Home » ජනපති ඡන්ම දිනය ඉරිදා

ජනපති ඡන්ම දිනය ඉරිදා

by Mahesh Lakehouse
March 23, 2024 12:39 am 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය 24 වැනි ඉරිදාට යෙදී තිබේ. මෙරටට නිදහස ලැබීමෙන් පසු උප්පත්තිය ලබා කොළඹ රාජකීය විද්‍යාලයෙන් හා පසුව කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ එතුමා මෙරට විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලැබූ පළමු ජනාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක්ව තිබේ.

1977 වසරේ බියගම ආසනයෙන් තරග කර පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික්‍රමසිංහයන් එතැන් සිට මේ දක්වා වසර 47ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

එමෙන්ම මෙරට 6 වරක් අගමැති ධුරය දරමින් වාර්තාවක් තැබීමට සමත් වූ රනිල් වික්‍රමසිංහයන් අභි‍යෝග භාර ගැනීමට කිසිදු පැකිලීමක් නොදක්වන්නකු වන අතර පසුගිය අරගලයෙන් පසු රටේ අගමැතිකම භාර ගැනීමට සියලු පක්ෂ නායකයන් පසෙකට වී සිටියදී රට භාරගෙන ජනතා අවශ්‍යතා ඉටු කිරීමට කටයුතු කරන ලදී.

එමෙන්ම රටේ අකර්මකන්‍ය වී තිබූ නීතියේ ආදිපත්‍යය ඔහු විසින් යළි ගොඩ නඟන ලද්දේ කිසිදු නිලධාරියකු වෙනස් නොකර වීම මෙහිලා විශේෂිත වූවකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division