොයාගෙන ඇත. එමෙන්ම කාන්තාවන්ගේ ඩිම්බකෝෂ ආශ්‍රිතව වැල‍ඳෙන පිළිකා හැකියාව අඩු කිරීමට තේ පානය වැදගත් වන බවද පර්යේෂණ වලින් තහවුරු වී ඇත.

* නීරෝගි අස්ථි පද්ධතියක් සඳහා - නිරන්තරයෙන් තේ පානය කරන්නන්ගේ අස්ථි පද්ධතිය අන් අයට වඩා ශක්තිමත් බවත්, ආතරයිටීස් වැනි රෝගාබාධ වැලඳිය හැකි ප්‍රතිශතය ඉතාම අඩු බවත් තහවුරු වී ඇත.

* දියවැඩියා අවධානම - දීර්ඝ කාලයක් දිනකට තේ කෝප්ප දෙක තුනක් පානය කරන අයහට II ගණයේ දියවැඩියාව වැලඳිය හැකි අවදානම 70%කින් අඩු වන බව තහවුරු වී ඇත.

* ආතතිය දුරුවීම - තේ වල අඩංගුව ඇති L - තියැනින් නම් වූ ඇමයිනෝ අම්ල නිසා විඩාව හා කාන්සිය දුරුකොට මනසට සැහැල්ලු බවක් ඇති කරන බවත් මානසික ඒකාග්‍රතාවය හා සංහිඳියාව ඇති කරගැනීමට උදවු වන බවත් සොයාගෙන ඇත.

* මනා ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සඳහා - තේ වල අඩංගු ටැනින්ස් නම් රසායනිකය මඟින් වයිරස් වලට විරුද්ධව ක්‍රියාකිරීමේ ශක්තිය ඇත. එමෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව වෛරසයෙන් අප ආරක්ෂා කිරීමට හා විවිධ වෛරස් ආසාදනවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති කරන බව තහවුරුව ඇත.

* නීරෝගි ජීර්ණ ක්‍රියාවලියක් සඳහා - අප ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මහා ක්‍රියාකාරීත්වයට ඉටුවන විශාල මෙහෙවරට අමතරව ටැනින්ස් රසායනිකය මඟින් ආහාර ජීර්ණ ක්‍රියාවලිය මනා ලෙස සක්‍රීය කරන බවද සොයාගෙන ඇත.

එහෙත් සාම්ප්‍රදායික ලෙස දර උඳුන් මාර්ගයෙන් වියළන ලද තේ කොළවල මෙම ගුණාංගයන් දැඩි උෂ්ණත්වය නිසා විනාශ වේ.

එවැනි තේ පානය කිරීමෙන් ඔබට මෙම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාගැනීමට නොහැක. එසේ නම් ඒ සඳහා වායුසමීකරණ තාක්ෂණය ආශ්‍රිතව නිෂ්පාදනය කළ Virgin Tea පමණක්ම පානය කිරීම වඩා සුදුසු බව ඔබට වැටහී යනු ඇත.

චන්ද්‍රලාල් ජයතිලක

Comments