Home » වයස 17 දී සරසවි වරම් 
පාසල් අධ්‍යාපනය වසර 12ට සීමාවෙයි

වයස 17 දී සරසවි වරම් 

by Mahesh Lakehouse
March 23, 2024 12:40 am 0 comment

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිසුන්ගේ පාසල් කාලය වසර 12කට සීමා කර වසර 17 දී විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමේ අවස්ථාව උදාකර දීමට සූදානම් බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂඥ කමිටුව පෙන්වා දෙයි. මේ දක්වා සිසුන් පාසල් හැර යන වයස අවුරුදු 19 හෝ 20 වශයෙන් පැවති අතර එම නිසා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේදී ඔවුන්ගේ වයස අවුරුදු 21ද ඉක්මවන අවස්ථා තිබුණි.

නව ක්‍රමවේදයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2025 වසරේ සිට ක්‍රියාත්මක සෑම දරුවෙකුම වයස අවුරුදු 4 දී පෙර පාසල් අධ්‍යාපනයට ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය කෙරෙන අතර ඒ සඳහා පෙර පාසල් පද්ධතිය විධිමත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු කෙරෙනු ඇත.

නව ප්‍රතිසංස්කරණ යටතේ මෙතෙක් 6 වසර සිට 9 වසර දක්වා වූ ද්විතීය කනිෂ්ඨ ශ්‍රේණි ක්‍රමය 6 සිට 8 දක්වා වෙනස් වන අතර, 9 -10 වසර සාමාන්‍ය පෙළටත්, 11-12 වසර උසස් පෙළටත් වෙන් කෙරෙනු ඇත. ඒ අනුව වයස අවුරුදු 17 වන විට පාසල්

අධ්‍යාපනය නිම කිරීමටත් ඒ සමඟම විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමටත් අවස්ථාව හිමිවන පරිදි මේ වෙනස්කම් සිදු කිරීමට අපේක්ෂිතය. නියමු ව්‍යාපෘතියක් වශයෙන් මේ වසරේ සිට එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division