Home » අපරාධකරුවන් මහජන නියෝජිතයන් කිරීම ගැන ජවිපෙ වගකිව යුතුයි

අපරාධකරුවන් මහජන නියෝජිතයන් කිරීම ගැන ජවිපෙ වගකිව යුතුයි

- එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

by sachintha
April 20, 2024 12:30 am 0 comment

ජනතා විමුක්ති පෙරමුණ සහරාන්ගේ මිනීමරු කල්ලිය හා සබඳතා පැවැත්වූ බව ප්‍රසිද්ධ කරුණක් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සිළුමිණට කීය.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සිටි ඊබ්‍රාභීම්ගේ, පුතුන් දෙදෙනා ද එම ඝාතනවලට වග කිව යුතු බව පෙන්වා දුන් ඔහු පැවසුවේ එවැනි අපරාධකාර පවුලක සාමාජිකයෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙන එන්නට ක්‍රියා කිරීමට හේතු සාධක ඔවුන් පැවැසිය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය. ‘‘ පාස්කු ප්‍රහාරයෙන් 273 ක් ජීවිතක්ෂයට පත්වුණා. පන්සියයකට වැඩි පිරිසක් තුවාල ලබා අදත් ඉතා අපහසුවෙන් ජීවත් වෙන්නෙ. මේ ප්‍රහාරයෙන් පස්සේ රට ආර්ථික වශයෙන් ඇදගෙන වැටුණා. සංචාරක කර්මාන්තය පවා බිඳ වැටුණා.

පසුව කොවිඩ් වසංගතයත් සමඟ අහිතකර ප්‍රතිඵල වැඩි වී කෘෂිකර්මාන්තය බිඳ වැටුණා. ජනතාවට එදිනෙදා භාණ්ඩ හිඟ වුණා. රටේ ජනතාව පෝලිංවලට ගියා. පෝලිම්වල මැරී වැටුණා. දරුවන්ට පාසල් නැති වුණා. තෙල් ටිකක් ගන්න,තෙල් නැවක් ගන්න, අපට සංචිත නැතිවෙලා අපි බංකොලොත් රාජ්‍යයක් බවට පත්වුණා. ඒ අවස්ථාවත් පාවිච්චි කරමින් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුව වටලමින් එය ගිනිබත් කරන තැනට ඇද දැමීමට තරම් පහත් තත්ත්වයකට පත්වුණා. ආරක්ෂක අංශවලට ස්තුතිවන්ත වන්නට අදටත් ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ස්ථාපිත වෙලා තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ දැන් කාදිනල් වහන්සේ හමු වී කරුණු හතක් පිළිබඳව දැනුවත් කරන්නට සූදානම් වෙනවා.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division