Home » Trainocate සහ BCAS Campus හවුල්කාරීත්වයකට එළැඹේ

Trainocate සහ BCAS Campus හවුල්කාරීත්වයකට එළැඹේ

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

Trainocate ආයතනය රැකියා වෙළෙඳපොළ ඉල්ලීම් සපුරාලිය හැකි තොරතුරු තාක්ෂණික වෘත්තිකයන්ගේ අවශ්‍යතා හඳුනා ගෙන BCAS Campus සමඟ Microsoft Fundamental Programs දියත් කිරීමට සූදානම් වේ. එය සාම්ප්‍රදායික ඉගෙනීම්වලින් එපිටට පැමිණ නවීන කර්මාන්ත අවශ්‍යතා සපුරාලීමට ඇති හැකියාව වෙනුවෙන් BCAS Campus විසින් ගන්නා ලද තවත් පියවරකි.

සැලකිය යුතු ලෙස ඉගැන්වීම් ප්‍රතිනිර්මාණය කිරීම සහ නව්‍යකරණය වන වෘත්තිමය වෙළෙඳපොළ ඉල්ලීම් ඵලදායි ලෙස ආමන්ත්‍රණය කිරීමට ඇති හැකියාව සතුවීම නිසා BCAS Campus ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රාජිත රණවීර විසින් මෙම වැඩපිළිවෙළ පැසසුමට ලක් කළේය.

මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස BCAS Campus විසින් Azure Fundamentals, Security Compliance and Identity Fundamentals, Fundamentals of AI සහ BIZ Apps ඇතුළුව Microsoft Fundamental පාඨමාලා සිය විෂය මාලාවට ඇතුළත් කරනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division