Home » ජනපති උපන්දිනයට සමගාමීව ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ජනපති උපන්දිනයට සමගාමීව ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

by Mahesh Lakehouse
March 23, 2024 12:38 am 0 comment

මාර්තු 24 දිනට යෙදෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ජන්ම දිනයට සමගාමීව ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය පොලොන්නරුවේදී ඇරඹීමට විධි විධාන යොදා තිබේ. ඒ අනුව මාර්තු 24 වෙනිදා උදෑසන 6.00 පොලොන්නරුවේ ඓතිහාසික ගල්විහාරය අභියස කිරිපිඩු පූජාවක් පවත්වා මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 අය වැය ලේඛනයෙන් රටපුරා අබලන් වී ඇති ග්‍රාමීය මාවත් ප්‍රතිසංස්කරණය සඳහා වෙන් කළ රුපියල් කෝටි 1000ක මුදලින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරේ. ඒ අනුව ග්‍රාමීය මාර්ග රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් සහ අධිවේගී මාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහත්වරුන් විසින් පොලොන්නරුව දිස්ත්‍රිකය තුළ ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. එදින සංවර්ධනය ආරම්භ කෙරෙන මාර්ග අතර දිය බෙදුම ගබඩා හන්දියේ සිට යාය 34 මාර්ගය, අරලගන්විල සිළුමිණසෑය විහාරස්ථානයේ පිවිසුම් මාර්ගය, වෙහෙරගල කැකුළුවල මල්දෙනිය මාර්ගය, කටුවන්විල සේනපුර මාර්ගය, දිවුලන්කඩවල ධීවර ගම්මාන මාර්ගය, හිඟුරක්ගොඩ පාළුවැව මාර්ගය, යන මාර්ග වේ.

මෙම අවස්ථාවට ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සහභාගී වීමට නියමිතය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division